(ශාන්ත රත්නායක)

සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ  පැමිණෙමින් තිබේ .

මේ හේතුවෙන් ටවුන් හෝල් අවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

හෙද අධ්‍යාපනය වනසන හෙද සේවයේ ඉදිරි ගමන වලකන,හෙද හෙදියන් මුලාකර ආණ්ඩුව හා ආණ්ඩුවේ වෘත්තීය සමිති ගෙන එන බාල ව්‍යාජ නාමික හෙද  උපාධියට එරෙහි බව කියමින් සැබෑ හෙද උපාධියක් ලබා දෙන ලෙසට ඉල්ලා ඔවුහු උද්ඝෝෂණය  අරඹා ඇත.

එහි පැමිණි හෙද හෙදියන් උද්ඝෝෂණය කරන අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.