ගාල්ල මා ගාල්ල අනුලාදේවි බාලිකා විදුහලේ හතර වැනි ශ්‍රේණියේ දැරියකට ශිෂ්‍යාවන් තුන් දෙනකු ලවා ටොකු ඇන්න වූ බව කියන ගලප්පත්තිගේ නිදූෂි මධුෂිකා ගුරුවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නියෝග කෙළේය.
දැරියගේ මා පියන් හමුවී මෙම සිද්ධියෙන් ඇයට යම් පීඩාවක් වී ඇත්දැයි සොයා බලන ලෙස මහේස්ත්‍රාත්වරයා ළමාරක්ෂක අධිකාරියට නියෝග කළේය. දැරිය පසුගිය පෙබරවාරි මසයේ මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ, මේ ගුරුතුමියව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුයි. නැවත පන්තියක් භාර දීමට පෙර එය කළ යුතුය. එයට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පෙර එය කළ යුතුයි (බ)
මේ තැනැත්තිය පුහුණු වන ගුරුවරියක් බව ආරංචියි. එසේනම්, පුහුණුව අත් හිටුවා, පුනරුත්ථාපනය ට යොමුකරන්න. (බ)
තවත් ඉන්නවා මේ ලිස්ට් එකට පරිස්සම් වෙන්න ටීචර් (බ)
මෙහෙම අයට සෞදි නීතිය අනුව දඬුවම් දෙන්න ඕනෑ (නි)
මේ ගුරුවරියගේ වරදක් මම නොදකිමි. මොවුන්ට නියමිත පුහුණු පාඨමාලා පවත්වා පරිසරයට ගැළපෙන ආකාරයට ඔවුන්ගේ මානසිකත්වය සකස් නොකිරීමේ වරදයි මේ තියෙන්නේ. මේකට බලධාරීන් වගකිවයුතුයි. පරණ ගුරු විද්‍යාල ටික වසා දැමීමේ කරුමය තමා මේ අත්විඳින්නේ. (නි)
වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියනවනේ. (නි)
මම හිතනවා මීට වඩා ඉතා සංකීර්ණ කෝණයකින් මේ දෙස බැලිය යුතුයි කියලා. මගේ යෝජනාව නම් සියලු ගුරුවරුන්ට අධ්‍යාපන පරිපාලන උපාධියක් අනිවාර්ය කළයුතුය. මම ඉතා ඉහළින් සෑම විභාගයක්ම සමත් වුණත්, ඉංජිනේරුවෙකු වුණත් මම රටට ආදරෙයි (නි)
ටොකු අන්නන්න විතරක් නොමයි, කන් පලන්න ඕනෑ මහා අය ඕනෑතරම් මේ සමාජයේ ඉඳිද්දි මේ ටීචර් ටොකු අන්නලා තියෙන්නේ පොඩි දරුවෙකුටනේ? (නි)
හදන්න බැරි ළමුන් හදන්න පුළුවන් වුණත් හදන්න දෙන්නේ නැත්නම්, ඒ ළමුන් අතහැරලා දාලා, පාඩුවේ රැකියාව කරන්න. නිකන් ලෙඩ දාගන්න එපා. (නි)
අනුන්ගේ පානෙන් එළිය බලා තමන් ඉංජිනේරුවෙක්, විභාගය ඉහළින් සමත් කියලා පම්පෝරි ගහන අයද මානසික වෛද්‍යවරයෙකුට පෙන්නුවොත් හොඳයි (නි)
ගුරුවරුන්ට අඩුම තරමේ ' හරි පුදුම ඉස්කෝලේ' වගේ පොත්වත් කියවලා එන්න කියන්න (නි)
අනේ ගයාන්, ඔය මොනවා දන්නවද ළමුන් ගැන. ගුරුවරයා ටොකු අනිනවා වගේ නොවෙයි ළමයි ටොකු අනිද්දී. ගුරුවරය ටොක්කේ සැර ගැන දැනගෙනයි අනින්නේ. එ්ත් ළමයි අනිනකොට රිද්දන්න අනින්නේ. ඕකෙන් වෙන්නේ ළමයි අතරේ වෛරය ඇතිකරන එක. (නි)
ඒ වගේම දඬුවමක් දෙන්න ඕන මතක හිටින්න (බ)
මෙයාට ගුරු පදවිය ගැලපෙන්නේ නැහැ. හොඳයි බන්දනාගාරයට. (බ)
අනේ මන්දා කවුරු හරිද කවුරු වැරදිද කියලා (නි)
මෙවන් මානසික රෝග ඇති අයට ගුරුවරුන් ලෙස සිටිමට ඉඩ නොදෙන්න. (බ)
පෙබරවාරි මාසේ වෙච්ච මේ වගේ සිද්ධියකටත් තවම හරියට දඩුවම් කරන්න බැරි තරම් හොද මොලය තමයි ලංකාවේ තියෙන්නේ. අවුරුදු 10ක 12ක ළමයෙකුට අනිත් ළමයි ලවා ටොකු ඇන්නම දෙමව්පියන් විතරක් නෙමෙයි අහල පහළ අයටත් ආපදාවක්නේ. මේ අයට ශරීර ඇප විතරක් දුන්නම ඇද්ද? (බ)
ගුරුවරියක් වෙලත් මෙයාට පුංචි දරුවෙකුට මෙහෙම දෙයක් කළයි කියන්නේ මෙයාලා ඉගෙනගෙන තියෙන්නේ මොනවද? (බ)
ළමයින්ව හදන්න යන්න එපා. ඉගෙනගන්න එකා ඉගෙනගනී. නැති එකා නෑමයි. ඉස්සර අපි ගුටි කාලා හැදුනට දැන් ළමයින්ගෙ දෙමාපියෝ පිට මිනිස්සු තමන්ගෙ ළමයි හදනවට කැමති නැහැ. ගන්න වැටුපට සාධාරණයක් වෙන්න වැඩ කරලා පැත්තකට වෙලා ඉන්න. හැබැයි තමන්ගෙ ළමයි නම් දඬුවම් කරලා හරි හොඳට හදන්න ඕනෑ. (නි)
ඇය ගුරු වෘත්තියට සුදුසු නැත . සදහටම ගෙදර යැවිය යුතුය (බ)
මෙහෙම අයට ගුරු පත්වීම් දුන්නේ කවුද? (නි)
සරසි, නියමයිනේ ඔයාගේ අදහස් (නි)
නියම දඩුවම , ඔක්කොටම කලින් ළමයින්ට උගන්වන්න පුරුදු වෙලා එන්න කියන්න ඕනේ .(බ)
මේ අයට ඇප දීලා මදි.(හේ)
මේ වගේ ගුරුවරුන් මොකක් හරි මානසික රෝගයකින් පෙලනවා වෙන්න පූලුවන්.(හේ)
ඔය මදි හය මාසයක් වත් ඇතුලට දාන්න තිබුනේ (හේ)