ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ ටයර් කර්මාන්ත ශාලව සඳහා ඉඩම ලබාදීම ආයෝජන මණ්ඩලය මේ සතිය ආරම්භයේදී තාවකාලිකව අත්හිටුවීය.
නන්දන ලොකුවිතාන මහතා ආයෝජන මණ්ඩලය සමඟ අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ ඉඩමේ වැඩ කටයුතු ආරම්භ කරන බව ආරංචි වීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයකට අනුව ආරක්ෂක අංශ නිලධාරීන් 100 දෙනකුට ආසන්න පිරිසක් අදාළ ඉඩම වෙත යවා ඇත. කෙසේ වෙතත් එම ක්‍රියාකාරකම් ආරම්භ වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය කාර්යාලය ඔස්සේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවට සටහනක් යවා තිබියදීය.
නන්දන ලොකුවිතාන මහතාගේ ටයර් සමාගමට අක්කර 100 ක් බද්දට දීමෙන් ආයෝජන මණ්ඩලයට පාඩුවක් සිදුවන බව ද ජනාධිපතිවරයා දන්වා ඇතැයි වාර්තා වේ. මේ අතර තවත් ආයෝජකයන් මෙම ඉඩම සඳහා ඉහළ මිල ගණන් කැඳවා තිබියදී ඊට අඩු මුදලකට මෙලෙස නන්දන ලොකුවිතාන මහතාට අදාළ ඉඩම ලබා දී ඇතැයි ද වාර්තා විය.
ටයර් කර්මාන්ත ශාලාවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මුල් ගල තැබුණු අතර අගමැතිවරයා මුල් ගල තැබූ ජනවාරි 5 වැනිදා තෙක් ආයෝජකයා කවුරුන්දැයි නොදැන සිට බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් දා මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන් වගකීම බාරගත යුතු බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එම අවස්ථාවේදී කීවේය.
ඊට පසු දිනයේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශය වැරැදි බව සඳහන් කරමින් සංවර්ධන උපායමාර්ග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිවේදනයක් ද නිකුත් කළේය.
ඉඩම නිවැරැදි මිල ගණන්වලට ලබා දී ඇතැයි ද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ඉඩම නැවත ඇගයුම් කෙරෙන බව කැබිනට් ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම මෙම ඉදිකිරීම හා කර්මාන්තශාලාව සඳහා දෙන බදු සහන සම්බන්ධයෙන් ද තවමත් නිශ්චිත සඳහනක් කර නොමැත.
(ඡායාරූපය සන්ඩේ ටයිම්ස් අනුග්රහයෙනි)
(පරිගණක සිතුවම ඩේලි එෆ්ටී අනුග්රහයෙනි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දගේ නුගේගොඩ රැස්වීමට කවුද කියලා තිබුනනේ ලොකුම විහිලුව කියලා. ඒක නම් විහිළුවක් නොවෙයි. දැනගන්නත් එක්ක මේවා තමයි නියම විහිලු. අපරාදේ මේකෙනුත් ගානක් ගන්න තිබුණ එක නැතුව ගියා නේද. (නි)
රට විකුණන එක අත්හරින්නම බැහැ වගේ. කුණුකොල්ලෙට දේපල විකුණන අය කවුද කියලා දැන් හොඳට පැහැදිලි වෙනවා. නිලධාරිනුත් උදව් දෙන අය ඉන්නවා (නි)
අර සමහරු ඩුබායි හෝටල් ගන්න ඇත්තෙත් මෙහෙමද දන්නේ නැහැ (නි)
බමුණුසේන මහතාණනි, රට තුළ ව්‍යාපාර ඇතිවිය යුතුයි. ඒ වගේම හොරණ ප්‍රදේශයේ රබර් වගාකරුවන්ට එයින් හොඳ යහපතක් වෙනවා. නමුත් ඉඩම පිළිබඳව යම් ගැටුල්වක් තිබේ නම් එය විසඳීමට තිබුනේ මෙම වැඩබිම අැරඹීමට පෙරයි. ශ්‍රී ලාංකිකයෙක් මේ ව්‍යාපාරය ඇරඹීම අපිට ආඩම්බරයක් නමුත් ඔහු වෙනුවෙන් රජය යම් පහසුකම් කොටසක් සපයනවා නම් එය වියයුත්තේ විධිමත් සැළැස්මක් ඇතුවයි. (නි)
ආඬි හත්දෙනාගේ කැඳ හැලිය මතක් වෙනවා. රටේ අගමැතියි ජනාධිපතියි මේ වගේ දේවල් හරියට කරගන්න දන්නේ නැත්නම්, ඇමතිවරු එකිනෙකාට මාධ්‍ය වලින් මඩ ගහගන්නවා නම්, මේ ආණ්ඩුව පාලනය කරන්නේ කවුද? (නි)
කොහොම කොහොම හරි කමක් නැහැ නන්දන ලොකුවිතාන මහතාණනි, ඔය ව්‍යාපාරය බංගලිදේශයේ හෝ ආරම්භ කරන්න. මේ රටට සිංහල ව්‍යාපාරකයින්ගෙන් වැඩක් නැති බවයි ඔය කියන්නේ. අපේ රටේ කර්මාන්ත ඇතිවෙලා රටේ මිනිසුන්ට රැකියා ලැබීමට වඩා තමන්ට ලැබෙන කොමිස් මුදල බලාගෙනයි දේශපාලුවෝ ඔය වැඩ කරන්නේ. මම නම් සිංහලයෙක් පටන්ගන්න යන ඔය කර්මාන්තයට මොන ක්‍රමයෙන් හෝ උදවු කරනවා. (නි)
රාධා වගේ කුහක විදිහට ලෝකේ දිහා බලන මිනිස්සු ඉන්න ලංකාවට මේ කල්පයේ හරියන්නේ නැත. රාධා, මට මේ පුද්ගලයා වටින්නේ සිංහලයෙක් හැටියට. දේශපාලුවන්ටත් කොමිස් හෝ කොටස් ලැබෙනවා නම් රංචු පිටින් උදවුකරයි. (නි)
රන්ජිත්, රට විකුණන්නේ පිටරැටියන්ට නොවෙයි සිංහලයෙකුට, ලංකාවේ ලොකු කර්මාන්තයක් ඇති කරන්න. රැකියාවල් ලබාදෙන්න හදන අපේම සිංහලයෙකුට හරි නම් මේ නිකන් ඉඩම දෙන්න ඕනෑ. එම කෝණයෙන් මේක දිහා බලන්න. නොම්මර එකේ කුහකයෙක් විදිහට ලියන්න එපා. මහා ලොකුවට සිංහලකම සිංහල රට ගැන නම් කතාකරනවා. (නි)
බමුණු වගේ අවස්ථාවාදීන් සිතන්නේ ඔලුවෙන් නොවේයැයි සිතේ. තුට්ටු දෙකට අනියම් මාර්ග වලින් ඉඩම් බද්දට ලබා ගැනීමට අපේ රටෙන් මිස බංගලාදේශයෙන් ඉඩ ලැබෙන්නේ නැත. තමාගේ එකා කොච්චර කොල්ලකෑවත් එය නිවැරදිය. අනිත් පැත්තේ එකා වරද නිවරද කරන්න හදනවිට එය වැරදි ය. අප ජීවත්වන්නේ කකුල් දෙකේ මීහරකුන් සිටින රටක බව පෙනේ! (නි)
සිල්වා කොතනකවත් කියල නැහැ කිසිම සැළැස්මක් නැතුව අවිධිමත් ආකාරයෙන් මෙම කර්මාන්ත ශාලා ඉදිවෙනවා කියා. ප්රශ්නය වෙලා තිබෙන්නේ ඉඩම සඳහා ලැබෙන බද්දේ අඩුකමයි. එම නිසා පොයින්ට් එකට කතාකරන්න පුරුදු වෙන්න. (නි)
රොකී, මෝඩ විදිහට කතා කරන්න එපා. මම කතා කළේ ලංකාවේ සිංහල මිනිහෙක් ගැන. එම පුද්ගලයා අනියම් ක්‍රමයකට ඉඩම ලබාගත්ත කියා කිසිම තැනක කියා නැත. රටට කරමාන්ත සහ රැකියා අවස්ථා ලබා දෙනවා නම් ඉඩම නිකන් දුන්නම මොකද වෙන්නේ. (නි)
අප ජීවත්වන්නේ පුදුමාකාර රටක බව පෙනේ! රොකී, ඔබත් ඒ රටේ කෙනෙකි (නි)
රොකී, ඉඩම් කොල්ලකනවා බලන්න විල්පත්තු යන්න. (නි)
මට නම් පෙන්නේ මේ ආණ්ඩුව එකපැත්තකින් නෙවෙයි හැම පැත්තෙන්ම අනාගන්නවා. ඇමතිවරු තම තමන්ට ඕනෑ ඕනෑ විදියට වැඩ කරනවා. (නි)
රට කනවානම් , වංචා, දූෂණ කරනවානම් සිංහලයෙක් නම් අපි සතුටින් උදම් අනමු. කැවුම් කන්ට යෝධයින් වන අපි දේශප්රේමයෙන්ද , ජාතිකානුරාගයෙන්ද අන්ධවී සිටිමු. රටේ සිදුවන දෑ ගැන විමසිල්ලෙන් සිටිමු.(ම)
තමන්ගේ රටේ ආයෝජකයාට සලකන්නේ මෙහෙම නම් විදෙස් ආයෝජකයෝ එයිද..? අගමැතිතුමා මහන්සි වෙලා ආයෝජකයෝ හොයනවා.. ජනාධිපති තුමා කකුලෙන් අදිනවා.. (ම)
මේ කතා කියන අයට මෙහි නියම ඇත්ත වැටහිලා නැහැ වගෙයි. කවුද කියලා තිබුනනේ මේකේ මුල් ගල තියන්න ගිය ඇත්තෝ එහි අයිතිය ගැන මොකුත් දැන හිටියේ නැහැ කියලා. ඒ එක්කම අයිතිය පවරන්නත් ඉස්සර වත්තේ බිම සකස්කරලා බව දැනගත්ත ජනාධිපතිතුමා ඒක වහාම අත්හිටවන්න නියෝග කරලා. මොනවා වුණත් ඔය කර්මාන්ත පිහිටවනකොට ජනජීවිතය, සතා සිවුපාවා, හා පරිසරය ගැන සිතිය යුතුයි. කර්මාන්ත රටකට අවශ්‍ය වුණත්, ජනජීවිතයට එය අහිතකර වෙනවා නම් එය හොඳ නැහැ. (නි)
කවුද දන්නේ කාගේහරි කළු සල්ලි සුදු කරන්න හදනවද කියලා. මේක සිරි ලංකාවනේ (නි)
රවීන්ද්‍ර, ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිගෙන් ඇමතිට ප්‍රතිපත්ති වෙනස්වන රටකට විදෙස් ආයෝජකයෝ එයිද? විදෙස් තියා මෙරට ආයෝජකයෝවත් එන්නේ නැත. මේ ටයර් කර්මාන්ත ශාලාවේ කොටස් දේශපාලුවන්ටත් දුන්නොත් උඩින් වැඩේට උදවු කරයි. එම පුද්ගලයට මෙම කර්මාන්තය කරගෙනයාමට සුදුසු ක්‍රමයක් හදන්න කව්රුත් කතාකරන්නේ නැත. (නි)
කව්රු මොනවා කිව්වත් මේ ආණ්ඩුවට නායකයෙක් නැහැ කියන එක තමයි හැම තැනකදීම හැම ප්‍රශ්නයකදීම පෙන්නේ ? ඔක්කොම අනාගන්නව . ඒ හැර කිසිම ඉදිරියට යාමක් නම් පේන්නේ නැහැ . (ර)
විදේශීය ආයෝජකයෝම හොය හොයා ඉන්නේ නැතුව ලංකාවේ මනුස්සයෙක් කර්මාන්ත ශාලාවක් ඉදිකරනවා නම් එ්කට කකුලෙන් අදින්න එපා. මොහු ළඟ කළු සල්ලි තිබෙනවා නම් වෙනමම පරීක්ෂණයක් කර ඔප්පු කරන්න. පටන්ගත් කර්මාන්ත ශාලාව අතරමඟ නැවැත්වීමෙන් වෙන්නේ රටට පාඩුවක්. මිනිසුන්ට හොරුන් බවට ඇඟිල්ල දිගුකර සති දෙකතුනක් රක්ෂිත බන්ධනාගාර ගතකොට නිදහස් කිරීමෙන් ලංකාවේ දුෂණය තුරන් කළ නොහැක. බොරු මාධ්‍ය සංදර්ශන එපා (නි)
සුද්දා තේ රබර් පොල් වවන්න කැලැ සුද්ද කරන කොට සත්තු පරිසරය ගැන හිතුවනම් අපේ රට තාමත් කැලැ. විල්ල්පතුවේ අක්කර දහස් ගණනක් කැලැ සුද්ද කොරනකොට පරිසරය මතක් උනේ නැත. මෙයාගේ කර්මාන්ත සාලාවට අක්කර 100 දෙනකොට තමයි පරිසරය කළු සල්ලි මතක් වෙන්නේ. මේ මනුස්සය ගෙදර පෙට්ට ගමින් සල්ලි ගන්නේ නැත මෙම ව්‍යාපාරයට. බැංකු මගින් ගනු දෙනු වෙන්නේ. අනික එයා සල්ලි හම්බකළේ පිටරටනම් කාටවත් තිබෙන අමාරුව එයාගේ සල්ලි සුදුද නැතිනම් කළුද කියා. විකාර. (බ)
පුදුම ආණ්ඩුවක් මේක නම් (නි)
මේක හම්බන්තොටට ගෙනිච්චානම් වරායෙන් ටයර් පිටරට පටවන්න තිබුනා. (අ)
මේ ඇමති මණ්ඩලේ අන්තර් සම්බන්ධතා නොමැති බව නම් හොඳට පේනවා. එක්කෙනෙක් එකක් කියනවා අනෙකා තවෙකක් කියනවා. (අ)
නටපු නැටුමකුත් නැහැ . බෙරේ පලුවකුත් නැහැ . (අ)
මොනවද මේ වෙන්නේ? කිසිම සැළැස්මක් නැතුව අවිධිමත් ආකාරයෙන් කර්මාන්ත ශාලා ඉදිවෙන්නේ ඇයි? ජනතාවට විහිළු සපයනවද? (නි)
බොරුවට වැරදි නිවැරදි කතාව පසෙක තබා වංචනිකයන්ට දඬුවම් දෙන්න. කෝ මේවට අර කොමිසම්? ඔන්න හොරපාලනය (නි)
නිකන් දුන්නත් මොකද ලංකාවේ කෙනෙකුටනේ. සෙත සැළසෙන්නේ අපිටමනේ. එනිසා කකුලෙන් අදින්න එපා. (නි)
ඉන්දීය ටයර් සමාගම් දැන් මොනතරම් සන්තෝෂයෙන් ඇද්ද? (නි)
මේ ආණ්ඩුවේ කට්ටිය බලයට අාවේ අවුරුදු ගණනාවකට පස්සෙනේ. ඉතින් හරියට හොරකමක් වංචාවක් කරන විදිය අමතකවෙලා ඇති. එ්කයි කරන කරන වැඩේ අහුවෙන්නේ. තව ටිකක් කල් ගියාම කලින් හිටි අයටත් වඩා හොඳට ඇස් වහල වැඩේ කරගෙන යයි. ටිකක් පළපුරුද්දක් පුහුණුවක් ගන්නතුරු ඉවසලා ඉන්නකෝ. (නි)