කොටදෙණියාවේ, බඩල්ගම සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාසල් සිසුවා ඇතුළු මුල් සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 2 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (28) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කොටදෙණියාව පොලිසියද රහස් පොලිසියද යන ප්‍රශ්නය මහේස්ත්‍රාත්වරයා මතු කළේය. අද රහස් පොලිසිය උසාවියට පැමිණ සිටියේ නැත.
නොපැමිණීමට හේතුවක්ද දක්වා තිබුණේද නැත. ළමයා මුදාහරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි දස දෙනෙක් පමණ නීතිඥවරු ඉල්ලා සිටියහ.
කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඊට විරුද්ධ විය. ඩී.එන්.ඒ ජාන පරීක්ෂණ වාර්තා ලැබී නැතැයිද ලැබෙනතුරු ඔවුන්ට ඇප නොදෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
නීතිඥවරුන් එවිට කියා සිටියේ එසේ නම් ජාන පරීක්ෂණ සඳහා ලේ ලබාගත් සෙසු සැකකරුවන්ද රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා ඇත්ද යන්නයි. මෙම දෙදෙනා දින තුනක් පොලිසියේ රඳවාගෙන පහරදී ඇතැයි නීතිඥවරු කීහ. ඔවුන් වහාම මීගමුව අධිකරණ වෛද්‍ය නිලධරයා වෙත යොමු කර වාර්තාවක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පොලිසිය හා ජනමාධ්‍ය මේ සිද්ධියේදී ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. එසේ නොකළ හොත් සැකකරුවන්ට තදබල අසාධාරණයක් සිදුවනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය. තමාට ඇප දීමේ බලයක් නැතැයිද තමාට කළ හැක්කේ සාක්කි නැත්නම් මුදා හැරීම පමණක් යැයිද මහේස්ත්‍රාත් කීවේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක්ද රිමාන්ඩ් කර සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් කල් ඉන්න වෙනවා මොකද හිරේ ඇතුලේ ඉන්න කාලේ දුන්න පාරවල් හොඳ වෙනකම්.. නැත්තම් මාට්ටු වෙනවනේ හොඳට නෙළුවා කියලා..(බ)
වලහට වුන වැඩේ වෙයි ද දන්නේ නැහැ මේ ළමයටත්. (අ)
පොලිසියේ අයට මේ වගේ පාසල් දරුවන් නැද්ද? මට නම් හරිම දුකයි (නි)
මටත් ඔය වලහගේ කතාව මතක් වුණා ඉමේෂ්.(අ)
මෙම දරුවත් එක් දරු පියාත් දඩුවම් විදින්නෙ සාධරන සැකයකට නොව අසාධාරන බොරුවකටය (හේ)