ටොයෝටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකින් ප්‍රවාහනය කළ බව කියන නීති විරෝධී ලෙස නිෂ්පාදිත ස්ප්‍රීතු බෝතල් 400 ක් සමඟ පුද්ගලයකු කොච්චිකඩේ ප්‍රදේශයේදී අද අත් අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
මෙම වැටලිමේදි නිති විරෝධි ස්ප්‍රීතු බෝතල් 400 අඩංගු පොලිතින් මළු අටක් මෝටර් රථය තුළ සුක්ෂම ලෙස අසුරා කළු රෙද්දික් වසා තිබියදි සුරාබදු නිලධාරින් විසින් සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ සහ මෝටර් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ විසිපහක් පමණ වේ.
මෙම නිති විරෝධි ස්ප්‍රීතු තොගය වෙන්නප්පුව ප්‍රදේශයේ සිට ගම්පහට ප්‍ර්‍රවාහනය කරමින් සිටි බව සැකකරු සුරාබදු නිලධාරින් ඉදිරියේදි පාපොච්චාරණය කර ඇත.
සුරාබදු නිලධාරින් දින කීපයක් තිස්සේ සිදුකරන ලද විමර්ශන වල ප්‍රතිළුලයක් ලෙස දැඩි පරිශ්‍රමයක් දරා මෝටර් රථය පසු පස හඹා ගොස් මෙම වැටලිම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ භාණ්ඩ හෙට මිගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
අදින් ආරම්භ වන මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුල දිවයින පුරා නිති විරෝධි ස්ප්‍රීතු අවම කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා විසින් සුරාබදු නිලධාරින්ට ලබාදි ඇති උපදෙස් පරිදි මෙම වැටලිම සුරාබදු අපරාධ අංශය භාර නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජේ .පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහයවීම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් , සුරාබදු පරික්ෂක කේ.ඒ.යු.එල්.සෙනවිරත්න, සුරාබදු සැරයන් මේජර් එල්.බි.ගාමිණි සුරාබදු නියාමක අසංක, සුරාබදු රියදුරු රංජිත් යන නිලධාරින් විසින් සිදුකර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොඳ වැඩක් පසුගිය කාලයේ මතට තිත කිවාට තිතට මත වුණා මිසක් වැඩක් වුණේ නැහැනේ නමුත් දැන්නම් හරියටම ඒ න්‍යාය ක්‍රියාත්මක වෙනවා වගේ.(ම)
ජනාධිපතිතුමනි, ජනවාරි 8 වෙනිදා ඔබව බලයට පත්කරන්න ඉදිරියට ආවේ ජනතාව පමණක් නොවේ. අපේ මව්බිම රකින සතරවරම් දෙවිවරුත් මීට සම්බන්ධ වුණේ මේ පුණ්‍ය භූමිය මුදාගැනීමේ පරම චේතනාවෙන්. බය නැතුව ඉදිරියට යන්න. සියලුම දුරාචාරයන් මුලිනුපුටා දමන්න. ඒ තුළින්ම ඔබ සැබෑ ජනතා නායකයෙක් වෙනවා. (නි)