නීතිමය පදනමක් නොමැතිව තමාව අත්අඩංගුවට සූදාමක් පවතින බවත් ,එලෙස අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන අතුරු නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍ර ටිරාන් අලස් මහතා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේය.
පොලිස්පති,පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි මෙවන් සිල්වා,එහි පොලිස් ස්ථානාධිපති,පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
හිටපු ජනාධිපතිවරයා ගේ සමීපතමයෙකු වන තමාට එරෙහිව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වන බවත්.අමාත්‍ය පාඨලි චම්පික රණවක ගේ උපදෙස් මත තමාව පොලිසිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවද පෙත්සමේ සදහන්වේ.හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල ඉවත්වීම පදනම් කර ගෙන එම අමාත්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු කරන බවත්.,2005 දි රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කල තමන් ඉන් කිසිදු ලාභ ප්‍රයොජන නොගත් බවද පෙත්සම්කරු කියා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගමේ කෙහෙල්කන් හොරාටත් පුළුවන් කෙහෙල්කන බිම තියන්න කලින් ඒක කරේ තියාගෙනම නීතිවේදියෙකු ලඟට ගිහින් අත් අඩංගුවට ගැනීමෙන් වැළක්වීමේ නියෝගයක් ගන්න,. (හේ)
වහාම ක්‍රියාත්මකවන පරිදි බන්ධනාගාර රෝහලේ දේශපාලන සිරකරුවන්ට පමණක් අත්‍යවශ්‍ය බෙහෙත් හැර සියලුම පහසුමක් නැවැත්විය යුතුයි. (නි)
කම්බ හොරුත් අල්ලන්න එපා ...අනේ කාලේ වනේ වාසේ (බ)
බීපු මව්කිරි මතක් වෙනවා වැලිකඩ බන්ධනාගාරය මතක් වෙනකොට (බ)
නියම හොරුන්ට නිදහස අදත් ලැබුනේ (බ)
වැරදි අදර්ශයක ප්‍රතිපල. (ර)
නීතියට ගරුකරමු.අධිකරනය හා විනිසුරුවරු ස්වාධීනයයි සිතමු.ඒත් කැකිල්ලේ තීන්දුවලට ගරුකල යුතුද?"අත්අඩංගුවට ගැනීමෙන් වලක්වාලන අතුරු නියෝග.".නීතියේ ලොකු හිඩැසක්.පක්ෂග්‍රහි ගතියක්..? (කේ)
පොලිස් විශේෂ විමර්ශන ඒකකය පිහිටෙඋවේ දේශපාලන පළිගැනීමේ චේතනාවෙන් කියන බව එළිවෙන්න වැඩි කාලයක් බලා ඉන්න වෙන්නේ නැහැ. චන්දෙන් පස්සේ කවුද මේක මෙහෙයවූවේ කියල මහජනතාවට නිකම්ම දන ගන්න ලැබෙයි. (කේ)
දැන්නම් කට්ටිය හත් පොළේ ගාගෙන වගේ (නි)