යම් ප්‍රදේශයක ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයකු මිය ගිය හොත් ඩෙංගු මදුරු කීටයන් බෝ කළ පුද්ගලයා හෝ ආයතනය විසින් වන්දි ගෙවීමට ද, මදුරු කීටයන් සහිත පරිශ්‍ර පවත්වාගෙ යන්නන්ට දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කරන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරු මර්දන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ගම්පහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයයේ දී පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා එලෙස කීවේය.
මේ වසරේ ඩෙංගු රෝගීන් 46,000ක් වාර්තා වී ඇති අතර මේ වන විට 76 දෙනකු මිය ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
නොවැම්බර් මාසයේ දී පමණක් ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේ ඉඳලා ආපු මදුරුවෙක්ද මියගිය කෙනාට විද්දේ කියලා කෙසේවත් හොයන්න බැහැ. මේකට උසාවි ගියොත් ආණ්ඩුව පරාදයි. රජය නොමිලයේ මදුරු නාශක විදිනවා සහ කැලිකසල ඇති අයට දඩ ගහනවා මිසක් මේක හරියන්නෙ නැහැ. (නි)
මිනිසුන් මර්දනය කිරීමෙන් ඩෙංගු රෝගය මැඩ පවත්වන්න බැහැ. බටහිර වෙදකමේ මෙයට තවම නිසි ප්‍රතිකාරයක් සොයා ගැනීමට බැරිවීමයි හේතුව. ඩෙංගු රෝගය මුලින් හැදෙන්නේ මිනිහාටයි. මදුරුවා වාහකයෙක් පමණයි. (බ)
පස්ස සේදීමේ බද්ද වැට් 15 % අපට දෙන්න. බලු බදු තන බදු පනවන්න.රනිල්ට රවිට ජය වේවා (බ)
තමන්ගේ නොහැකියාව, අදක්ෂකම සහ බැරිකම වහගන්න කරන උප්පරවැට්ටියක් වගෙයි. හිරිකිතයක් නැතිව අහිංසක ජනතාවට ගෙඩිය පිටින්ම කරේ තියන්න වගේ කැහැ පොට ගහන්නේ. දිරවයි ද කියල බලමු. (බ)
මොන ගොන් කතාවක්ද. ඩෙංගු මර්දනය රජයේ කර්තව්‍යක්. සාමාන්‍ය ජනතාවගේත් උපරිම දායකත්වය ඇතුව.අපි කුඩා කාලේ මදුරු කුඩු ගහන්ට සෑම ගෙදරකටම නිලධාරීන් ආවා. (බ)
දුප්පත් ජනතාවටම තමා දඩ වදින්නේ (ර)
රජයේ ඩෙංගු මර්ධන ක්‍රියාවලිය කාර්යක්ෂම කරනවා වෙනුවට මිනිසුන්ට දඩ ගැසීමෙන් පලක් නැත. කිසිවෙක් සිතා මතා මදුරුවන් බෝකරන්නේ නෑ. (බ)
දඩ ගහනවට වඩා හොද නැත්ද හොද මිනිස්සු හොයලා එයාලට 25000 ගානේ තෑගි දුන්නා නම්..(හේ)
2500.00 සහ 5000.00 ගානේ දඩ ගහලා අහිංසක මිනිසුන්ට ගෙවාගන්න විදිහක් නැතුව ඉන්නවා.මම උසාවි ගිය දවසක දැක්ක පව් එ් මිනිසුන්ට පාන් රාත්තලක් අරගෙන හැන්දෑවට ජීවත් වන මිනිසුන්ට රැ5000.00 ගෙවා ගන්න රත්තරං බඩු උගස් කරනවා.රු 25000.00 දඩ ගැහැවීවොත් කොහොම හීටීද වැරදි කරන මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන.(හේ)
මේවා රජය කරන්න ඕනේ වැඩ.(හේ)
මේවා රජයෙන් කරන්න ඕනේ වැඩ . ප්‍රතිපත්ති.(හේ)
ඩෙංගු හැදෙන්නේ මදුරැවාගෙන් කියලා 100% විශ්වාසද? මෙම රෝගී තත්වයට බෙහෙත් හොයාගන්න බැරි නිසා එය මදුරැවා ගේ පිටේ දාලා අපගේ වෛද්‍යවරැ බේරෙනවා.....උදා...රෝගියෙක් බෙහෙත් ගන්න ගිය පසු වෛද්‍ය වරයා පළමුවෙන් අසන ප්රශ්නය ඔබට දියවැඩියාව තියෙනවාද යන්නයි.....එසේ තිබේ නම් එම වෛද්‍යවරයාගේ පරික්ෂණ බෙහෙත් ලබා දිය හැකියි.....යම් හෙයකින් අසාත්මිකතාවයක් ඇති වුවහොත් දියවැඩියා ලෙඩේ ඔහුට රැකුලක් වේවි.....රජයෙන් කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොකර එසේම කාණු පද්ධති වසා ජනතාව ඉදිකිරීම් කර තිබිම මේ හේතු නිසා නොයෙකුත් ගැටලු මතු වී ඇත. (ර)
මොකක්ද මේ කෝකටත් තෛලය වගේ හැමදේටම 25000? (නි)
කොහොමද දන්නේ කොහේ ඉඳලා ආපු මදුරුවෙක්ද මියගිය කෙනාට විද්දේ කියලා (නි)