(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල රෝහලේ පවතින ඩෙංගු අවදානම හේතුවෙන් රෝහල් පරිශ්‍රය හා ඒ අවට ඩෙංගු අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කුරුණෑගල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන හැඳගස්ගමුව මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඊට අමතරව ප්‍රතිකාර සඳහා රෝහල් කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් නොවන බැවින් අවට රෝහල්වලින් අවශ්‍ය කාර්ය මණ්ඩලය සපයා දෙන ලෙසද වෛද්‍ය හැඳගස්ගමුව මහතා ඉල්ලා ඇත. රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරයක් ද ඩෙංගු රෝගයට ගොදුරුව සිටින බැවින් රෝහලේ ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් බව ද අධ්යක්ෂවරයා සඳහන් කර සිටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙහෙත් හා දුම් ගසා මදුරුවන් පාලනය කරන්න අමාරුයි ඔය පළාතේ.... කරුණාකර රෝහල අවට හා විදුලියෙන් ක්‍රියාත්මක වන මදුරු උගුල් ස්ථාපිත කරන්න. ඒවා කොළඹ වෙළඳපලෙන් මිලදී ගත හැකියි. ඊට අමතරව සියලුම රොගීන්ට මදුරු දැල් භාවිතා කරවීමට සලස්වන්න. රෝගීන් බැලීමට පවුල් පිටින් යාමෙන් වලකින්න. එවිට තත්වය පාලනය කර ගන්න පුලුවන්....
මුළු කුරුණෑගල නගරයම වසිලිලියක් වගේ. ඒ මදිවට වයඹ පළාතේම සිසු දරු දැරියෝ දිනපතා මේ නගරයට එනවා . සමහර පාසල් තිබෙන්නේ ඔය රෝහල අවටමයි. වයඹ පළාතටම ඩෙංගු බෝවෙලා ඉතිරි උනොත් ඇති. කැකිල්ලේ රජාටවත් කියල වත්ත උඩින් මදුරුවන්ට පියාඹන්න දුන්නොත් දඩගහනවා කියල නියෝග කලොත් නරකද?