( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග වෙමින් තිබියදී අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසිරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඇති පැමිණිල්ල විභාග කිරීම ලබන 24 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නගා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාස කර ඇත්දැයි විභාගයක් පවත්වා ඒ පිළිබඳව පියවර ගන්නා ලෙස මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට යොමුකර තිබිණි.
මෙම චෝදනා පත‍්‍රය සහ එය ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා මීට පෙර ඒ සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පැමිණිල්ල පවත්වා ගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය චූදිත වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කරමින් එම හිමියන්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට තීන්දු කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදා උන් ජාතියක් අවදි කල එඩිතර සගරුවනක්. ඔබ වහන්සේව සාමයක් දුස්ථික දෙවිවරු රකිවා!!!!!!
හාමුදුරුවෝ කරන දේ වැරදි කියල කියනවනම් හාමුදුරුවෝ එහෙම කරන්නේ ඇයි කියලත් හොයන්න. දීගවාපිය ගැන, සෝමවතියේ බෞද්ධයින්ට ඇති අයිතිය පිලිබඳ අරගල කිරීම හාමුදුරුවන් කරන්නේ අදාළ පාලකයින් ඒ ගැන කටයුතු නොකරන නිසයි . අපි දන්නවා ඉන්දුනීසියාවේ, මාලදිවයිනේ, පාකිස්තානේ, ඇෆ්ගනිස්තානේ වුන දේවල්. ඉතිහාසය හාරලා බැලුවොත් හොයාගන්න පුළුවන් කොහොමද බෞද්ධයින්ට ඇති අයිතීය හෙමින් සැරේ විනාශ කරලා දැම්මේ කියල .සුද්දාගෙන් බේරෙන්න කියල ඉඩම් දීල පිටත් කරවපු සිංහල රජාගේ කාරුණිකකමටවත් කෙලෙහිගුණ දන්නේ නැතිව කරන වැඩවලට හාමුදුරුවෝ කරන අරගලය සාධාරණයි
මේකේ කොමෙන්ට්ස් දාන වැඩි දෙනෙක් රටට ආදරේ කරන අය වෙන්න විදියක් නෑ. මම කතෝලික. බුද්ධාගම රැකුනොත් තමයි කවුරුත් රැකෙන්නේ. ලංකාව අරාබි කොලනියක් වුන දාට තේරෙයි. හාමුදුරුවන්ට සියලු ආරක්ෂාව පතමි.
හාමුදුරුවන් අරගල කලාට කමක් නැහැ. හැබැයි බුදු දහමෙන් ලෝකයට දෙන පණිවිඩේ මොකද්ද කියල තේරුම් අරගෙන තමයි අරගල කල යුත්තේ.