බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද වරෙන්තු නිකුත් කළේය.
අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කරන උසාවිය නියෝගයක් තිබිය දී එය නොතකා උද්ඝෝෂණ කළැයි අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබීය දී අධිකරණය මග හැරීම සම්බන්ධයෙන් ඥානසාර හිමිට එම වරෙන්තුව නිකුත් විය.
ඥානසාර හිමි එතෙර ගොස් සිටින බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවි නියෝගයට විරුද්ධව කටයුතු කළොත් මේ දේ කාටත් සිද්ධ වෙන්න ඕනේ.නීතිය දැන් තමයි හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ.(හේ)
ඔය නීතිය රජයේ අයටත් වලංගු වෙනවා නේද? (නි)
චීවරය දාගත් නිසාද උසාවි නියෝග පිළිපදින්න බැරි? චීවරයේ ගෞරවය රැකෙන විදියට උසාවි එන්න, අපේ නිර්මල බුදු දහමට නිගානොකර (නි)
ප්‍රංශයට යන්න ඇති (නදී)
රටේ නිතිය ගරු නොකරන මේ අයට දඩුවම් දෙන්න තරා තිරම නොතකා ලොකුකම් පෙන්වූ කාලය දැන් අවසන් වේගන යන බව මේ අයට දැන් වත් තේරුම් යාවි (බ)
ශාලිත ඒක හරි මහා බැංකුවේ කොටි ගානකට දීලත් නිතිය හරියට ක්‍රියාත්මක වුනානේ. (නදී)
ජපානයේ ඉදන් ඥානසාර හිමි විරහ ගී කියනවා (බ)
අපිත් බලාපොරොත්තු වන්නේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වීමයි .....එහෙම වුනොත් රට ගොඩ .....(බ)
බොහොම හොඳයි බුද්ද සාසන අමාත්‍යංශයක් තිබෙනවා නම්. දහම පිළිබඳව යම් ප්‍රශ්ණ වලට මහනායක සඟ සභාවක් රටේ ඉස්තාපිත කර තිබෙනවා නම් එක එක සංඝයාට ඕන පරිදි රටේ නාඩගම් නටන්න අවසරයක් තිබෙන්න බැහැ (නදී)
බුදුදහම අන්‍ය ආගම් අතරින් සුවිශේෂී වන්නේ එහි තිබෙන අවිහිංසා පිළිවෙත, පරෝපකාරය ,සමානාත්මක තාවය හා සතුරාටත් මෛත්‍රිය පැතීමේ වැනි ගුණාංගයන් නිසාවෙනි. තමාව කියතකින් කැපුවත් මැරෙන මොහොත දක්වාම ඔහු සමග වයිරයක් ඇති නොකර ගන්න කියලයි දහම අවදාරණය කර තිබෙන්නේ. නමුත් කියන්න කනගාටුයි අප සාසනයේම සමහර බික්ෂුන් මේ උතුම් ප්‍රතිපත්ති වලට පටහැනිව බෞද්ධ ජනතාව උසිගන්වමින් අන්‍ය ජාතිකයින්ට තර්ජන කිරීමට පොළඹවනවා. ඒ බව පසුගිය කාල පරිච්චේදය පුරා අපට දකින්න අහන්න ලැබුනා. එය තවත් සනාත කිරීමට අවශ්‍ය නම් ජාතික කොඩියේ සුළු ජාතීන් සඳහා නිර්මාණය කර තිබෙන තීරු දෙක පවා පිළි නොගන්නා කියන අදහස ජනතාවගේ ඔලුවට දමා එම තීරු දෙක කොඩියෙන් අයින් කර ව්‍යාජ ලෙස ජාතික කොඩිය සකස් කිරීම පෙන්වා දිය හැකිය. එබැවින් සාසනය ආරක්ෂා කරගන්න නම් මෙවන් ජාත් වාදී අදහස් වපුරන හා නීතියට පටහැනිව ක්‍රියා කරන කිනම් බික්ෂුවක් හෝ සාසනයෙන් පිටමන් කල යුතුය (නදී)