ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද (2) දෙවැනි දිනටත් සිය අලෙවි කටයුතු වලින් බැහැර වූහ. කොට්ටාව නගරයේ ලොතරැයි අලෙවි නියෝජිතයෝ අද නගරයේ විරෝධතා පුවරු රැගෙන උද්ඝෝෂණයේ යෙදුණහ.
ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 30 වැඩි නොකරන ලෙසත් දැන් පවතින රුපියල් 20 මිල වෙනස් නොකර කොමිස් මුදල වැඩි කරන ලෙසත් ඔවුහු ඉල්ලති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම "ශර්ලොක්" ඉල්ලීම්නේ. මිනිසුන් ලොතරැයි මිල වැඩිකළත් නොකළත් විකිණෙන ටිකට් ගණන (මුදල) සමාන විය හැක. මොකද, ගන්න අය ගන්නවා. ඔයගොල්ලන්ගේ කොමිස් මුදල පිළිබඳ වගකීම ලොතරැයි ඒජන්තගේ වගකීමක්. බැරිනම් විරිඳු රබානක් අරගෙන බස් රථ වලට ගොඩවෙලා විරිඳු කියන්න. අලුත් අය ටිකට් විකුණයි. (නි)
ලංකාවේ ජනගහණයෙන් ලක්ෂ 200ක්ම ලොතරැයි විකුණලද ජීවත්වෙන්නේ? (නි)
තරිදු ගණන් ඉගෙනගෙන තියෙන්නේ ගීතා කුමාරසිංහගෙන්. (බ)
මේක සුදුවක් ඕක නවත්තන්න කටයුතු කරන්නේ නැත්තේ ඇයි. (ර)
ලොතරැයි කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවේ. ඒක නිසා මිල වැඩි වුණහම ඉල්ලුම අඩුවෙනවා. එතකොට ආදායම පහළ යනවා. මේකෙන් සැලකිය යුතු පිරිසක් ජීවත්වෙනවා. ටිකක් මානුෂිකව හිතන්න (බ)
මේ මිනිස්සු රටට වැඩක් වෙන ස්වයන් රැකියාවලට යොමු කලොත් මිට වඩා හොඳ නැද්ද? (ම)
කොහෙන් ගියත් ගෙදර අහිංසකයන්ගේ බඩටයි වදින්නේ (නි)
සිගරැට් මිල වැඩි කරලා රටේ අාදායමට බලාපොරොතු වුණු මුදල තියා තිබුණු අාදායමත් නැති කරගත්තා. දැන් ඔය සූදු කොළෙනුත් වෙන්නේ ඔය ටිකමයි. (නි)
ලොතරැයි කියන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් ලැබෙන ලොකු තෑග්ගක් පෙන්නලා මිලියන ගණනක් දුප්පතුන්ගේ සල්ලි සූරාකෑමක්. ඒවා තහනම් කළයුතුයි. (නි)
සිගරැට් අඩුවෙන් විකිණෙනවා නම් ඒක ජනතාවගේ සෞඛයට හොඳ දෙයක්. ලොතරැයි නියෝජිතයන්ට බැරි නම් නිකන් ඉන්න කියන්න. ලොතරැයි කියන්නේ සූදුවක්. (නි)
සාලිත, සිගරැට් මිල තවත් වැඩි කරන්න ඕනෑ. මිනිස්සු සිගරැට් නොබී ඉන්නවා නම් අනේ හොඳයි (නි)
පාලිත හොඳට සිගරැට් බොන කෙනෙක් වගේ (නි)
ඉතින් හිමාල් ඔයාගේ න්‍යාය අනුව ඇයි මේ ආණ්ඩුව සිගරට් සහ ලොතරැයි දෙකම තහනම් කරන්නේ නැත්තේ. ආණ්ඩුවට කඩේ ගියාට කමක් නැහැ මෝඩයෙක් කියල පෙන්නන්න එපා. (අ)
ලොතරැයි මණ්ඩලයට අලුතින් වෙළඳ නියෝජිතයන් ගත්තම ප්‍රශ්නය ඉවරයි. (නි)
ඉන්දියාවේ චෙන්නායි ආදර්ශයට ගන්න. එහි කිසිම ලොතරැයියක් විකිනීමට නොමැත.(හේ)
ලොතරැයි කියන්නේ එක්තරා විදියක සූදුවක් .එයට ඇබ්බැහි වූවෙකුට එයින් අත් මිදීමට සැහෙන ප්‍රයත්නයක් දරන්න සිදුවෙනවා. ඒ සදහා වැය කරන මුදල එකතු කළානම් වසර අවසානයේ සැලකිය යුතු මුදලක් තමන් අතට ලැබෙනවා. ඒ වගේම තම දුම් බීමත්! එයින් තමන්ට තමන් අවට සිටින අයට වගේම පරිසරයටත් හානියක් සිදුවෙනවා. එය තේරුම් ගන්නේ ඉතාමත් අතලොස්සක් පමණයි (බ)
ලොතරැයි නියෝජිතකම සහ අලෙවිය ආබාධිත රණවිරුවන්ට පමණක් දෙන්න. (බ)
දහම්, මේකට දේශපාලනය ගේන්නේ කවුද? නීතී විරෝධී නොවන දේවල් කොහොමද තහනම් කරන්නේ? හරියට අජිනමොටෝ වගේ. මොකද පැකර්ලා ලංකාවට ආපු හැටිත් අපට මතකයි, දහම්ට අමතක වුනාට. (බ)
ලොතරැයියේ මුලෝපය තණ්හාවයි. ඕක 30 නොවේ 50 කළත් විකිනෙන එක විකිණෙනවාමයි. බලන්න කොළඹ ලොතරැයි කුඩු ළඟ හාමුදුරුවරු කීදෙනෙක් ඉන්නවද කියල. (බ)
මොවුන්ගේ තර්ක පිළිගන්න බෑ.. රුපියල් 20 සිට 30 දක්වා වැඩි කළ විට අලෙවිය අඩුවීම නිසා ආදායම් අඩුවෙනවා යයි කීම මිත්‍යාවක්.. රු. 20 ගණනේ ටිකට් 3 ක් විකිණුවහම ලැබෙන්නේ රු. 60 යි. රු. 30 කළ විට අලෙවිය අඩු වී විකිණෙන්නේ ටිකට් 2 නම් ඒත් ලැබෙන්නේ රු. 60 යි. නමුත් මේ අලෙවිය අඩු වීම ටික දිනකින් යථා තත්ත්වයට එනවා. නැතිනම් ඉස්සරම ලොතරැයියක් තිබුනේ රුපියලකට. අද වන විට රුපියල් 20 කට වැඩි වීත් ලොතරැයි විකිණෙනනවා. (බ)
පිට රටවලත් ලොතරයි මිල වැඩි වෙනවා ඒවා වෙන්නේ වරකට 5% විතර වැඩි වීමක් නමුත් ලංකාවේ වගේ එකවරම 50% විතර වැඩි වීම් වෙන්නේ නැහැ රුපියල් 2-5 අතර මිලකින් වැඩි කරානම් සාධාරණයි.(අ)
මේක සුදුවක් බව ඇත්ත, නමුත් මේක තුල අහිංසක පවුල් ගානක ලක්ෂ ගානක් ජිවත් වෙනවා, රු 30 ක් වුනාම ලොතරැයි පතක් මිලදී ගන්න මැලි වෙනවා ඕන මිනිහෙක්, හිතන්නකෝ කොමිස් මුදල රු 5යි කියල එක ටිකට් පතකින්, ටිකට් 100ක් වික්කොත් රු 500 අදායම දවසටම, එක විකුනන්න කොච්චර කෑගහන්න ඕනද , මීට වඩා මානුෂිය වෙන්න , මේක සිගරට් අරක්කු රේස් බයි ගානට දන්නා හොද නැහැ, මේක පිටුපස ඉන්න ජීවිත ගැන කාරුණික වෙන්න (බ)
යහපාලනයට ඡන්දෙ දීපු අය තමා මේ ඉන්නේ. හොඳ වැඩේ. දැන් විඳවන්නකෝ (නි)
මේ ප්‍රදර්ශනය කරන පුවරු වල ලියලා තියන දේවල් කියෙව්වාම මේකේ තියන බොරුව අහුවෙනවා. "අසරණ පාරිභෝගිකයා රු.5 වැට් ගෙවයි"? ඒ කියන්නේ මේගොල්ලෝ මේවා කරන්නේ පාරිභෝගිකයා ගැන දුක හිතිලද? ඊළඟට "20 ලක්ෂයක ජීවිත අනතුරේ" ඒ කියන්නේ ලංකාවේ ජනගහණයෙන් 10%ක් ජීවත්වෙන්නේ ලොතරැයි වලින්ද? කාගේහරි ඉගැනුම් බහකට බෝඩ් එක උස්සාගෙන ඉන්නවා මිසක් අඩුතරමින් ඒකේ තියෙන්නේ මොකක්ද කියලාවත් මේ අය නොදන්නා බව සහතිකයි (නි)
මිල වැඩිකළ හැමදේකටම මහජනයා හුරුවුණා. පළමු මාස දෙකෙන් පස්සේ අලෙවිය පෙර පරිදි හෝ ඊට වැඩිවෙනවා සිකුරුයි. අපේ ජාතික ලක්ෂණය අනුව අපිට හැම දෙයක්ම මතක තියෙන්නේ දින ගණනයි. (නි)
ලොතරැයි කියන්නේ දුප්පතුන්ගේ මුදල් සූරාකන ව්‍යාපාරයක්. (නි)