කොළඹ ඩී.ඇස්. සේනානායක හා මහානාම දෙවිදුහල් අතර පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරඟයේදී ඇතිවූ ගැටුමක් හේතුවෙන් පොලිස් කැරළි මර්දන ඒකකය කැඳවා ඇතැයි වාර්තාවේ.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ පැවති තරඟය අවසානවීමට සුළු වේලාවක් තිබියදී පිටියට පැමිණි ප්‍රේක්ෂකයින් ගැටුමක් ඇති කරගෙන ඇතැයි සඳහන් කරති. ඒ මොහොත වනවිට ඩී.ඇස් කණ්ඩායම තරඟයේ ජයග්‍රහණයට ආසන්න වෙමින් තිබිණි.
ගැටුමින් තුවාල ලැබූ ඩී.ඇස් සිසුහු තිදෙනෙක්ද මහානාම සිසුහු දෙදෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා ලොකු පාසල් බොහොමයක් නිකන් නම විතරයි. කිසිම විනයක් සදාචාරයක් නැහැ. මෙහෙම අයනේ ගොඩක් තැන්වලට රැකියාවලට ගන්නේ. එම ආයතනවලත් මේකම තමයි අන්තිමට වෙන්නේ. පොඩි පාසල් වල මීට වඩා විනයක් තිබෙනවා. (නි)
නියමයි. අද ඩී.එස් . සේනානායක මැතිතුමාගේ උපන්දිනේ. එතුමාට හොද තිලිනයක්නේ දීල තියෙන්නේ. (නදී)
පේනවා නේද පාසල් වල ක්‍රීඩාවේ තත්ත්වය? (නි)
මහත්වරුන්ගේ ක්‍රීඩාව කරන්න කලින් තමුන් මහත්වරු වෙන්න ඕනෑ (නි)
මෙවර රිච්මන්ඩ් මහින්ද තරගය ආදර්ශයට ගන්න (නදී)
අමන වැඩ නිසා කෙලෙසෙන්නේ විදුහල් මෑණියගේ නාමයයි (නදී)
අද පේනවා නේද පාසල් වල ක්‍රීඩාවේ තත්ත්වය හැසිරීම අන්තිමයි (නදී)
මහනාම විදුහල මත්දව්‍ය භාවිතා කරන්නන් ගේ තිබිරි ගෙයයි... (ම)
අපෝ! ඩී.ඇස්. එක සමඟ නම් තරඟ කරන්න යන්න හොඳ නැහැ (නි)
මම නම් දන්න විදියට ඩී.ඇස්. ලා හැමදාමත් ගුටිකන එකමයි වෙන්නෙ! (නි)
කොළඹ පෙළේ ප්‍රධාන පාසල් මේවා කොලු වයසට මෙහෙම කරනවයි කිව්වට මේ තුලින් තමන්ටත් පාසලෙත් ගරුත්වයට නේද හානි සිදුවෙන්නේ.(ම)
මේ කට්ටිය මහා ලොකු පාසල් වලට ගියාට වැඩක් තිබෙනවද ? අපේ ගමේ පාසලක අවුරුදු උත්සවයක් තිබුණත් 'උඹ නොදකින්' කියන්නේ නැහැ (නි)
අපරාදේ අරවින්ද ඩී.එස් ගියේ (ම)
ගිය අවුරුද්දේ මහින්ද රිච්මන්ඩ් තරඟයේ ආදර්ශයට අරන් වගේ මේ ගොල්ලොත් (ම)
අපෝ! (බ)
මේ පාසල් දෙකටම ක්‍රිකට් තහනම් කරන්න ඕන අනිත් අයටත් ආදර්ශයක් වෙන්න.(නදී)
පරාජය විඳ දරා ගැනීමට ශක්තියක් නොමැති කම ගැන පිළිකුලෙන් යුතුව හෙළා දකිමු..!(නදී)
මහනාම සහෝදරවරුනි, මුලින්ම ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියා ඉගෙනගන්න (නදී)
කූඩැල්ල මෙට්ටේ තිබ්බම ඔහොම තමයි. (නදී)
මහානාමේ ඕවර 50ට සියලු දෙනා දැවී 175 යි. සේනානායක ක්‍රීඩකයෝ ඕවර 40න්ම ඒ ඉලක්කයට ආව.. පරාජය දරාගන්න අමාරු කට්ටියක් තමයි ඉතින් ඒ වෙලාවේ ඒ විදිහට හැසිරෙන්න ඇත්තේ.. (නදී)