එක්සත් රාජධානියේ පැවති 17 වන ජාත්‍යන්තර ශිෂ්‍ය තතත්ව කව පිළිබඳ සම්මේලනයේ දී පැවති තරඟාවලියෙන් නාට්‍ය අංශයේ සහ දැන්වීම් අංශයේ සම්මාන දෙකක් දිනාගැනීමට කොළඹ ඩී.එස් සේනානායක විදුහලේ සිසුහු සමත් වුහ.
ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමිකර දෙමින් දිවයිනට පැමිණි ඔවුහු එම විදුහලේ ආචාර්ය මණ්ඩලය සහ දෙමවිපියන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.
තරගාවලිය පසුගිය 23 වැනිදා සිට 28 දක්වා එක්සත් රාජදානියේ ලංඩන් නුවර කිංග්ස්ටන් විශ්ව විද්‍යාල පරිශ්‍රෙය්දී පැවැත්විණි.
තරඟාවලිය සඳහා එංගලන්තය ඇතුළු රටවල් 12 සිසු සිසුවියෝ 3000 කට ආසන්න පිරිසක් සහභාගී වුහ.
මෙහිදී චන්ද්‍රන් ඉන්ද්‍රජිත් සහ හිරුෂ ගමගේ දැන්වීම් අංශයෙන් තෙවන ස්ථානය හිමිකරගත් අතර අරවින්ද අල්මේදා, දිල්ෂාන් රාජකරුණා, අජීඩ් හුසේර්,ගයත් ජයසිංහ, රාහුල් වීරවංශ, පසන් අබේසිංහ, උවින්ත කරුණානායක, අවිශ්ක වීරකොන්, ෂෙහාන් පීරිස්, තේනුක ඔබින් නාට්‍ය අංශයේ දෙවන ස්ථානයද හිමිකරගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා! (දී)
මගේ පාසල් මාතාව රටට ආඩම්බරයක් ! (දී)
මගේ ඩී. එස්. මෑණි බැබලු ඔබ සැමට ජය වේවා. (ස)
ඔබ ගැන ආඩම්බරයි. සුභ පැතුම්! (නි)
මටත් පුදුම ආඩම්බරයක් තියෙන්නේ.මමත් ගියේ ඔය ඉස්කෝලෙට.ළමයිගේ විනය අතින් කොළඹ තිබිච්ච හොදම ඉස්කෝලය. ආරම්භක විදුහල්පති ආර්.අයි.ටි.අලස් ගුරු පියාණන් තමයි ඉස්කෝලේ ඔය තත්වයට ගෙනාවේ. මල්ලිලා සියලු දෙනාට සහ ගුරු මාතාවට ජයවේවා...!!! (ස)
සේනානායකයෙකු වීම ආඩම්බරයි. මෙම ජයග්‍රහණය අපගේ 11-F , 11-E පන්ති දෙක තුලින්ම වීම ඊටත් වඩා ආඩම්බරයි!! මගේ සුබ පැතුම් යාලුවනේ! (නදී)
ඩී.එස්. පැටව්ට ජය ජය ජයම වේවා! (ස)
මට බය නැතුව කියන්න පුළුවන් ඩී.එස්. එක අද ලංකාවේ තිබෙන හොඳම පිරිමි පාසල කියලා (නි)
ජය ජය ජයම වේවා! (නි)
උතුම් ගුරු මෑණි කෙනෙක්... ඔබේ නිරහංකාරකමට මම හිස නමමි. ආදර්ශයක්ම වේවා! (නි)
මේ අගනා ඩී.එස්. පැටව් ටික දිහා බලලා අනෙක් පාසලුත් පාඩමක් ඉගෙනගන්න (නි)
කොච්චර ලස්සනද බලන්න (නි)
ජය වේවා! (නි)
බලන්න අල්පිට්යේ ගුරු මැනීත් එක්ක මෙයාව සසඳලා අහසට පොලව වගේ නේද? ඕක තමයි අපි හැම තිස්සෙම කියන්නේ (දී)
ඩී.එස්. පැටව්ට ජය ජයම වේවා! (දී)
ආඩම්බරයි ඩී එස් මල්ලිල ගැන.............(දී)
සුභ පැතුම්! (නි)
ඩී එස් පුතෙකු වීම ගැන ඔබ නිසා මමද ආඩම්බර වෙමි. (ස)