
ඩී.ජී. සුගතපාල
අක්මිමණ තල්ගස්යාය ප්‍රදේශයේ ඉඩමක තිබි ටි 56 ජිව උණ්ඩ 25ක් අද දහවල් සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
ගාල්ලේ පදිංචිව සිටින පුද්ගලයෙකු මෙම ඉඩම මිලට ගෙන අද දින සුද්ධ කරමින් සිටියදි සිමෙන්ති ගඩොල් ගොඩක ටින් එකක උණ්ඩ තිබෙනු දැක පොලිසියට දන්වා ඇත.
ඒ අනුව පොලිසිය පැමිණ පරික්ෂා කිරිමේදි ඒවා ටි 56 උණ්ඩ බවට හඳුනා ගෙන ඇති අතර පසුව පොලිස් ස්ථානය වෙත ගෙනගොස් ඇත.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවකුත් අත් අඩංගුවට ගෙන නොමැති අතර හෙට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිත බව ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd