කහතුඩුවේ කෝරලේගම ඩෙංගු මර්දන වැඩසටහනකට ගිය බස්නාහිර පළාත් ඩෙංගු ක්ෂණික විහිදුම් බළකායේ දෙදෙනකු අද උදේ උත්සව ශාලාවකට බලෙන් ගෙනගොස් පහර දුන් බව කියන උත්සව ශාලාවේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව කියති.
උත්සව ශාලාව පිහිටි වත්තේ මදුරු කීටයන් බෝවී ඇතැයි පෙන්වාදීම නිසා හිමිකරු උරණ වී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ වැරදි වහගන්න බැරි උනාම ඔය වගේ දේවල් කරනවා අපේ රටේ මන්ත්‍රී හොරු (දී)
අනේ ඇත්තට, එක් කෙනෙක්වත් නැති හැටි මේ වගේ කරනකොට පාඩමක් උගන්වන්න? (නි)
රසික කටාර්, අමු කැවිලා තියෙන්නේ ඡන්දෙ දුන්න මිනිසුන්ට. එයාට නොවෙයි. (නි)
ඉස්සර මුදා නොගත් ප්‍රදේශ වල තිබුනෙත් මෙවැනිම තත්වයක් නේද කියල මට මතක් වුණා.(දිල්)
වී ඇටය බේරගන්න නහුතයක් කෘමිනාශක බාවිතා කරන්න අවසර තිබෙන මේ රටේ ඩෙංගු මර්දනය කළහැකි බී .ටී .ඊ බැක්ටීරියාව බාවිතා කරන්න අවසර නොදෙන එක සුබ අනාගතයක් දකින ජනතාවගේ අවාසනාව . (දී)
මේ වගේ මිනිස්සු අපේ රටේ ඉන්නකොට අපේ රට ඩෙංගු මාරයාගෙන් බේරගන්නෙ කොහොමද? මේවාට කවුද වගකියන්නෙ? (නි)
ඉතින් කොහොමද රටක් හදන්නේ? (නි)
නියමයි !(නදී)
ඊළඟ පාර ඡන්දෙ ඉල්ලන්න දැන් ඉඳලම සූදානම් වෙනවා වගෙයි. අඩුම තරමේ ඩෙංගු බලකායටවත් ප්‍රහාර එල්ල නොකළොත් සුදුසුකම් මදිවෙනවා. (නි)
මේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීලට අමු කැවිලද. (නදී)