(එෆ්.අස්ලම්)
උතුරු නැගෙනහිර පළාත්වලින් පමණක් මැතිවරණවලට තරග කළ දෙමළ ජාතික සන්ධානය ඉදිරි මැතිවරණවලදී කොළඹ දිස්ත්‍රික්කයෙන්ද තරග කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇතැයි එම සන්ධානයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ඉලංගයි තමිල් අරසුකච්චි පක්ෂය මූලිකත්වය ගනිමින් එම සන්ධානයේ ටෙලෝ හා ප්ලොට් පක්ෂ සමගින් සාකච්ඡා ආරම්භ කර ඇතැයිද පැවසේ.
වැල්ලවත්ත, බම්බලපිටිය ඇතුළු කොළඹ දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ ගණනාවක දෙමළ ජනතාව බහුලව ජීවත්වීමත් ඒ අතරින් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර පළාත්වලින් කොළඹට පැමිණි පදිංචිකරුවන් වීමත් ඒ ජනතාවගේ ඉල්ලීම මත මේ කෙරෙහි අවධානය යොමුකර සාකච්ඡා කර සිටින බවත් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පසුගියදා බම්බලපිටියේ පැවති එම පක්ෂයේ රැස්වීමකදීද අවධාරණය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ දෙයක්. මිට පස්සේ උතුරු නැගෙනහිරට ස්වයං පාලනයක් ඉල්ලන්න බැහැ. එයාලට පිළිගන්න වෙනවා දෙමළ ජනතාව විශාල ප්‍රමාණයක් උතුරු නැගෙනහිරින් පිටත් ජිවත් වෙනවා කියන එක.
අනිවාර්යෙන්ම කොළඹ සහ ඒ අවට ඉන්න ඔක්කොම අය ඡන්දෙ දෙන්නෙත් මෙවුන්ටම තමා. අනිවාර්යෙන් පාර්ලිමේන්තු යන ටී ඒන් ඒ් සෙට් එක වැඩි වෙනවා. එතකොට මේ කට්ටියගේ බලය වැඩි වෙලා ප්‍රධාන පක්ෂ දෙක නටවන්න පටන් ගන්නවා. මේවට දීර්ගකාලින විසදුම් ලෙස උතුර නැගෙනහිර සිංහල මිනිසු වැඩිපුර පදිංචිකර ඒ ඡන්ද වලින් යම් කිසි සිංහල මන්ත්‍රී ප්‍රමාණයක් ඒ පැති වලින් හදාගන්න ඕනේ මේ අයගේ කේවල් කිරීම නවත්වන්න. මොකද එහෙම කරන්න බැරිකමක් නැහැනේ. මේ අයට ලංකාවේ හැමතැනම නිදහසේ ගෙවල් දොරවල් හදාගෙන, ව්‍යාපාර කරගෙන ඡන්දෙත් ඉල්ලන්න පුළුවන් නම් ඇයි සිංහලයට බැරි. අපට දැන් කෙලින් කතාකරන්න කෙලින් තීරණ ගන්න නායකත්වයක් ??????
ඒක එහෙම උනොත් හොදයි, නමුත් මෙ දක්වා මෙයාලගෙ අදහස උනේ උතුරට ස්වයං පාලනයක් දීමෙන් පස්සෙ අනිත් ප්‍රදේශවල ඉන්න දමල ජනතාවට සහයෝගයෙන්න් ඉන්න පුලුවන් වෙන්න කියන එකයි.
එකෙන් පාඩුව වෙන්නේ ගනේෂන්ට තමයි....
එහමනං ජනවාර්ගික ප්‍රශ්නයක් රටේ නැහැ. දෙමල ජනතාව උතුරු නැගනහිරෙන් පිට හොඳින් ජීවත් වෙනව නේ. ජනීවාවලට ඉදිරිපත් කරන්න මේක ඉතා වටිනා තුරුම්පුවක්. නමුත් මේ පාලකයන්ගෙන් මේක බලාපොරුත්තු වෙන්න බැහැ.
මේ ගොල්ලෝ "කවමදාකවත් ගෝඨාභයට හෝ මහින්දට නැවත බලයට පැමිණීමට ඉඩ දෙන්නේ නැහැ" කියලත් ප්‍රකාශ කර තියෙනවා. ඒ ප්‍රතිපත්තිය මත තමයි අය වැය ඡන්දයේදී එයට පක්ෂව ඡන්දය භාවිත කලේ කියලත් කියල තියෙනවා.
ඔවු ඉතින් කොළඹ ඉන්නේ මුස්ලිම් සහ දෙමළ අයනේ.
ඇයි උතුරට විතරක් ,දකුණට ,වයඹට,කදුරටට සංහිඳියාව ,
ළඟදීම කොළඹත් ඉල්ලයි එහෙනම්
කවදාවත් දිනන්නෙ නෑ
කොළඹ දිස්ත්‍රීක්කයේ වසන දෙමළ ජනතාව මේ අයට කිසි දිනක ඡන්දය දෙන්නේ නැහැ.
බොහොම හොඳ අදහසක්. මමත් ඡන්දෙ දෙනවා. දෙමු චාන්ස් එකක්!
මුසල්මානුවෝ නැතිනම් හම්බස්ලා ඡන්දෙ නොදී කොහොමද?
ඉතා හොඳ දෙයක්ලු අපි බලාගෙන ඉන්නේ... තව ජූලියක් එනකම් අපේ ඉඩම් ටික බේරාගන්න....
දෙමල්ලුන්ටම කත් අදිනවා වගේ...
තව ජූලියක් ලංගම එනවා වගේ දැනෙනවා.
මේ ගොල්ලෝ අපේ පළාත්වලට පදිංචියට එන්නේ නැත. මොකද දන්නේ නැත. එන්නකෝ අනේ එන්නකෝ...!!!