තම පරිහරණයට ගෙන්වන වාහන වරායට පැමිණි දිනයේම සියලු දේ සම්පුර්ණ කරගෙන වාහනය ගෙදර ගෙන යාමට හැකි බව ප්‍රවාහන ඇමැති කියයි.
බදු ගෙවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සියලු සේවා ලබා ගෙන අංකයත් සමඟ වාහනය නිදහස් කරගෙන යාමට හැකි ක්‍රියාදාමයක් ළඟදීම ආරම්භ කිරිමට නියමිතය.
මේ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කවුන්ටරයක් වරාය පරිශ්‍රයේ පිහිටුවිමට ක්‍රියාකරගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසිය. මහජනතාවගේ පහසුව වෙනුවෙන් මෙවන් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන ලෙස ප්‍රවාහන ඇමැති මද්දුම බණ්ඩාර මහතා ලබාදුන් උපදෙස් මත නව වැඩපිළිවෙළ හදුන්වා දෙයි.
වාහන ආනයනයකරුවන් හරහා තම ප්‍රයෝජනයට ගෙන්වන වාහනය සඳහාත් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිමට හැකි වැඩපිළිවෙළක් මේ යටතේ සැකසෙයි.
ආනයනය කරන සෑම වාහනයකට ම අදාළ සියළුම තොරතුරු රේගුව මගින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට ලබා ගැනෙයි.
වාහන ආනයනයකරුවන් මගින් වාහන ආනයනයේ දී ඉල්ලුම් කළ වාහනයට වඩා හාත්පසින් වෙනස් වාහනයක් ලබාගැනීමට සිදුවන අවස්ථාවන් ගැනද වාර්තා වි ඇත. එවන් වංචනික ක්‍රියාවන්ට වැට බැඳිමටත් සිදුවෙයි. ආනයනය කළ සෑම වාහනයකටම ඡායාරුප කිහිපයක් ඇතුළු වාහනයට අදාළ සෑම තොරතුරක්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව ලබා ගනි.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
“ටක් “ ගාලා වාහනේ ගන්න ක්‍රමයක් එයි
රුවන් Wednesday, 22 April 2015 08:45 AM
අනේ තව දවස් කියද ඔය ඇමති කම් තියෙන්නේ.කරන දෙයක් ඉක්මනට. (ස)
ධම්ම Wednesday, 22 April 2015 08:53 AM
ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ ඇනවුම් කල වාහනය මේ මාසේ තිස් වෙනිදා මට ලබා දිය හැකි බව අදාළ වාහන සමාගම(ඒජන්ත) මට දන්වා එවා තියෙනවා. මේ ප්‍රමාදයට ඔවුන් නොයෙකුත් හේතු දක්වනවා. දැන්වත් මේවා මගහැරිලා යාවියැයි සිතනවා. (ස)
අජිත් කරුණාරත්න Wednesday, 22 April 2015 09:31 AM
අපොයි ඔය ක්‍රමය ගිය ආණ්ඩුව කාලෙත් තිබුනනේ. ඔය කියන විධියට බදු, ගාස්තු මොනවත් නැහැ. ගිය. ගත්ත , ආවා.(ම)
කමල් Wednesday, 22 April 2015 09:42 AM
ටක් ගාලා ගන්න වෙනත් ක්‍රම හොයන්න ඕනෑ නැද්ද මින් පස්සේ එහෙනම් (ම)
අමිත Wednesday, 22 April 2015 10:38 AM
ප්‍රවාහන ඇමැති වෙලා නිකං “ටක් “ “ටක් “ ගාන්නේ නැතුව අර ගිය ආණ්ඩුවෙන් ගෙන්නපු බස් ටික ඉක්මනට ඩිපෝ වලට බෙදල දාන්න. අපිට අඩුගානේ වෙලාවට වැඩට යන්නවත් පුලුවන්වෙන්න .(ම)
විකී Wednesday, 22 April 2015 12:37 PM
ස්තූතියි හොඳේ. අතේ පිච්චිය නැතත් මාත් එකක් ගේනවා (නි)
සිරිමල් Wednesday, 22 April 2015 01:16 PM
ධම්ම කියන දේ ඇත්තක් නම් බොහොම කණගාටුයි. බොරුවක් නම් ලොකු පාපයක් කරගන්නේ. (නි)