ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් (12,305) ලබාගත් පිතිකරුවා වන කුමාර් සංගක්කාර ලබන අගෝස්තු මාසයේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය. සමුගැනීමේ තරගය සංගක්කාරගේ 134 වැනි ටෙස්ට් තරගය වනු ඇත.
මෙම තරගය අගෝස්තු මස අවසන් සතියේ කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් මහ මැතිවරණය පැවැත්වීම අගෝස්තු මස 17 වැනිදාට යෙදී තිබීමෙන් ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරග කාල සටහන වෙනස් වීමට නියමිත බැව් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද සවස පැවසීය.
මේ වන විට පාකිස්තානු පිලට එරෙහිව කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින කුමාර් සංගක්කාර එම තරගයේ තුන්වැනි දිනය වූ අද (27 වැනිදා) සවස විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තමන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.
”කළින් පැවැති තේරීම් කමිටුව සමග (සනත් ජයසූරිය මහතා විසින් සභාපතිත්වය දරන ලද තේරීම් කමිටුව) මගේ පැවැති එකඟතාව වුණේ පාකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් සහ ඉන්දීය පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් කී‍්‍රඩා කිරීමටයි”
”ඉතින් මා මගේ වචනය ස්ථිර කරමින් ඉන්දීය කණ්ඩායමට එරෙහිවත් ටෙස්ට් තරග දෙකක් කී‍්‍රඩා කරනවා. ඒ ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන පළමු සහ දෙවැනි ටෙස්ට් තරග දෙකයි” යනුවෙන් කුමාර් සංගක්කාර මාධ්‍ය හමුවේදී පැවසීය.
මීට පෙර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් කියා සිටියේ ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී සංගක්කාර ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවයි.
ලෝකයේ වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර මේ වන විට පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටින සංගක්කාර වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලබාගත් පිතිකරුවන් අතුරින් දෙවැනි වන්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්ට පමණි.
2025 දෙසැම්බර් මස 18
85
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
139
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
940
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෙස්ට් පිටියෙන් සමුගැනීම ගැන සංගා කියයි