(ජේ ඒ එල් ජයසිංහ)
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රාටව හා අදහස් ප්‍රකාශන ශෛලිය අනුමත නොකරන නමුත් ඒ හිමියන්ගේ මතවාද බැහැර නොකරන බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව කියයි.
ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරණ උත්සාහයට අප්‍රසාදය පළ කරන බවත්, මෙනිසා ඉදිරියේ දී රට තුළ යම් නොසන්සුන්කාරී පසුබිමක් නිර්මාණය වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය බාර ගත යුතු බවත් අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව පවසයි.
එම සංඝ සභාවේ සම්මතයෙන් සකස් කළ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානාහිමියෝ මේ බව සඳහන් කළහ.
ජාතික සංහිඳියාවට මුවාවී සිදු කරනු ලබන රක්ෂිත හා ඒ ආශ්රිත ඉඩම් මංකොල්ලය, උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කරන මහා නා හිමියෝ මේ සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව ද කියති.
සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මඟින් විවිධ වාර්තාවන් පල කරන අතර ඒවායෙහි සත්‍ය අසත්‍යතාව සොයා බලා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂී වගකීමක් බව අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ගේ හැසිරීම අපිත් අනුමත නොකෙරුවත් සිංහලය වෙනුමෙන් කතා කරනවට අපේ නමස කාරය උතුරේ ජාති වාදී නායකයන්ට කෝ නිතිය
ඉතා වැදගත් ප්‍රකාශයක් සමහර ජන මාද්‍ය මේ හාමුදුරුවන්ගේ හැසිරීම් විලාසය ඉපදුනු කුල ගෝත්‍රය ආදී කරුණු එකතුකරගෙන එතුමාගේ මතවාදය යටපත් කරන්න ගන්න උත්සාහ දැක්කාම විසාල කනගාටුවක් ඇතිවෙනවා.
ඉන්දුනීසියාව බන්ගලිදෙසය වෙච්ච දේ තව ටික කලකින් අපිටත් වෙනවා අපේ දේසපාලන ඇම්බට්ටයන්ට මේවා තේරෙන්නේ නැද්ද
ඉන්දුනීසියාව බනගල්දෙසය ට වෙච්ච දේ මොලේ තියෙන එවුන්ට වැටහීමක් නැද්ද අස්ගිරි සඟ සබාව කෙලින්ම උත්තර දුන්න නම් මොකද
මහා නාහිමියෝ මේ ගැන හොයලා බලලා මේවා කරනවා නම් ඥානසාර හාමුදුරුවන්ට කෑ ගහන්න ඕනේ නැහැ.
"ඥානසාර හිමිගේ හැසිරීම අනුමත නොකළත් ජාතිවාදී මතවාද වැදගත්". අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ මෙම ප්‍රකාශය බෞද්ධයකු ලෙස ඉතා අගේ කරමි.
බුදුන් වහන්සේගේ කාලයේ පවා භික්ෂුන්ගේ විනය ගැන කටයුතු කරපු එකේ... අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාව මෙම හාමුදුරුවන්ගේ විනය ගැන හොයා බලන්නේ නැත්තේ මොකද?
යාන්තන් නින්දෙන් අවදිවීම ගැන සතුටුයි..
බොහොම හොඳයි ඒ ප්‍රකාශය... අපේ බලවත් සතුට !!
ශ්‍රී ලංකාවේ කවදද සත්‍ය කියන්නේ? මේ හිමියන් කියන්නේ සම්පුර්ණ සත්‍යයක්....ලංකාවේ මොනවද වෙන්නේ කියලා මේ ලංකාවේ ඉන්න අය දන්නේ නෑ. ඉතින් කොහොමද රට හදන්නේ?
සිංහල ජාතිය වඳ කිරීම, උතුරු - නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම වගේ දේවල්නේ වෙන්නේ... කොහේද පහුගිය කාලේ හිටියේ අප්පච්චිනේ... නේද?
නැවතත් විශාල ලේ විලක් ඇති කිරීමෙන් වළකා බිම වැටී සිටින නායකයා කෙළින් සිටිය යුතු බව පවසන මේ හාමුදුරුවන්ගේ අදහස හරි වැදගත්....