තම පරිහරණයට ගෙන්වන වාහන වරායට පැමිණි දිනයේම සියලු දේ සම්පුර්ණ කරගෙන වාහනය ගෙදර ගෙන යාමට හැකි බව ප්‍රවාහන ඇමැති කියයි.
බදු ගෙවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සියලු සේවා ලබා ගෙන අංකයත් සමඟ වාහනය නිදහස් කරගෙන යාමට හැකි ක්‍රියාදාමයක් ළඟදීම ආරම්භ කිරිමට නියමිතය.
මේ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කවුන්ටරයක් වරාය පරිශ්‍රයේ පිහිටුවිමට ක්‍රියාකරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසිය. මහජනතාවගේ පහසුව වෙනුවෙන් මෙවන් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ප්‍රවාහන ඇමැති මද්දුම බණ්ඩාර මහතා ලබාදුන් උපදෙස් මත නව වැඩපිළිවෙළ හදුන්වා දෙයි.
වාහන ආනයනයකරුවන් හරහා තම ප්‍රයෝජනයට ගෙන්වන වාහනය සඳහාත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිමට හැකි වැඩපිළිවෙළක් මේ යටතේ සැකසෙයි.
ආනයනය කරන සෑම වාහනයකට ම අදාළ සියළුම තොරතුරු රේගුව මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට ලබා ගැනෙයි.
වාහන ආනයනයකරුවන් මගින් වාහන ආනයනයේ දී ඉල්ලුම් කළ වාහනයට වඩා හාත්පසින් වෙනස් වාහනයක් ලබාගැනීමට සිදුවන අවස්ථාවන් ගැනද වාර්තා වි ඇත. එවන් වංචනික ක්‍රියාවන්ට වැට බැඳිමටත් සිදුවෙයි. ආනයනය කළ සෑම වාහනයකටම ඡායාරුප කිහිපයක් ඇතුළු වාහනයට අදාළ සෑම තොරතුරක්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ලබා ගනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තව දවස් කියද ඔය ඇමති කම් තියෙන්නේ.කරන දෙයක් ඉක්මනට. (ස)
ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ ඇනවුම් කල වාහනය මේ මාසේ තිස් වෙනිදා මට ලබා දිය හැකි බව අදාළ වාහන සමාගම(ඒජන්ත) මට දන්වා එවා තියෙනවා. මේ ප්‍රමාදයට ඔවුන් නොයෙකුත් හේතු දක්වනවා. දැන්වත් මේවා මගහැරිලා යාවියැයි සිතනවා. (ස)
අපොයි ඔය ක්‍රමය ගිය ආණ්ඩුව කාලෙත් තිබුනනේ. ඔය කියන විධියට බදු, ගාස්තු මොනවත් නැහැ. ගිය. ගත්ත , ආවා.(ම)
ටක් ගාලා ගන්න වෙනත් ක්‍රම හොයන්න ඕනෑ නැද්ද මින් පස්සේ එහෙනම් (ම)
ප්‍රවාහන ඇමැති වෙලා නිකං “ටක් “ “ටක් “ ගාන්නේ නැතුව අර ගිය ආණ්ඩුවෙන් ගෙන්නපු බස් ටික ඉක්මනට ඩිපෝ වලට බෙදල දාන්න. අපිට අඩුගානේ වෙලාවට වැඩට යන්නවත් පුලුවන්වෙන්න .(ම)
ස්තූතියි හොඳේ. අතේ පිච්චිය නැතත් මාත් එකක් ගේනවා (නි)
ධම්ම කියන දේ ඇත්තක් නම් බොහොම කණගාටුයි. බොරුවක් නම් ලොකු පාපයක් කරගන්නේ. (නි)