හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාතලේ නගරයේ දී කුඩා දරුවකු මෙහෙකාර සේවයේ යොදවාගෙන ඇතැයි හැඟවෙන ඡායාරූප පසුගියදා මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී.සුගතපාල මහතා පවසයි.
එම දරුවා පෙනුමින් වයස අවුරුදු 10ක පමණ වේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා දඹුල්ලේ පදිංචිකරුවෙක් බවත් වාර්තාවේ.
මාතලේ ඔරලෝසු කණුව අසලදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනයෙන් බැසගත් දරුවා මලු කිහිපයක් එයට පටවන ආකාරයත් ඒවා රැගෙන එන ආකාරයත් පසුව කාරයේ පසුපස කොටසේ රිංගා ගමන්කරන ආකාරයත් එම ඡායාරූපවල සටහන් වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියාවිද දන්නේ නැහැ අසවල් සේවාවට අපහාස කරලා පුවත් පල කළා මදිවාට මිනිස්සු ලව්වා විවේචනත් පලකළා කියලා. අපේ රටේ ලොකු මිනුස්සු වැඩි දෙනෙක් තනතුරු නිසා බැබලෙන්න ඉන්න උදවිය මිසක් තමන් නිසා තනතුර බබලවන උදවිය නෙවෙයිනේ ! අපි ඉතින් මෙහෙ සමහර කළුකෝට් මහත්තුරුන්ගේ සිට දොස්තර සිට නිතිය ක්‍රියාත්මක කරන මහත්තුරු දක්වාම කරන නොපනත් වැඩ වලට එහෙයි කියන්න ඕන (බ)
අවංකවම පොලිසියේ උසස් නිලධාරින්ගෙන් බොහොම සුළු දෙනෙක් ළඟ තමයි මනුස්සකම තියෙන්නේ (බ)
මේ තවත් එක කථාවක් විතරයි (බ)
අනිවාර්යයෙන් මොන ජරා මහන්තත්ත කමක්ද මන්දා මේ ලංකාවේ මේ මිනිහට උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න (බ)
මේ වගේ අය හිතන්නේ තමන්ගේ ළමයි ගැන විතරයි (ර)
මෙහෙකරුවන්ට නොසලකන මෙවැන්නන්ම නැවතත් මෙහෙකරුවන් වී උත්පත්තිය ලබන්නේද කියා මට කර්මානුකූලව සිතේ. කෙසේ වෙතත් මෙහෙකරුවන්ට සැලකීම සම්බුද්ධ දේශනා වල මැනවින් සඳහන් වේ (ර)
මොහුට අායෙත් අමුතුවෙන් දඬුවම් දෙන්න දෙයක් නැහැ. මේ අපි හැමෝම දුන් ශාපයම ඇති (නි)
දුරකථන ඇමතුමකින් අහවලාගේ අවසරයක් නැතුව අත්අඩංගුවට ගන්න පුලුවන්ද? (නි)
වෑන් එකේ පිටුපස අපේ ළමයිනුත් සමහරදාට යනවා. මෙහි වරද තිබෙන්නේ ළමා ශ්‍රමය සහ තහනම් තැනක රථය නවතා තැබීමය. මෙයා ඩීඅයිජී වුණේ මෙවැනි වැරදි කරලද? (නි)
කුඩා දරුවාට සෙරෙප්පුවක් නැතුව බඩු උස්සන් යද්දී මේ මනුස්සය අත්දෙක වනවනා යනවා. ඉතාම නින්දිතය. පිළිකුලෙන් හෙළා දකිනවා (ම)
ජ්‍යාත්‍යන්තර ළමා ආරක්ෂක පනත් යටතේ මේ "වහල් හිමිකරුට" උපරිම දඬුවම් දියයුතු වෙනවා.! හිටපු නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හැටියට මෙයා ඒ කාලේ කරපු මෙවැනි "වීර ක්‍රියාකාරකම්" ගැනත් පුළුවන් නම් සොයා බැලීම වැදගත් වෙනවා. ඩිකියක පණ ඇති කෙනෙක් දමන්න තරම් මේ අළුගෝසුවට දරුණු හිතක් ඇති වුනේ කොහොමද ? (බ)
මේවගේ දේවලට ප්‍රතිඵල මේ ආත්මයේදී ම විඳවන්න ලැබේවි . මමත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා (බ)
සකර් බර්ග් මහතාට පින් සිදු වෙනවා. (ර)
නීතියට පිටින් මෙවන් වරදක් කරන මෙවන් අයට තනතුර නොබලා, දඩුවම් දෙන්න. වැඩ තහනමට ලක් කරන්න. (ර)
සෝෂල් මීඩියා වලට සහ නව තාක්ෂණයට ජයම වේවා ! (නි)
මෙී රටෙි නීතයට ගරැකරණ ජනතාව අතිවිශාලයි ඔහුන් හරි නිහතමානීව ජීවත්වන අය ඔවුන් හරිම සංවෙීදශීලි අය කවුරැත් ඔවුන් ගැන හිතා මෙී වාගේ අයට දෙන දඩුවම නිවැරැදිව ඉතාමත් ම දැඩිලෙස නීතය කිූයාත්මක නොකොළාත් අරවාගේ නීතියට ගරුකරණ පිරිසට හරිම අසාධාරණයක් වෙන්නේ............ස්තුතියි........... (ම)
අපි මිනිසුන් වෙන්න තව බොහෝ කලක් යාවි. (ර)
ලංකාවේ නීති හදන්න,රකින්න ඉන්න අය තමයි නීති වැඩියෙන්ම කඩන්නේ. (ර)
නිමාලි.ඔය රුපියල් 25000 දඩයට මම සහමුලින්ම විරුද්දයි.ඒ එම නිතිය ක්‍රියාත්මක කරන්නේ කිසිම දේශපාලන හයියක් නැති ,ලොකු ලොකු උදවිය ආශ්‍රය නොකරන,මාසේ පඩියෙන් අමාරුවෙන් දරු පවුලත් එක්ක ජිවත් වෙන ඔබ අපි වැනි අසරණ මිනිසුන්ට පමණක් නිසයි. (ර)
වැඩිය ඕව ගැන හිතන්න එපා. (ර)
නිමල්.ඔබගේ අදහස 100% සත්‍යයි. (ර)
මෙහෙව් රටක අපිත් ඉපදුනානේ කියා දුක සිතනේවා (ර)
25000/= දඩයත් , මේ ලෙසම මේ අය ක්‍රියාත්මක කරාවී .නීතිය කියාත්මක කිරීමට ඉන්න අය තමයි නීති වැඩියෙන්ම කඩන්නේ. කදිම උදාහරණයක් මේ (බ)
ලංකාවෙ මිනිස්සුන්ට වැරදෙන එක තැනක් තමයි මේ පුහු මානය.මටත් ඒක තේරුම් ගියේ විදේශ රටක රැකියාවට ආවට පස්සෙ.වාමාංශික පක්ෂ,වාමාංශික අදහස් පිරිච්ච ලංකාවට වඩා වාමාංශිකයෙක් බෙහෙතකට හොයාගන්න බැරි මේ උග්‍ර ධනවාදී රටේ සමතැන තියෙනවා අපූරැවට.ඒකට හේතුව මේ මිනිස්සු ළඟ බොරැ මානය නෑ. (බ)
මේ ධර්මද්වීපයේ වෙසෙන බොහෝ අයගේ කතාව සත් ගුණවත් වුණාට ක්‍රියාව ඔහොම තමයි. කතාවේදී නම්, පින්වන්ත කම දොරේ ගලනවා. (ම)
සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ මේ වගේ පව්කාර කාලකන්නිත් නැවත උපදිනවා නම් අපාය අප තෝරා ගන්නවා මතු බවයන්වල නැවත උපදින්න. (ම)
නිමල් ඔබේ කියමන සියලුම විදෙස්ගත ලාංකිකයන්ගේ අත්දැකීමක් (බ)
මෙයාගේ තව ෆොටෝ එකක් දැන් දිග කාලෙක ඉඳල ෆේස්බුක් එකේ සැරිසරනවා .. ඒක තමයි ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ඉස්සරහ ට්‍රැෆික් නිලධාරියෙක් මෙයා සිවිල් ඇඳුමින් ඉන්නකොට දණගහල වඳින ෆොටෝ එක. මම හිතන්නේ ගොඩක් අය ඒ පින්තුරෙත් දැකල ඇති . මේ දෙවෙනි එක .. තව අහුනොවුන ඒවා කොච්චර ඇද්ද ? (බ)
තව තව හොයන්න, මේක හරියන්නේ නැහැ. රට අගාධයට යන වැඩ. ළමයිට අධ්‍යාපනය දෙන්න ඕනේ. ගුණධර්ම කියල දෙන්න ඕනේ. ලෝකයා දියුණු වෙමින් පවතින් රටක් කියල කියන්නේ කට කහනවට නෙවේනේ. කුඩා කල සිට ආත්ම ගරුත්වය නැතිවෙන මෙවැනි ක්‍රියා නැති කරන්න ඕනේ. ලංකාවේ සමාජය තවමත් වැඩවසම් යුගයේද? ලජ්ජා නැහැ. (බ)