මාලබේ තලාහේනේ පල්ලියකට අලාභ හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවෙන් බොදු බල සේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානාසාර හිමි ඇතුළු පිරිස නිදහස් කිරීමට ගත් තීන්දුව අහෝසි කර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිපති ගොනු කළ අභියාචනය සැප්තැම්බර් 13 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අභියාචනාධිකරණය අද(28) දෙවැනි වරටත් නොතීසි යැවීය.
පෙත්සම මාලනී ගුණරත්න සහ දේවිකා ද ලිවේරා තෙන්නකෝන් යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර බුදුහාමුදුරුවන්ට අපහාස කරපු තොප්පිකාරයාට එරෙහි නඩුව? ඒව අමතකද දැන්? (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ මහත්තයෝ, සිවුර ඔතා ගත්තු හැම කෙනෙක්ම බෞද්ධ හාමුදුරුවරුන් හැටියට සැලකිය යුතුද? බලය කියන්නේ ගණන්කාර කම නෙවෙයි. (බ)
මෙනම් විහිළු නඩු දැකීමට ලංකාවටම යා යුතුය . විසිකරපු නඩු මූන් ආයේ එලියට ගන්නවා. විහිළු නොකොර හොරුන්ගේ ලිපි ගොනු ටිකට ඉක්මනට නීතිපති කරනවානම් ගෞරවය ආරක්ෂා වේවි . (බ)
මදක් ඉවසන්න..ඉස්ලාම් ආගමට නිගාකර නඩුවත් මේ අත ළග.....වැරදි කරලා කාලය ගත වුනා නම් එම වැරැද්ද නිවැරදි වෙනවා කියලා මොන නීතියේ ද තියෙන්නේ? වැරදි කළා නම් කවදා හෝ වන්දි ගෙවන්න සිද්ද වෙයි කියන එක මතක තියා ගත්තොත් හොදයි.....(බ).
එතකොට බුද්ධාගමට කරන කෙනෙහිලිවලට කතාකරන්න හාමුදුරුවන්ට බලයක් නැද්ද ..(ස)
දැන් තිබෙන්නේ බෞද්ධයින් ලෙස අපිට සතුටු වියහැකි පාලනයක් නොවේ (නි)
වාසි පැත්තට පනින කට්ටිය ගැනත් අපි දන්නවා (නි)
ඔබ වහන්සේට අපේ සහය සම්පුර්ණයෙන්ම තිබෙනවා. බුදු සරණයි! (නි)
නරකද කොකාවිල් වල හිටපු සිංහලයින්ට නැවත පදිංචි වෙන්න දෙන්නේ නැති හේතුව හොයල වැරදි කරුවන්ට දඬුවම් කරන එක කළොත් ? (බ)