බොහෝ දෙනෙකු හඬ කැවීමේ ශිල්පිනියක ලෙස හඳුනාගත් ඇය ගායිකාවකි. මේ දිනවල ගුවන් විදුලි නාළිකා කිහිපයකින්ම අසන්නට ලැබෙන "ඇතුල්වීම තහනම්" ගීතය හරහා ශ්‍රාවකයන් අතරට පැමිණි ඇය විශාරද ටනාකා තාරකීය.
හඬ කැවීම් ශිල්පිනියක ලෙස තමයි බොහෝ දෙනෙක් ඔබව හඳුනා ගන්නේ. ගීත ගායනයට යොමුවීමට අදහස් කළේ ඇයි?
මම හඬ කැවීම් වැඩ කටයුතුවලට ලොකු කාලයක් වෙන්කරලා තිබුණා. ගෙදර සංගීතයට අවශ්‍ය පරිසරය සැකසිලා තිබුණා. ඒත් සංගීතය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් මට තිබුණෙ නැහැ. පාසලේ අධ්‍යාපන කටයුතු නිමවීමත් එක්ක මාධ්‍ය ආයතනවලින් ආරාධනා ගොඩක් ලැබුණා. ඒ නිවේදනයට හඬ කැවීම් කරන්න. නමුත් මගේ කැමැත්ත තිබුණෙ ගායිකාවක් වෙන්න. එහෙත් ඒ වෙනුවෙන් දෙයක් කරන්න මට ලැබුණෙ නැහැ. මම හිතනවා මේක තමයි ගීතයක් නිර්මාණය කරන්න මට ලැබුණ වෙලාව.
එලෙස නිර්මාණය වුණ ඔබේ මුල්ම ගීතය ගැන අපි කතා කරමු?
තාත්තත් ගීත නිර්මාණය කරලා දුන්නා. තාත්ත ටෙලි නාට්‍යවල තේමා ගීත නිර්මාණය කළා. වෙළෙඳ දැන්වීම්වලට ගීත කළා. මගේම ගීතයක් නිර්මාණය කරන්න ලැබුණෙ නැහැ. මාධව හේවාවසම් හා ප්‍රියන්ත නාවලගේව තාත්තා හඳුනා ගැනීම එක්ක මමත් ඔහු සමග නිර්මාණ කටයුතු සිදු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ %ඇතුල්වීම තහනම්^ කියන ගීතය නිර්මාණය වුණේ. ඒ ගීතය විද්‍යුත් මාධ්‍ය රැසක මේ වනවිට ප්‍රචාරය වෙනවා. ඒ වගේම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මේ දිනවල හඬ කැවීමෙන් දායක වෙන නිර්මාණ ගැන කතා කළොත්?
මේ දිනවල ස්වර්ණවාහිනියේ "මගේ සඳ ඔබයි" කියන නාටයේ "සත්‍යාගේ" චරිතයට හඬ කැවීමෙන් දායකවෙනවා. "ප්‍රේම දඩයම", "මේ ආදරයයි" හි "ශගුන්"ගේ චරිතයට හඬ කැවීමෙන් දායක වෙනවා. "මෙලඩි ඔෆ් ලව්" හි "දුල්මිට" හඬ කැවීමෙන් දායක වෙනවා. හිරු නාළිකාවේ විකාශය වන "රොබින් හුඩ්" නාට්‍යයේ "මැරියන්"ගේ චරිතයට හඬ දායකත්වය ලබාදෙනවා. ඒ වගේම සිරස එෆ්.එම්. ගුවන් විදුලි නාට්‍යයකට දායක වෙනවා.
ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
මගේ බලාපොරොත්තුව ගායිකාවක් වීම. එහි මුල්ම පියවර මේක. මගේ වයසත් එක්ක ලොකු අත්දැකීම් ලැබුණා. මගේ හඬ කැවීම් හා නිවේදනය තුළ යම්කිසි දෙයක් කරන්න ලැබුණා. දේශීය අනන්‍යතාවයක් තියන ගී නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.
රංගන මදුසංඛ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd