හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වෙද්දී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදුණු බව කියන බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පොලිසියට නියෝග කළේය.
විවෘත අධිකරණයේදී අධිකරණයට අපහාස කළැයි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් වරෙන්තු නිකුත් කළේය.
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන වැදීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයෙන් පිටව ගිය බවද කියති.
අතුරුදන් කළැයි කියන ප්‍රගීත් එක්නැලිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මේ සිද්ධිය මහේස්ත්‍රාත්වරයාට සැල කළහ.
එක්නැලිගොඩ නඩුවේ හමුදා බුද්ධි අංශ සැකකරුවෝ අද අධිකරණයට පැමිණ සිටියහ. යුද හමුදාපති පරීක්ෂණවලට සහාය දෙන බව පැවසූ නිසා ඔහු සම්බන්ධ ප්‍රශ්නයක් පැන නොනගින බව මහේස්ත්‍රාත් කීවේය.
ලබන 9 වැනිදාට නඩුව කල් තැබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය නිසා තමයි සංඝ කතිකාවත ගෙන ආ යුත්තේ. (නි)
අර පනත ඉක්මනින්ම ගෙන්න ඕනේ. (ර)
අපට ශ්‍රී සුමංගල හාමුදුරුවෝ මතක් වෙනවා. පොදු ජනතාව ඔබ සමග. (ර)
සිවුරට හැංගිලා ඕන තරමක් කුණුහරුප කියන අයෙක්. පාලකයන්ට බනින්න අයිතියක් නෑ (බ)
මේ වගේ අය ශාසනයට සුදුසුද? (නි)
සංඝ කතිකාවේ වටිනාකම පේනවා නේද? (කෞ)
හාමුදුරුවෝ පෙනී හිටියේ රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන්. දැන් ඉන්න මිනිස්සු කොටි දන්නෙත් නැහැ රණවිරුවෝ අදුනන්නෙත් නැහැ.(අ)
ශාසනය පිරිසිද කළ යුතුයි (අ)
හාමුදුරුවනේ රට ජාතිය වෙනුවෙන් ඉවසීමෙන් වැඩ කරන්න. (අ)
හාමුදුරුවෝ පෙනී හිටියේ රට බේරාගත් රණවිරුවන් වෙනුවෙන්. දැන් ඉන්න මිනිස්සු කොටි දන්නෙත් නැහැ රණවිරුවෝ අදුනන්නෙත් නැහැ (බ)
මේ වගේ අය වහාම ශාසනයෙන් පන්නා දැමිය යුතුයි. (බ)
අනේ පව් මෙයා.. කට නිසා හැමවෙලේම ප්‍රශ්නයක් (බ)
යාපනේ උසාවියට ගල් ගහපු අයට නඩු නැද්ද? හාමුදුරුවනේ, අපි ඔබ වහන්සේ සමඟයි. ඔබවහන්සේ කවුද කියල තේරෙන්න මිනිසුන්ට ගොඩක් කල් යයි. සෝම හාමුදුරුවන්ටත් මිනිස්සු බැන්නනේ. ඒත් අගය තේරුනේ අපවත්වෙලා කාලයක් ගියාට පස්සේ. (නි)
කාලයක් නීතිය අතට අරන් හිටිය නිසා දැන් නඩුකාරයෙක් කියලා හිතෙනවා ඇති (බ)
අඩුම තරමේ චීවරේ ගෞරවයවත් රැක ගමුද අපේ හාමුදුරුවනේ ? (ම)
ඔබ වහන්සේ කෙලින් කතාකරන කෙනෙක් බව ඇත්ත. එත් මොනවද මේ කරගන්නේ.(ම)
එතකොට අධිකරණෙට ගල් ගහපු අයට මේ බුද්ධි අංශ තමයි තාම මේ උතුම් රට තියෙන්නේ. රට පාවා දීලා සල්ලි හම්බ කරපු කෙනා නිසා නෙමෙයි (බ)
දුක ඇති මෙයාලගේ රජ්ජුරුවන්ගේ අපරාධ අහුවෙයි කියලා (හේ)
හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ දේශපාලන ව්‍යාපාරය රටට ජාතියට සේවයක් තමයි, ඒත් තැනකට ගියහම හැසිරෙන විදියක් තියනවා. අර ක්‍රිකට් ගහනකොට වගේ අනවශ්‍ය පන්දුවලට පිත්ත දිගු නොකර තොර බේරාගෙන ගියොත් දිගු ඉනිමක් යන්න පුළුවන්.(හේ)
අබ සරණයි (බ)
බුද්ධාගමේ නාමයෙන් පෙනිසිට සැබෑවටම එය විනාශ කරන කෙනෙක් (බ)
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......(බ)
හමුදුරුවනේ බණක් භාවනාවක් කරගෙන හිටියානම් හරිනේ.(හේ)
ඔබවහන්සේ රට වෙනුවෙන් කතා කළා. (ම)
ඔබ වහන්සේ රටටත් ජාතියටත් මහත් ආඩමිබරයක් ජය වෙිවා (ම)
ජගත්, ඔබ හරියටම හරි. අපවත් වී වදාළ අපේ සෝම හාමුදුරුවන් මීට වඩා සේවයක්, පිබිදීමක් කළා. එහෙත් උන්වහන්සේ මේ විදිහට කවදාවත් හැසිරුනේ නැහැ. (නි)