කොළඹ ඩී එස් සේනානායක විදුහලෙන් ඉගෙනුම ලැබ ත්‍රිවිධ හමුදාවට බැදී උතුරු , නැගෙනහිර, ප්‍රදේශවලදී ක්‍රියාන්විත රාජකාරීයේදී මිය ගිය රණවිරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය රණවිරු ස්මාරකය අභියසදී අද (19) පැවැත්විණි.
ක්‍රියාන්විත රාජකාරියේදී මිය ගිය කපිතාන් චානක එස් අත්තනායක මහතාගේ මෑණියන් වන ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මියද තම පුතුගේ ඡායාරූපයට ආචාර කළාය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"දස දිග දස අත සුපතල විරුවන්" "ඔබ ඇකයෙහි තුරුළුව සිටි දරුවන්" "ඒ මඟ පිය මැන ගොස් පෙර දරුවන්" "තමාට පෙර රට රැකුමෙහි සුරුවන්" මව්බිමේ නාමයෙන් දිවි පිදූ ඩී එස් පුතුනි, ඔබ ඉපදෙන්නත් පෙර ලියූ ඩී එස් පාසල් ගීතයෙහි ඉහත කොටස ඔබ වෙනුවෙන්ම ලියුවක් නොවේද? අප විදුහල් ආදර්ශ පාඨය "තමාට පෙර රට" ඔබ වෙනුවෙන්ම යෙදූවක් නොවන්නේද? ඔබ සැමට නිවන් සුව! (නදී)
බිහිකළ මවගෙන් වැදුම් ලබන පුතුන්.උත්තම පුජාවෙන් ගත මව්බිම ඇති උතුම්.(හේ)
කෝ අපේ අගමැති රනිල්? (අ)
කපිතන් එස්.ඩී.බී ජයසුන්දර මගේ සොහොයුරා ඉපදුනේ 1969 සැප්තැම්බර් 27. ඔහු ශ්‍රී ලංකා හමුදාවට සම්බන්ධ උනේ කැඩෙට් නිලධාරියෙක් හැටියට 1992 දි. ඔහු ඉන්පසු දෙවනි ලුතිනන් කෙනෙක් විදිහට පාස් අවුට් උනා 1994 දි. ඔහුගේ දක්ෂතා නිසා ඔහු ශ්‍රී ලංකා සිංහ රේජිමේන්තුවට තෝරාගත්තා. 1997 දෙසැම්බර් 4 මාන්කුලම් හිදී ඔහු මව්බිමෙන් සමුගත්තා. ඔහු වීරයෙක් ඔහුගේ මතකය සදා අප ලග ඇත. (නදී)
මව්පිය ලෙස සළකා ඔබ වඳිනෙම්... සිව්දෙස ඔබ කිතුරැස රූ අඳිනෙම්... විදු නැණ ලැබ දිය දියදද බඳිනෙම්... ඔබ රැක ගැනුමට ඔබ වට හිඳිනෙම්... (නි)