(අංජුල මහික වීරරත්න)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඩෙංගු මර්දනය පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට බාර දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) සඳහා පත්වූ නව නිලධාරී මණ්ඩලය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර අමාත්‍යාංශයේදී පැවති හමුවකදී මෙම යෝජනා මාලාව බාරදී තිබේ.

සංගමයේ සභාපති වෛද්‍ය චන්දික එපිටකඩුව හා ලේකම් වෛද්‍ය බණ්ඩාර වරකගොඩ ඇතුළු විධායක සභාවට එහිදී සුබ පැතුම් එක්කර ඇති අමාත්‍යවරයා ජනතාවට ඉහළ සෞඛ්‍ය සේවාවක් සැපයීම සඳහා අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන වැඩපිළිවෙළට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගය ඉහළින්ම අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ඩෙංගු රෝග ව්‍යාප්තිය සහ ප්‍රතිකාර කාර්යයේදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.