බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මීට සුළු මොහොතකට පෙර හෝමාගම පොලිසියට බාරවූහ.
සඳුදා හෝමාගම උසාවියේදී ඥානසාර හිමියෝ ප්‍රගීත් එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදීම හේතුවෙන් උසාවියට අපහාසයක් වූ බව කියමින් මහේස්ත්‍රාත් අධිකරණය ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණි.
භික්ෂුන් වහන්සේලා 50 නමක් පමණ ඥානසාර හිමියන් සමග පොලිසියට වැඩම කළ බවත් වාර්තාවේ.
බොදු බල සේනාවේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ (මැද) සමඟ ඥානසාර හිමියන් වාහනයකින් උසාවියට ගියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධාගමේ ගෞරවය රැකගැනීමට මොහුට උපරිම දඬුවම් නියම කල යුතුයි .(අ)
ඥානසාර ගරුතර හමුනුදුරුවනේ අපි ඔබ සමගයි. අපට සිංහල බෞද්ධ හැඟීම් කාවද්දුවේ අමරවංස හිමි අපි උන්වහන්සේටත් ගරු කරනව (කෞ) .
රටේ නීතිය හරියට ක්‍රියාත්මක උනානම් මේ ප්‍රශ්න මොකුත් නැනේ. වැරදි කරානම් කවුරු උනත් දඩුවම් ලැබිය යුතුයි. (කෞ)
මේ වගේ මින්ස්සු සිවුරට යට වෙලා අනිත් මිනිස්සුන් වඅපාය ට යවන්නයි හදන්නේ. (කෞ)
අපේ හාමුදුරුවන් කියන කරන දේ අද ඉන්න සහජීවන සිංහල අයට නොතේරුනාට කවද හරි තේරේවි එක හරි කියල. (අ)
උසාවියට බැරිනම් දඩුවම් කරන්න මහජනයාවත් මොකක් හෝ කලයුතුය (අ)
ඔබ වහන්සේ හරි. සාමකාමීව දක්වන විරෝධයන්ට වගකිව යුත්තන් අවධානය යොමු නොකරනවා නම් මෙවැනි ආකාරයෙන්වත් විරෝධය දැක්විය යුතුයි. (හේ)
උසාවියක් ළඟ ඒ අසල ඒ තුල අපිට ඕනි හැටියට හැසිරෙන්න බැහැනේ. නීතියට අපි කවුරුත් ගරු කරන්න ඕනි නේද? (හේ)
මේ හාමුදුරුවන් කෙලින් කතාකරනවට මම හරි කැමතියි. නමුත් උසාවියට අපහාස වන ආකාරයට අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධ කනගාටු වෙමි. මෙවැනි අයගෙන් අන්තිමට චීවරයට තියන ගරුත්වයත් නැත්තටම නැතිවනවමයි (බ)
හරිම කනගාටු දායක සිද්ධීයක්, මෙතුමාගේ ආවේගශීලිත්වය එතුමාගේ ජාති හිතෛයිශි ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට යොදාගන්නවා.(ම)
මේ හිමියන්ට අවශ්‍ය ටිකක් රට අවුල් කරලා බලන්න.(කෞ)
යවන්න ඕන තැන අපි දන්නවා (බ)
මේ උන්නාන්සේට පාඩමක් මෙවරවත් උසාවියෙන් ඉගැන්නුවේ නැත්නම් අනිත් මිනිස්සුත් එයාව ආදර්ශයට ගනීවි. (නි)
කට්ටියත් එක්කම ඇවිල්ලා, හරියට රණ්ඩුවකට වගේ (නි)
පොදු මහජනතාවට තදින් බලපාන දැවෙන ප්‍රශ්න රටේ තිබියදී රජය ජාත්‍යන්තරය සතුටු කරන්නට යාමේ ප්‍රතිඵල දැන් පෙනේ. තවදුරටත් ගරුතර මහා සඟරුවන සහ බොදුනු ජනතාව මහමඟට ඇදවැටීමට පෙර රජය වගකීමෙන් කටයුතු කළයුතු වේ. (නි)
සෑම අවස්ථාවකම නොවුණත් ඔබ වහන්සේගේ අදහස් හා ක්‍රියාවන් අද අපේ රටට මේ අවස්ථාවේදි වැදගත් වෙනවා. නමුත් ඔබ වහන්සේ එම අදහස් ක්‍රියාවට නැංවීමේදි හැසිරෙන ආකාරයයි වැරදි. (නි)
ඔබ වහන්සේ හරි කියන තැන මම ඉන්නවා. හමුදාව වෙනුවෙන් නොබියව කතාකරන්න ඉන්නේ ඔබ වහන්සේ පමණයි.කොටි නිදහස් කරන පාලකයෝ, යුද්ධය නිම කරන්න බිල්ලට ගිය ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් කෝ හඩක් නගනවා. (බ)
ජෝන්.. කොහෙද කවදද ඥානසාර ගරුතර මහා සඟරුවන ක් වුණේ (බ)
අවුරුද්දකට මහා උළු ගෙදරට දැම්මනම් හරි. එස් බී දිසානායක ට කෙරුව වගේ. (බ)
මේවා කුණු දේශපාලන! මෙතුමන්ට කොහෙත්ම අවශ්‍ය නැහැ මේ විදිහට හැසිරෙන්න! මෙතුමා මේවා කරන්නට එකම හේතුව තව කෙනෙකුට කඩේ යාමක් මිස වෙන මොනවත් නැහැ. සිංහලයන්ට අබ සරණයි ...(බ)
ඔබ වහන්සේට තෙරුවන් සරණයි....රණවිරුවන් මෙතරම් පහත් කොට සලකන විට ...ඔබ වහන්සේ කරන නිර්බය ප්‍රකාශ වලට සමහර කොළඹ අයට ලජ්ජා හිතිලා අපේ හාමුදුරුවනේ....(බ)
රටේ නිතිය කාටත් පොදුයි, ජනතිපතිටත්, දුප්පතාටත්, පෝසතාටත් වෙන වෙනෙම රටේ නිති හදන්න බැහැ, ඔබ වහන්සේගේ ක්‍රියාවට හැසිරෙන ආකාරයයි වැරදි, (බ)
අපේ නිතිය හරිම අපුරුයි නේද (බ)
අධිකරණය හෝ කිසියම් ස්ථානයක සංඝයා වහන්ස නමක් හැසිරිය යුතු අන්දම බුද්ධ දේශනාවේ සදහන් වේ. එයට පිටින් කටයුතු කිරිම බුද්ධ දේශනාවට ,ජාතියට හා සමස්ථ ලාංකිකයන්ටම කරනු ලබන බරපතල වරදකි. (බ)
කුසුම්,කඩේ යාම නවත්තල රට ගැනත් හිතන්න. පාලකයන්ගේ දුර්වලකම හින්ද අද පංච මහා බලවේග පාරට බැහැල. (බ)
මහත්වරුනි,සමහරවිත මම වැරදි වෙන්න පුළුවන්, වෙන ආගමක නායකයෙක් හෝ දේශපාලන නායකයෙක් තමන්ගේ අාගම හෝ ජාතිය වෙනුවෙන් පෙනීසිටීම වැරදි නොවෙන්නත් බෞද්ධ කෙනෙකු එසේ කළහොත් ජාතිවාදී යි සැලකීමත් අපගේ ජාතියේ හැටිද නැතිනම් එය එසේ විය යුතුද (බ)
කුසුම් මේ උන්නාන්සේලා නිසා තමයි බුද්දාගම අනාගතයට ඉතුරුවෙන්නේ. වරිය පොළ සුමංගල. මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි හාමුදුරු වරුන් ගැන දන්නේ නැතිනම් එය ඔබලාගේම කර්මය. (අ)
රට ආරක්ෂා කිරීම රජය හා ත්‍රිවිද හමුදාව මගින්කරනවා.ඔබවහන්සේ අඩුම තරමින් ජනතාව පස්වෙනි සිල් පදය කැඩීම වලක්වගනිමවත් කරන්න සුරාපානය නිසා ජනතාව විනාශ වෙනවා. (අ)
උසාවියට ගරු නොකරන අයට තරාතිරම නොබලා දැඩි දඬුවම් දිය යුතුයි (අ)
සුමිත්‍ර බොරුවට කියවනන එපා. හමුදාව අය වුණත් වැරදි කළ නම් දඬුවම් ලබන්න ඕනේ. මතකද, රතුපස්වල වගේ සිද්දීදීන්. මෙහෙ එහෙම කලා නම්, උතුරේ කොහොම කරන්න ඇතිද. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් අපිත් ඉන්නවා - හැබැයි හොරු වත් අපරදකාරයෝ වත් රකින්න නෙවෙයි.(අ)
හර්ෂ ඇයි ඔබට එක ප්‍රශ්නයක් ද සිංහල බෞද්ද අපට එක ප්‍රස්නයක් නොවෙයි. (අ)