(අංජුල මහික වීරරත්න)

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේද මැදිහත් වීම යටතේ ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළ යුතු බවට දැඩිව අවධාරණය කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන්ය.

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා පැවැත්වූ සත්‍යග්‍රහය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ දැනුම්දීම අනුව තාවකාලිකව අවසන් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. 

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම අනුව ඥානසාර ස්වාමීන් වහන්සේට ජනාධිපති සමාව ලබාදීමට එදා පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහිද ජනාධිපති සමාවක් යළි උන්වහන්සේ වෙත පිරිනැමීමට සලකා බැලිය හැකි බව සඳහන්ය. 

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් පාගමනට සහ සත්‍යග්‍රහයට සහභාගී නොවූ භික්ෂූන් වහන්සේලාට එරෙහිව නියෝග ලබා ගැනීමට රජය ක්‍රියා කරනු ලැබීය. මේවා නොවිය යුතු බරපතල වැරදිය. එසේම උන්වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීමට නියෝග දුන් අය සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වීම සුදුසුය යනුවෙන් ද එම නිවේදනයේ සඳහන්ය.