(රංජන් කස්තුරි)
ඩෙංගු මර්දනය කිරීම සඳහා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව මහජන ආරක්ෂක පනතට නව රෙගුලාසි එක් කෙරෙන අතර අගුළු දමා වසා දමා තිබෙන පාළු නිවාස පරීක්ෂා කිරීමට හැකිවන පරිදි නීති සකස් කෙරේ.
මීට අමතරව කොළඹ හා තදාසන්න පෙදෙස්වල අවිධිමත් ලෙස කුණු බැහැර කරන ස්ථානවලට සීසීටීවී කැමරා සවි කිරීමටත් පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමටත් නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්... නමුත් කුණු ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙලත් ඉක්මණටම ක්‍රියාවට නැංවිය යුතුයි. සියලු ජනතාවම එකාවන්ව ඩෙංගු මඩින වැඩවලට සහය විය යුතුයි. සියලු නිවෙස්වල සහ ව්‍යාපාර ස්ථාන වල තමතමන්ම තමාගේ කුණු පිරිසිදු කරගන්නේ නම් ඉතා හොඳයි. තමතමන්ගේ ස්ථාන තමන්ම නිතර පිරිසිදුව තබාගන්නේ නම් දේශපාලකයින්ට සහ රජයේ නිලධාරීන්ට ජනතාව දොස් නොනැගිය යුතුයි. ඔවුන් කලයුත්තේ ජනතාවට අවශ්‍ය පහසුකම් සලසාදීමයි. ජපානය වගේ රටවල්වල උත්සවයක් තිබුණත් අනිත් දවසේ වෙන කවුරුවත් ඕනි නෑ පිරිසිදුකරන්න. ඒත් අපේ මින්ස්සු පුරුදුවෙලා ඉන්නේ කුණු හමතැනම දමා වනසා දැමීමටයි. කතාවක් තියෙනවනේ ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිට සිට කියලා. එ්ත් අපේ සමාජ පරිහානිය එක්ක අපේ අය හිතන්නේ වැසිකිළියට ගියාට පස්සෙත් තවකෙනෙක් ඇවිත් සේදිය යුතුයි කියානේ. මිනිසුනේ දැන්වත් හැදෙන්න. නැතිනම් ඩෙංගු නෙමෙයි තව ඊට වඩා ලොකු දේවලුත් ඇවිත් අපේ ජාතිය විනාශ වෙනවා.
ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිසරය අපවිත්‍ර කර සිටින සියලුම දෙනාට හා ආයතන වල පාලකයන්ට හා ගෙහිමියන්ට රුපියල් ලක්ෂයක දඩයක් හා මස 6 වත් අනිවාර්ය සිරදඩුවම් ලබා දෙන්න. පසුගිය කාලයේ දොස්තරවරුන් පිරිසක් මේ මදුරුවන් බෝකිරීම කලබව පුවත් පත්වල පල වුණා. එවන් අවස්ථා සොයා ගතහොත් ඔවුන්ට මරණ දඩුවම අනිවාර්යෙන්ම ලබා දෙන්න ජනපතිතුමනි අප බෞද්ධ රටක් උවත් නීතියෙන් වරදකරුවන් වී රටට විශාල විනාසයක් කරන හා කල වැරදිකරුවන්ට පනවා ඇති මරණ දඩුවම ක්‍රියාවට නංවන්න. එසේ නොකර අද සිදුවන මිනිස් ඝාතන හා සමාජ විරෝධි ක්‍රියා පාලනය කල නොහැකිය. නීතිය බලාත්මක නොවීම නිසා ජනතාව ඕනෙම බරපතල වරදක් කිරීමට පසුබට නොවීමේ ප්රවනතාව වේගයෙන් වැඩිවෙමින් පවතී. තවද ලංකාව මත්ද්‍රව්‍ය ලෝකයට හසුරුවන ප්‍රධාන ස්ථානයක් බව මා මෑතක පුවත් පතක්ද දුටිමි. මේ දේවල් තදින් පාලනය නොකළහොත් ජාතියම විනාස වන දිනය අතලගටම පැමිණ ඇත
මේ පොඩි පොඩි අත් හදාබැලීම් නොකර විද්‍යානුකුලව ඩෙංගු කීටයන් බෝවෙන එක වලක්වන තාක්ෂණයක් හදුන්වාදෙන්න ආණ්ඩුව ක්‍රියා කරන්න. තමන්ගේ ගෙවල් ඉඩම් පිරිසිදු කරගන්න එක තමන්ට වගේම මේ කාරණයේදී ජාතික යුතුකමක් බව මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න අනෙක් සමාජ සත්කාරී සමාජ ජාල එකතු වෙන්න .රජයක් වශයෙන් ආණ්ඩුව ස්ථිරසාර පිලියමක් සොයන්න.