(බිඟුන් මේනක ගමගේ )
කාත්තන්කුඩි නගරයේ ටෙලිකොම් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයක තිබී ටී පනස් හය ගිනි අවි උණ්ඩ 48 ක් සමඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්ය මණ්ඩලයේ යැයි පැවසෙන පුද්ගලයන් දෙදෙනකු සැක පිට අද(30) උදේ අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කලක් තම දේශපාලන කාර්යාලයක් හැටියට මෙම ගොඩනැගිල්ල භාවිත කර ඇති බවත් එය පරීක්ෂා කළේ කාත්තන්කුඩි නගරයේ සිදු කෙරුණු හදිසි සෝදිසි කිරීම් යටතේ බවත් එම නිලධාරියා කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇති එන්.එම්.ඒ කරීම් නමැත්තා කළමණාකාර සහාකාරවරයකු හැටියට ද එම්.අයි නසාර් නමැත්තා මහජන සබඳතා නිලධාරියකු හැටියට ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන බව එම නිලධාරියා කීය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ හැඳුනුම්පත් දෙකක් ද ඔවුන් සතුව තිබී ඇති අතර එම හැඳුනුම්පත් දෙකම 2019 වසරේදී නිකුත් කළ ඒවා බව ද එම නිලධාරියා පැවසීය.
මෙම ටී පනස් හය උණ්ඩ අදාළ කාර්යාලයට ලැබුණේ කෙසේද යන්න ගැන ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කරන බව ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම හදිසි පරීක්ෂා කිරීම සඳහා කාත්තන්කුඩි පොලිසියට පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුකාරය අත්අඩංගුවට ගන්නේ නැහැ කීයටවත්. පොඩි මිනිහෙක් දාල බේරෙනවා. බස්නාහිර ආණ්ඩුකාරය සහ නැගෙනහිර ආණ්ඩුකාරය මේ වෙනකොට ඇතුලේ ඉන්න ඕන. ආණ්ඩුව තවමත් මුස්ලිම් ඡන්ද ගැන විතරයි හිතන්නේ
දැන් එයා කියාවි එයා මේවා දන්න නැහැ කියල. මේක තමයි දේශපාලකයන්ට ගැලවීමට තියන හොඳම උත්තරය.
මාර වැඩ තමයි. ආණ්ඩුකාරවරයා තාම එළියෙ. අනේද කියන්නෙ !
ඔය කියන කෙනාට නේද නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයක් හදන්න ආණ්ඩුවේ ඉඩම් දුන්න මදිවට දවස් 52 ආණ්ඩුවේ ඇමතිකමකුත් දුන්නේ. අපට ගහනවා මදි.