බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ නවතම ඡුන්ද ප‍්‍රතිඵල වලට අනුව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවූ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත ඡුන්ද 3617 ක් ලබාගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ඒ පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 154 ත් සමගය. දෙවැනි ස්ථානයේ මෙතෙක් රැදී සිටි රිච්මන්ඞ් විද්‍යාලයේ ඒ. කේ. ටිරෝන් අඹිබවමින් ඔහු දෙවැනි ස්ථානයට පත්ව සිටියි. ටිරෝන් දැන් තෙවැනි ස්ථානයේ පසුවේ.
ටිරෝන් පසුගිය සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡුන්ද 23 ක් පමණි. ඔහුගේ මුළු ඡුන්ද සංඛ්‍යාව දැන් 3595 කි. තර්ස්ටන් විද්‍යාලයේ මින්හාජ් ජලීල්, පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1134 ත් සමගින් මුළු ඡුන්ද 16000 සීමාවට ලගාවී සිටී. ඔහු ඡුන්ද 15989 ක් ලබාගෙන තවදුරටත් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටී.
අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයන් අතර පෙරමුණේ පසුවන ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසලේ වලීඞ් ජිෆ්රි පසුගිය සතිය තුළදී ලබාගත් ඡුන්ද 1346 ත් සමගින් මුළු ඡුන්ද 6500 සීමාව පසුකිරීමට සමත්වී තිබේ.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ සංජු ශාරුක් ඡුන්ද 1478 ලබාගැනීමට සමත්වූයේ පසුගිය සතිය තුළදීලබාගත් ඡුන්ද 20 ත් සමගිනි. ඔහු තවදුරටත් නැගී එන පාසල් කාණ්ඩයේ කී‍්‍රඩකයින් අතර පෙරමුණේ පසුවෙයි.
මෙම තරගයට අදාළ කූපන් පත් මේ වසරේ ජනවාරි 1 වනදා සිට විජය පුවත් පත් අයතනයේ, දිනපතා පළවන ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත් පත්වල සහ සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ පුවත් පතේ පළවේ. තමන් කැමතිම කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට මැයි 30 වැනි දා දක්වා පඨකයන්ට අවස්ථාව ඇත.
පාඨකයින් වෙනුවෙන් ඇති තරගයේදී පහත නම් සඳහන් අය පසු ගිය සතියේ ජයග‍්‍රහණ හිමිකර ගැනීමට සමත්වී තිබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මින්හාජ් ජලීල් | තර්ස්ටන් විදුහල | 15989 |
| දුෂාන් හේමන්ත | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 3617 |
| ඒ. කේ. ටිරෝන් | රිච්මන්ඞ් විදුහල | 3595 |
| දිනුක වික‍්‍රමනායක | ත‍්‍රිත්ව විදුහල | 1468 |
| මාධව නිමේෂ් | පානදුර රාජකීය විදුහල | 1022 |
| සචින් බුලත්සිංහල | කටුගස්තොට ශා. අන්තෝනි විදුහල | 588 |
| ජේසන් බුල්ජන්ස් | කොළඹ ශාන්ත පීතර විද්‍යාලය | 488 |
| රොෂාන් අනුරුද්ධ | කැළණිය ගුරුකුළ විදුහල | 213 |
| දමිඳු අෂාන් | පානදුර රාජකීය විදුහල | 198 |
| කුසල් මෙන්ඩිස් | මොරටුව වේල්ස් කුමර විදුහල | 186 |
| දේවින් පත්මනාතන් | කොළඹ රාජකීය විදුහල | 177 |
| තමල්ක ඇතුලත්මුදලි | කොළඹ ආනන්ද විදුහල | 148 |
| යොහාන් සිල්වා | අම්බලන්ගොඩ ධර්මාශොක විදුහල | 79 |
| සන්ජික රිද්ම | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 74 |
| ගෙහාන් ගජධීර | මාතර ශන්ත සිල්වෙස්ටර්ස් විදුහල | 10 |
නැගී එන පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සංජු ශාරුක් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1478 |
| ලහිරු විමුක්ති | පානදුර ශී‍්‍ර සුමංගල විදුහල | 837 |
| චාමික අමරසේකර | පානදුර ශ්‍රී සුමංගල විදුහල | 588 |
| ප‍්‍රසන්න සුජිත් | උහන මධ්‍ය මහා විදුහල | 343 |
| භානුක මනිලංග | කෑගල්ල ශාන්ත මේරි විදුහල | 155 |
| දේෂාන් ධනංජය | මාතර රාහුල විදුහල | 121 |
| සදීප ලක්ෂාන් | වේයන්ගොඩ බලවන විදුහල | 19 |
| ලසිත් ලක්ෂාන් | මාතර ශන්ත තොමස් විදුහල | 16 |
| නිපුන යතිදුර | කැළණිය ධර්මාලෝක විදුහල | 13 |
අන්තර්ජාතික පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| වලීඞ් ජෙෆ්රි | ලේටන් පාර්ක් ජාත්‍යන්තර පාසල | 6785 |
| සසික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් විදුහල | 4674 |
| ඬේවින් යසත් සේරසිංහ | ගේට්වේ ජාත්‍යන්තර විදුහල | 65 |
| පවින් ලහඳුපුරගේ | වත්තල ලයිසියම් විදුහල | 18 |
| නවීන් සන්ජුල | කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසල | 3 |
ත්‍යාග හිමිකරගත් පාඨකයෝ
1. සේපාල ජයසේකර, 10 ඊ 82 ඛ, ජාතික නිවාස සංකීර්ණය, රද්දොළුගම
2. එල්. එම්. ආර්. බණ්ඩාර, 243/1, හිරියාල, අඹේගස්වැව
3. එල්. එස්. පී. ප‍්‍රියන්ත, 56/19 , ශාන්ත ජූඞ් මාවත, මහබාගෙ, වැලිසර
4. අකිල මනෙලංග, 48, සිද්ධාර්ථ මාවත, කෑගල්ල
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටිරෝන්ගේ තැන දුෂාන්ට
ගයාන් Thursday, 28 March 2013 07:51 AM
සුභපැතුම් ඔබට (දී)