පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ලබන 29 වැනි දා තෙක් අත්අඩංගුවට නොගන්නා බව නීපතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
උතුරු නිවාස ඉදි කිරීම සඳහා පිහිටැවූ රාඩා ආයතනයේ සිදුවීයැයි කෝටි ගණනක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි. ටිරාන් අලස් මහතා එහි හිටපු සභාපතිවරයාය. රාඩා ආයතනයෙන් එකම නිවසක්වත් ඉදි නොකළ බව ද, එම මුදල් කොටි සංවිධානයට දී ඇතැයි ද පොලිසිය කියයි.
මීට පෙර මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතා ඉදිරියේ කැඳවුව ද ඔහු විදේශ ගත වී ඇති නිසා රෝහිණී මාරසිංහ, බුවනෙක අලුවිහාරේ සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.
මුල් විනිසුරු මඩුල්ල හමුවේම පෙත්සම කැඳවීමට සියලු පාර්ශ්ව එකඟවූ අතර අගවිනිසුරු දිවයිනට පැමිණ ලබන 29 වැනි දා පෙත්සම කැඳවන තුරු පෙර තත්ත්වයේම පවත්වාගෙන යන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අධිකරණයට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ටිරාන් අලස් 29 තෙක් අල්ලන්නේ නෑ‘