කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොල්ලූපිටිය මහානාම විදුහල අතර පැවැති ‘රන් සටන’ සමගාමීව එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී දෙවිදුහල අතර පැවති සීමිත ඕවර් කි‍්‍රකට් තරගයෙන් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 25 ක ජයක් මහානාම විදුහලට හිමිවිය.
මහානාම විදුහල් කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 196 ක් රැුස්කළේය. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඊට පිළිතුරු ලෙස ඞී. එස්. සේනානායක විදුහල් කණ්ඩායම කඩුලූ 5 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියේය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මහානාම විදුහල් කණ්ඩායමේ නයන ප‍්‍රභාත් තරගයේ වීරයාට හිමි ශූරතා කුසලානය දිනාගත්තේය. දක්ෂතම පන්දුයවන්නා ලෙස ඞී. එස්. සේනානායක කණ්ඩායමේ උවින් බණ්ඩාර සහ දක්ෂතම පිතිකරු ලෙස මහානාම කණ්ඩායමේ තනුල වික‍්‍රමසිංහ කුසලාන හිමිකරගනිද්දී ඞී. එස්. සේනානායක කණ්ඩායමේ විසල් අමුගොඩ දක්ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන ලැබීය.
මහානාම විදුහල ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 196
(දුලංජන සිල්වා 20, නවීන් සිල්වා 22, තනුල වික‍්‍රමසිංහ 38, නයන ප‍්‍රභාත් 28, උවින් බණ්ඩාර 27/3, හරිත් මධුවන්ත 25/2, ශිෆරාන් මුතාලිෆ් 19/2, සුපුන් මධුසංක 48/2)
ඞී. එස්. සේනානායක විදුහල 23.5 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 88
(උවින් බණ්ඩාර නොදැවී 39, නයන ප‍්‍රභාත් 25/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මහත්මා ඉස්කෝල. මහානාම විද්‍යාලයට සුභපැතුම්! (නි)
රණ්ඩු නැහැ නේද? බොහොම හොදයි. (නි)
පාසල් වලටත් ඒ නිතිය තියෙනවාද (දී)