( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කළැයි චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත‍්‍රය ලබන මස 18, 19, 20 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (12) නියම කළේය.
ඥානසාර හිමියන් අද(12) තෙවැනි වරටත් අභියාචනාධිකරණය හමුවේ පෙනී නොසිටි අතර මීළග නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි විත්තිකාර ඥානසාර හිමියන්ට දැනුම් දෙන ලෙස එම හිමියන්ගේ නීතීඥවරයාට නියෝග කළ අභියාචනාධිකරණය එදිනද අධිකරණයේ පෙනී නොසිටිය හොත් වරෙන්තු නිකුත් කළ හැකි බවද දන්වා සිටියේය.
මෙම නඩුව එල්.ටී.බී දෙහිදෙණිය සහ දේවිකා ලිවේරා ද තෙන්නකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයිනි, දෙමළ ඉගෙන ගන්න... මෙවැනි අයට සිංහලෙන් පමණක් නොව දෙමළෙන්ද ප්රති උත්තර දිය යුතුයි !