
(යොහාන් භාසුර)
ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් රට පුරා ටෙලිකොම් සේවකයෝ විශාල පිරිසක් කොළඹ කොටුව ටොලිකොම් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ අද (3) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.
‘ටොලිකොම් 2022 පළමු මාස 9 ලාභය කෝටි 900 යි’ සහ ‘ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ජාතික සම්පත් විකිණීම වහා නවතනු’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ටෙලිකොම් සේවකයෝ විරෝධතාවයේ නරත වූහ.
‘ටෙලිකොම්’ සේවකයන් විරෝධතා පාගමනක් යෑමට සූදානම් වුවද එයට පොලිසියෙන් ආධා එල්ල වීමෙන් අතහැර දැමීමට සිදුවිය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පුද්ගලිකකරණය කරන අවස්ථාවේත් සේවකයින් මෙවැනි උත්ඝෝෂණ කළා. නමුත් පුද්ගලිකකරණය කිරීමෙන් පසු දුරකථනයක් ලබාගැනීමට වසර 3ක් පමණ බලා සිටීමට සිදුවූ අවස්ථාව මගහැර මසක් පමණ ඇතුළත දුරකථන සම්බන්ධකම් ලබාදුන්නා. සේවකයින්ගේ වැටුප් වැඩිවීම පමණක් නොව ඔවුන්ට වැටුප් 2ක් ලැබිණි. නැවත පුද්ගලිකකරණය කිරීම තුළින් තරගකාරීත්වයක් තුළ තවදුරටත් ගාස්තු අඩුවීම සිදුවේ.
මොන බම්බුවක්ද ඕකේ රකින්න තිබෙන්නේ...? මගේ ඉන්ටර්නෙට් නැතිවෙලා සුමාන දෙකයි. මේ අයට ඒක හදාදෙන්න බැරි වුණා... ටෙලිකොම් රටෙන් පන්නලා දැම්මත් අපිට කමක් නැත.
රජය ව්‍යාපාර කල යුතු නැත. රජය තල යුත්තේ ව්‍යාපාර නියාමනය කිරීමයි.
තෙල් ඇමතිට පහල වූ නුවන මේ විෂය බාර ඇමතියාටත් පහල වේවා. ගෙදර යවනු!
උඹලා එක්ක මිනිස්සු කොච්චර තරහකින්ද ඉන්නේ කියලා පේනවද?උඹලට ඉහටත් උඩින් සල්ලි ලැබෙනවා කියලා දන්නවා.අනික කොහොමත් ඕවා ඔක්කොම ප්‍රයිවට් වෙන්නම ඕනේ .එතකොට තමයි හැමෝටම සාධාරණයක් වෙන්නේ