ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලිකි රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 77 වැනි වියේ පසුවූ ඒ මහතා ධර්මසිරි වික්‍රමරත්නයන්ගේ ‘රන් තෝඩු‘ වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසියේය.
ටෝනි රණසිංහ මහතා සිය මුල්ම රංගනයෙන්ම අග්‍රාණ්ඩුකාර සම්මානය පවා හිමි කරගැනීමට සමත් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය‘ ඔහුගේ සිනමා ආගමනය විය. ගාමිණී ෆොන්සේකා ගේ ‘පරසතු මල්‘ සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානයට පාත්‍රවූ ටෝනි රණසිංහයන් 1969,1976 හා 1979 යන වසර වලදී හොඳම නළුවා ලෙසින් සම්මාන දිනාගත්තේය.
1937 ජූලි 31 මෝදර දී උපත ලද ටෝනි රණසිංහයන් හන්තානේ කතාව, දුහුල් මලක්, ගඟ අද්දර, රන්සළු, කලියුගය, අවරගිර, බද්දේගම, දෙලොවක් අතර, අහසින් පොළවට වැනි චිත‍්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේය.
ටෙලි නාට්‍ය රැසකටද සිය රංගන දායකත්වය දැක්වූ ඔහු ටෙලි නාට්‍ය තිර රචකයකු ලෙසද ප්‍රචලිතය.
ඔහු බෝඩිම්කාරයෝ, තට්ටු ගෙවල්, නිල් කටරොළු මල්, හරිම බඩු හයක්, විරූප රූප යන වේදිකා නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා ! (ස)
ඉතාම කනගාටු දායක පුවතක්. මගේ ප්‍රියතම නළුවා. මහත්මා ගුණයෙන් පිරි දයාබර මිනිසෙක්. එතුමාණන්ට මොක් සුව පතමින් පවුලේ අයට මගේ සංවේගය පුද කිරීමට කැමැත්තෙමි. (ස)
මා ඉතාමත් ප්‍රිය කරන විශිෂ්ට කලාකරුවෙක්. ඔබට දෙවි පිහිට පතමි. (ස)
නිවන් සුව ලැබේවා....!!! (ස)
ලංකාවේ සිනමාව වෙනුවෙන් ඔබකළ දායකත්වයට අපගේ ප්‍රණාමය . රිදී තිරයෙන් අපි ඔබ හදුනාගත්තෙමු. හන්තනේ කතාව ඒ සුන්දර ටෝනි ඔබට නිවන්සුව. (ස)
නිවන්සුව. (ස)
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය වූ 1960-70 දශකයන්හිදී රිදී තිරය බැබලවූ මේ අසහාය ශිල්පියාට මොක්සුව පතමු. ඔහුට නිවන් සැප ලැබේවා ! මෙවන් පුද්ගලයින් කිසිදාක යලි පහල නොවනු ඇත. (ස)
ලංකාවේ උපන් උසස් කලාකරුවෙක්. නිහතමානී මහතෙක්. (ර)
ගාමිණි, විජය, පියදාස ගුණසේකර, බී.එස්. , ඇන්තනි සී. පෙරේරා , දොන් සිරිසේන , ජෝ අබේවික්‍රම ආදීන්ගේ සමකාලීන දක්ෂ නළුවෙක්. ඔබට නිවන් සුව! (නි)
ගාමිණී ෆොන්සේකා සිනමාව ප්‍රතාවත් කල අතර ඔබ සිනමාව සුන්දර කළා. ඔබට නිවන් සුව පතමි.! (ර)
ඔබට නිවන් සුව! (ස)
මොක් සුව ලැබේවා! (ස)
ඉතා කනගාටුයි . ඔහුගේ ආගමට අනුව මොක් සුව පතමි. දැන් ඉතින් අපේ කලාවේ අන්තිම භාගයටද කොහෙද ලංවෙලා තියෙන්නේ. ප්‍රසිද්ධියේ ඇඳුම් සොරකම් වලට අසුවී උසාවියෙන් වැරදි කාරිය කල නිලියන් විවාහක රු රැජින කරල ලංකාව නියෝජනයට පිටරටට යවන්න හදනවා. ඒ කට්ටියට ජනප්‍රිය නිලි සම්මානය අතින් කුපන් දාල දෙනවා. ඔන්න අද ලංකාවේ කලාව.! මේ වගේ නම්බුකාර විදියට කලාවේ නිරතවූ නළුවන් ආයෙත් කල්පයකට ලංකාවේ බිහි වෙන්න නැහැ. (ස)
සිංහල සිනමාවේ මා දුටු ලස්සනම් තේජාන්විත නළුවා ඔබය. දේශපාලනයට නොපැමින වැදගත් විදියට හිටපු ඔබට මොක් සුව පතමු. ඉතින් සමු ගනිමු ආදරණීය ටෝනි. (ස)
හොඳ මිනිස්සු අපෙන් ඉක්මණින් ඈත් වෙනවා (ම)
ඔබතුමාට ලැබුණ සෑම චරිතයකට ම සාධාරණය කරන්න උත්සහ කළ කෙනෙක් ඔබේ ප්‍රතිභා පුර්ණ රංගනය අතිවිිෂ්ටයි එබ අප අතර සදා අමරණියයි .... ඔබට නිවන් සුව පතමි (ම)
ඔබට නිවන් සුව පතමි (ම)
අහෝ ඛේදයකි! අපේ කාලේ විරුවන් අපෙන් ඉවත් වෙමින් පවතී..ඔබේ අඩුව පිරවීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. සොයුර! ඔබට මොක් සුව පතමි. (ම)
ඔමට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමගේ රංගනයට අපි හරිම කැමති බොහොම සුන්දර කෙනක් (ම)
සිංහල සිනමාවේ අවසන් ප්‍රවීනතම පිරිමි නළුවා ඔහුය .ගාමිණී හා ජෝ සමඟ ඔහු සමාන තත්වයේ සිටින කෙනෙක් ,යලිත් මෙවන් අය අපට සිනමාවේ හමු නොවේවි (ම)
මම ඉතා අගය කල කලා කරුවෙක්. මගේ කණගාටුව. ඔබට නිවන් සුව.! (ර)
ප්‍රවීන රන්ගධරයණෙනි ,ශ්‍රී ලංකේය සිනමාවේ දිශානතිය වෙනස් කිරීමට ඔබගේ දායකත්වය ,අතිමහත්ය .සදානුස්මරණීය වේ . ඔබට නිවන් සුව (ම)
ඔබතුමගේ රංගනය බොහොම සුන්දරයි. ඔබට නිවන් සුව පතමි.! (ර)
මාගේ බලවත් කනගාටුව.(නදී)
නොදිරන නමක් ඇති මිනිසෙක්.! (ර)
නිහතමානී කලා ජිවිතයක් ගතකල හොඳ රංගධරයෙක් ඔබ තුමාට ලැබුණ සෑම චරිතයකට ම සාධාරණය කරන්න උත්සහ කළ කෙනෙක් ඔබේ ප්‍රතිභා පුර්ණ රංගනය අතිවිිෂ්ටයි ඔබ අප අතර සදා අමරණියයි .... ඔබට නිවන් සුව පතමි.! (ර)
ඔහු 60 දශකයේදී වේදිකාවට, සිනමාවට දායාද කිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ එකල ප්‍රවීන ඡයාරූප ශිල්පියෙකු වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරු රැලෙක්ස් රණසිංහයන්ය. ඔහු සිනමාවට හැරවුම් ලක්ෂයක්වූ ගැටවරයෝ චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප ශිල්පියෙකුගේ චරිතයක් රඟපාමින් ගාමිණි පොන්සේකා,සොබානි අමරසිංහ, නිල්මිණි සිල්වා ,සහ කාල් ගුණසේන යන අය සමගින් කළු සුදු සිනමාව වර්ණවත් කළේය.(නදී)
ගාමිණී සිංහල සිනමාව රජගෙදර කලා. ජෝ සිනමාව අපේම ගෙදර කලා. ඔබ සිනමාව ලස්සන ගෙදර කලා. මේ ඔබ ඇතුළු සියලුම දෙනාට මොක් සුව ලැබේවා.! (ර)
අපේ රටේ 60-70 දසකය සිංහල හා ඉංග්‍රීසි වේදිකාවේ නාට්‍ය වල විශිෂ්ට රංගනයක යෙදිමින් එය ඔපවත් කල ටෝනි රණසිංහයන්, ඉතා කෙටි කලකින් සිනමාවේ සිටි දැවැන්තයින් හා කරට කර යමින් සුවිසේෂ රංගනයක දායක වූ දක්ෂ නළුවෙක්. ඔහු සිංහල සිනමාවේ එකල සිටි ගාම්ණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විජය කුමාරනතුංග වගේ ඉහලම තලයට කෙටි කලකින් අපේ සිනමා රසිකයන් ආමනන්දනයට පත්කළ මහත්මා ගතිගුණ තිබු විරල නළුවෙක් බව මෙහි සදහන් කල යුතුයි. ඔහුගේ රූපයටම ගැලපෙන සිනහව, කට හඬ රසික අපේ හදවත් තුල සදා රැදී තිබෙනවා නිසැකයි. ඔබට අපේ ආචාරය. (නදී)
මේ සුන්දර "මිනිසුන්ගේ " දිවි සමු ගැනීම මහත් දුකක්. පසුගිය කෙටි කාලයක් තුළ මෙවැනි දැවැන්තයින් රාශියක් නික්මයෑම සමස්ථ ශ්‍රී ලාංකික ජාතියට මහත් පාඩුවක්..(නදී)
කණගාටුදායක පුවතක්. නිවන් සුව පතමි. (නි)
ඔබ වැනි සුන්දර මිනිසෙකුගේ සමුගැනීම අපිට බලවත් වේදනාවක් (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අපේ කාලේ හිටපු අන්තිම හොඳ නළුවත් මියගියා. මම හන්තානේ කතාවෙන් එතුමාව පළමුවරට දැක්කේ. දේශපාලනය ගාවාගන්නේ නැතුව සිටි නියම කලාකාරයෙක්. මහත්මයෙක් වගේ ජීවත්වුණා. සමිඳුන් තුළ සමාදානයේ සැතපේවා! (නි)
හරිම කණගාටුදායක පුවතක් (නි)
ප්‍රවීණ රන්ගධරයණනි ඔබට නිවන් සුව. (ම)
ප්‍රවීණ රන්ගදරයාට මගේ උත්තමාචාරය සහ සාතිශය සංවේගය.(නදී)
සුවහසක් රසික හදවත් රංගනයෙන් පුබුදු කල ඔබතුමාට නිවන් සුව ප්‍රර්ථනා කරමි. ඔබ සදා රසික අපේ මතකයේ ඇත. (නදී)
කලාකරුවාණනි ඔබට මොක් සුව පතමි! (නදී)
ඉපිද මැරේ යලි ඉපදේ නොතිර සසර සාගරේ... (ර)
නිහතමානී කලා ජිවිතයක් ගතකල හොඳ රංගධරයෙක් ..ඔබතුමාට නිවන් සුව ...... (ස)