තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27, 28, 30 යන තෙදිනේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රීපවන් ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
අලස් මහතා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා දී තිබූ සහතික වීම ද පෙත්සම විභාගයට ගැනීම ආරම්භ කරන ලබන 27 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි පවත්වාගෙන යාමට ද අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එකඟතාවය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්න දෙයක් නැහැ ඡන්දෙන් පස්සේ ඔක්කොම නඩු කැලේ (නදී)
අනේ දැන් ඕවා අතහැරලා දමන්න. අද වෙනතුරු කවුරුවත් වැරදිකරුවන් වුණේ නැහැනේ. නඩු යන්න තවත් මුදල් වියදම් වෙනවනේ.ඉතින් පහසුම වැඩේ තමයි නිදොස්කොට නිදහස් කිරීම. අනේ අහිංසකයන්ට යන්න අරින්න. (නි)
මමත් කියන්නේ නීතිය සැමටම පොදුවිය යුතුයි (නි)
යමු ඉදිරියට (හේ)