(ඉන්දිකා රාමනායක)
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර තර්ජනය කිරීම, ජාතීන් අතර අසමඟිය ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම යන සිද්ධීන් කිහිපයක් මුල් කර ගනිමින් මෙලෙස ඒ හිමියන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඇරඹු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව අලුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
ඥානසාර හිමියන්ට විරුද්ධව ලැබී ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද උන් වහන්සේ එම දැනුම් දීම පැහැර හැර ඇතැයි ද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියනදේ කුමක්ද කියා සාධාරණව සොයා බලා, අරාබි රටවල බලධාරින්ගේ ඔලුව අවුල්කර යටින් ලංකාවට සිංහල ජාතීන්ට විරුද්දව උල්පන්දම් කට්ටිය සොයා බලනවානම් හොදයි මොකද අපි අරාබියේ කලක් තිස්සේ සේවය කරන නිසා ගොඩක් දේ දන්නා නිසා.
ඉතාමත් කනගටුදායකයි ..රටේ ජනාධිපතිට උතුරට එන්න එපා කියල තර්ජනය කරද්දී , මුස්ලිම් ජනතාව අවුස්සගෙන ලේ වැගිරීම් වෙයි කියද්දී ඇහුනේ නෑ වගේ හිටපු උදවිය හාමුදුරුවන්ව අල්ලන්න තියෙන උනන්දුව..
ඉක්මනට ඡන්දයක්වත් එනවද?
අයි අනිත් පැත්තේ පන්සල් කඩන, පන්සල් වල ඉඩම් අල්ලන අය අල්ලන්න බයද, සිංහල බෞද්ධ පහසුවෙන්ම ආණ්ඩුවේ ඉලක්කයක් වුනේ මෙවර විතරක් නොවෙයි.87-89,71, රතුපස්වල, බියගම ,සයිටම් සහ මෙකි නොකී සැම අවස්ථාවකම රජය ගියේ ,ප්‍රශ්නෙට හේතුව සඳහා විසඳුමක් දෙන්නේ නැතිව , සිංහලයින් පසුපස.
රටේ නීතිය කාටත් සමානව ක්‍රියා නොකිරීම නිසා හරි වැරැද්ද පෙන්නලා දුන්න හාමුදුරුවන්ව අල්ලන්න යන්නේ.
එතකොට අර නැගෙනහිර බොදු සිද්ධස්ථාන වල නටබුන් ඩෝසර් කරන අය, විල්පත්තු කැලේ කපන අය අල්ලන්නේ කවද්ද?
මෙයින් අප තේරුම් ගතයුත්තේ මුස්ලිම් අන්තවාදය කෙතරම් ප්‍රබලද කියාය.
ජාතිවාදී ප්‍රකාශ කරන අනෙක් අයවත් අල්ලන්න.
අපි අපි ගැනම ලැජ්ජා විය යුතු නොවේද? පොලිසියේ මහත්වරුනි කරුණාකර එම ස්වාමින්වහන්සේට පොලිසියට එන්න කියන්න ,එම ස්වාමින්න්වහන්සේ අකට යුතුකම් ගැන කතා කරන එක වරදක්ද ?
නිදා උන් ජාතියක් අවදි කල හිමි නමක් ඔබ වහන්සේට මගේ නමස්කාරය !!!!
මේ රට විනාස කරන්නේ කව්ද ? ලංකාවට කුඩු ගේන්නේ වද පෙති ගේන්නේ යට ඇදුම් වලට විස දාන්නේ . පන්සල් විනාස කරලා සිංහල උරුමයන් විනාස කරන්නේ විල් පත්තුව කුර ගල දෙවනගල එලි කරලා අරාබි කොලනි හදන්නේ කව්ද ? ඒ අයට නැති නිතිය අනේ අපේ හාමුදුරුවන්ට විතරද ? එක රටක ජිවත් උනත් නීති දෙකක් තියන රටක කවදා හරි දවසක අපේ හාමුදුරුවෝ පෙන්නලා දුන්න දේ කාට කාටත් තේරේවි . ඔබ වහන්සේව ජය ශ්‍රී මහා බෝ සමිදු ආරක්ෂා කරාවී!! මාරයෝ පරදලා බුදුන් වහන්සේ බුදු වුනා මිසක් පැරදුනේ නෑ!!!!!!
නිදා උන් ජාතියක් අවදි කරපු සග රුවනක් !! වරදාන වලට යට වුන රටක සිංහලේ සග රජු ඔබයි හිමියනි !!!
මේ රටේ ප්‍රශ්න ඇති කරන්නේ කව්ද ? අලුත් ගම පල්ලියේ ඉදල ගල් ගැහුවේ කව්ද ? නමුත් වැරදි වූනේ අසරණ සිංහලයම තමයි . ජාතිවාදී ප්‍රකාශ කරන්නේ කව්ද ? අපේ හමුදුරුවනි ඔබ වහන්සේව ශාසනය රකින දෙවිවරු රකිවා !!!!!
රජය හොද අනා ගැනිමකටයි ඔය සැරසෙන්නේ
මේ නීති විග්නේශරම්ලාට,සිවාජි ලින්ගම්ලාට, විල්පත්තුව විනාස කරන බදුර්දීනට බලපාන්නේ නැත්ද. හැම නීතියක්ම ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට සහ සිංහල අයිතිය වෙනුවෙන් හඬ නගන භික්ෂුන් වහන්සේලාට පමණක්ද. මහා නායකලට මේවා පෙනෙන්නේ නැද්ද. නැතිනම් මරනින්දේද.
අපේ ජාතිය ආගම විනාශ කරන්න හදන අන්තවාදීන් අපේ ජාතිය ආගම ගැන කතාකරන්න ඉන්න හැම කෙනකුවම බලයට කෑදරකමෙන් ඉන්න අපේම නායකයින්ට කියලා නිහඩ කරවනවා. අපේ කොන්ද පණනැති නායකයෝ ඒ අයගේ බලය රැකගන්න ඕන නිසා අන්තවාදීන් කියන ඕනෑම පදයකට නටනවා. මෙහෙම ගියොත් අපේ ජාතියත් ඉවරයි ආගමත් ඉවරයි.
හිමිනමක් අත්අඩංගුවට පත්වීම ඉතා කණගාටුදායකයි. එත් ඔබවහන්සේගේ ක්‍රියා කලාපය හා හැසිරීම බුදු දහමට හාත්පසින් වෙනස්. යම්කිසි මනුස්සයෙක් වැරද්දක් කරානම් නීතිය මගින් ක්‍රියා කලයුතුයි.
ඥානසාර හිමි අත් අඩංගුවට ගන්න කලින්, අන්තවාදී මුසල්මානුවන් අත්අඩංගුවට ගත්තනම් හරි. මේ ප්‍රශ්න මොනවත් නැ .
අනේ මෙහෙම ආණ්ඩුවක්. හාමුදුරුවෝ මතු කරන කාරණය ගැන බලන්නේ නැතිව උන් වහන්සේව අත් අඩංගුවට අරන් හරියනවද? සිංහල ජාතියේ බුද්ධ ධර්මයේ මළගම ඉක්මනින්ම ලියන්න හදන්නේ මේ ජරා ආණ්ඩුව.
මුහුදු මහා විහාරයට හානි කරන අයව අත් අඩංගුවට ගන්නෙ නැද්ද ?
නැගෙනහිර පළාතේ දාගැබ් ඩෝසර් කරද්දී පොලිසිය කොහෙද හිටියේ.
සහජීවනයේ මූලික පදනම සමානාත්මතාවයයි. අපේ රටේ සිංහල බෞද්ධයට එක් නීතියක්, අනිත් අයට රාජ රැකවරණ නීතියක්.... ඉතින් මෙහෙම තියෙනකොට මොන සහජීවනද? මේක නිකන් සිංහලයව රවට්ටන දෙයක් විතරයි...
සිංහලයා වෙනුවෙන් කියන කඩතුරාවට මුවාවී කරන දේවල් අනුමත කරන්න පුළුවන්නම්... එදා රතුපස්වල ජනතාවට වෙඩිතියලා...බිහිසුණු අපරාධයක් කරපු වෙලේ සිදුවූ දේ මතකද? ඒ වගේම 2014 වසරේ සාමණේරයන් වහන්සේලා 13 නමක් තම පන්සලෙන් ඉවත් කර දැමුවේ කුලයට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් තම ජාතිය වෙනුවෙන් කතාකරන්න පුළුවන්ද?
ඉතාම ඉක්මනින් වෙනස් කල යුතු ආන්ඩුවක්.. එක් ජාතියකක් පමනක් නොව මුලු ශ්‍රි ලන්කාවටම මළ ගෙදරට දක්වන නිවට පාලනයක්.. චන්දයක් ඉක්මනින් ගෙනෙනු.. අපට සෑබෑ වෙනසක් අවශයයි..
අද අපි කාටත් ඕන සමගිවෙලා ජීවත් වෙන්න මිස එකිනෙක මරාගන්න රටක් නොවේ අපි මනුස්සයන් විදිහට ඉපදී මිය පරලොව යන හැමෝම මෙයාල කරන්නේ රටේ තියෙන සැබැ ප්‍රශ්න මිනිසුන්ට අමතක කරලා නැති ප්‍රශ්නයක් ඇතිකරලා මෙම පාහර තක්කඩි පාලක දේපොළට බලය හුවමාරු කරගන්න ඉඩ සලස්වන එක කෝ මෙයාල කතා කරනවද රටේ බඩගින්නේ තම දරුවන්ට බත් කටක් දෙන්න බැරි අම්මල කෝච්චියට බෙල්ල තියනවා රටේ අපේම ගැහැනුන් මැදපෙරදිග වහල් බවට ගිහින් විදින දුක් පීඩාවලට රටේ අපරාද හොරකම් කුඩු මත්ද්‍රවය , මට අමතක උනා මෙයත් ඉතින් මත්වතුර පානය කරලා අහිංසක මින්හෙකුත් යටකරගෙන ගිහින් රිමාන්ඩ් එකේ හිටපු සිල්වත් එක්කෙනේක්නේ මෙයා පෙනී ඉන්නේ තක්කඩින්ට බලය අරන්දෙන්න හදන හෙන්චය්යෝ එතකොට එයාලත් ගොඩ .ජතිඅලය තමා විකුනන්නේ , රටේ දැවෙන එක ප්‍රශ්නයක් වෙනුවෙන්වත් මෙයාල පෙනී ඉන්නවද ? මේවගේ මැරයන් හිරේ දාන්නම ඕන , ජාතියට අද්රේනම් පළමුව විනීතව හැසිරෙන්න ඕන තමුන් ආදර්ශමත් වෙන්න ඕන නිකම් තක්කඩි කමට වීරයන් වෙන්න හදන අය නිසා අපි බොහෝ වන්දි ගෙවපු රටක් , පාලකයෝ රට වනසන අයව ආරක්ෂා කරනවා පැහැදිලිවම මොන ආගමක වුනත් මොන භාෂාව කතාකලත් රටට හානි කරනවානම් හිරේ දාන්නම
මියන්මාරේ වීරතු හිමිට ඒ රටේ ජනාදි පති හිස නැමුව . උන් වහන්සේ පෙන්නලා දුන්න අනතුර පොරවෙන් කොටන්න කලින් නිය පොත්තෙන් කඩලා දැම්මා.ජාතියන්ත්රේ මොනා කිව්වත් කලත් නුපන් පරපුරට ඉන්න රටක් හදල දුන්නා. අද යුරෝපෙට වෙලා තියන දේ ඇස් පනාපිට පෙනද්දී හින්දු බැති මතුන් කොට හේනේ කෝවිලේ පෙර හැර කරද්දී මාලිගාවත්තට එන්න එපා කියලා තරිජනය කරද්ධි . බෝ ගස් කපලා පල්ලි හදන කොට ඇස් කන් පියාගෙන ඉන්න පුළුවන් ද ?අනික අපේ හාමුදුරුවෝ කැලා කපල ද ? කුඩු ගෙනල්ල ද ? වඳ පෙති ගෙනල්ල ද ? රටේ වෙනමම කලාප ඉල්ලලා ද ?රටේ ජාතික සම්පත් විනාස කරලද ? පොලිස් මෙහෙයුම් කොරන්නේ ? කාට කාටත් කියන්නේ කන්න කටක් තිබිලා මදි ඉන්න රටකුත් ඕනි . මුන් වහන්සේ මේ කරන්නේ සිංහලයට රටක් වගේම හින්දු කතෝලික අයටත් බල පාන අනතුරක් පෙන්නලා දුන්න එක .ලංකාවේ අයි එස් නෑ කිව්වා සිරියාවට ගිය සෙලානිල උන්නේ නැද්ද ?කාට කොහොම පෙනුනත් මට පෙනේන්නේ සිංහල බෝඋද්ධ රටක් තියන තාක් කල් මේ රටේ සිංහල හින්දු කතෝලික අයට නිදහසේ ඉන්න ලැබේයි එතැනින් පස්සේ අබසරණයි !
බෞද්ධයන්ට පමණක් ක්‍රියාත්මක වන නීතිය. මෙයයි ඔබ ජනවාරි 8 කල වෙනස. මේ දේවල් වලට සම්බන්ධ වන නිලධාරීන් ඉදිරියේදී මේවට වගකිවයුතු බව තේරුම් ගැනීමත් වැදගත්. මේ නිලධාරීන් ඉදිරියේදී අධිකරණට ගෙන ආ යුතුයි.
මේ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කරන අය පොලිස් අත්අඩංගුවේ වැටෙනවානම් විල්පත්තුවේ කැලේ කපා වනසන අය පෝරකයට යැවිය යුතුයි නේද?? මේ අය දැන් ආයෙත් ලෝක වාර්තාවක් කරා යන බව පෙනෙනවා.
මේක මහා පුදුම විහිළුවක්.හාමුදුරුවන්ව අල්ලන්න විශ්ෂ පොලිස් මෙහෙයුමක්?මොකද හාමුදුරුවෝ කැලේ පැනලද?
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට කරන චෝදනාව සම්පුර්ණයෙන් හෙළ දකිනවාය. ඥානසාර හිමියනුත් බණ කියමින් කාලය ගෙවන්නට සිදු උනානම් මෙ යහපාලනය මුස්ලිමයින්ට සහ දමිලයින්ට මේරට ලියා දීල බොහොම කල්ය. මහා නාහිමිවරුන් ලැබෙන සුව පහසුකම් ලබමින් ඉන්නව මිස සාසනයට වෙන වින්නැහිය ගැන කිසිවක් කතා නොකරයි. ඥානසාර හිමියන්ට බණ කියන විට ඔය ආකාරයට කතා නොකරන බව අපි දනිමු. වෙසක් තොරණට අවසර නොදුන්නේ තෝරන් දැකීමෙන් මුස්ලිමයින්ගේ හිත රිදෙන නිසාය කියා බලදාරීන් කීබව ඥානසාර හිමියන් මල්වත්තේ නාහිමියනට පවසන ආකාරය අපි දැක්කෙමු. මල්වත්තේ නාහිමියන් ඔලුව වැනුවා මිස වචනයක් කතා කලේ නැත. ලංකාවේ සිටින සියලුම හාමුදුරුවරුන් මල්වත්තේ නාහිමි මෙන් ඔලුව වනමි සිටියොත් බුද්දාගමට වෙන්නේ මොකක්ද කියා පැහැදිලි කොරනවානම් හොඳය. පානදුරා වාදය කල මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව දිහා බැලුවනම් ඒ ස්වාමින් වහන්සේ ඇඟිල්ලක් ඔසවා කරන කතාව මොනවගේ එකක්ද කියා ගොබ්බ්යින්ට නොවන කතා කොරන්න දන්නා මිනිසුන්ට හිතා ගත හැකිය. මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් එම වාග් ප්‍රහාරය දෙන්නේ ක්‍රිස්තියානි පූජකයින්ටය.
පානදුරා වාදය කල මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පිළිරුව දිහා බැලුවනම් ඒ ස්වාමින් වහන්සේ ඇඟිල්ලක් ඔසවා කරන කතාව මොනවගේ එකක්ද කියා ගොබ්බ්යින්ට නොවන කතා කොරන්න දන්නා මිනිසුන්ට හිතා ගත හැකිය. මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් එම වාග් ප්‍රහාරය දෙන්නේ ක්‍රිස්තියානි පූජකයින්ටය. එම වාදය දැක්ක ඕල්කොට් වැනි අය ලංකාවට පැමිණ බුදුදහම වැළඳ ගත්ත මිස බුදුදහමට නිගරු කලේ නැත. මුස්ලිමයින්ගෙන් තම රටට වෙනවෙන ව්පත්තිය දකින යුරෝපයේ සිටිනවුන් ඥානසාර හිමියන් මුස්ලිමයින්ට විරුද්දව මේ කරන සටන ගැන සතුටු වෙනවා නොඅනුමානය. ට්‍රම්ප් මහතාද මුස්ලිමයින් තම රටට වෙන ලෝකයට වෙන විපත මැඩලීම ගත උත්සාහය ගොන් ඇමරිකානුවෝ දක්කෙනැත. ඒවා මොනවා උනත් ඥානසාර හිමියන්ගේ මේ උදාර පරිශ්ශ්‍රමය මුස්ලිම් ත්‍රස්ත වාදයෙන් සිංහල බවුද්දරට බෙරා ගැනීමටය. මගේ ගුරු හාමුදුරුවන් වන දැවමොට්ටාවේ අමරවංස හිමියන් ගැන ඔබ දන්නවා ඇති කියා සිතමි. ඥානසාර හිමියන් කතා කොරන විට දැවමොට්ටාවේ අමරවංස හිමියන්ට දෙවැනි නැත. හාමුදුරුවරු වේදිකාවට නගින්නේ මුස්ලිමයින්ට සහ දමිලයින්ට බණ කියන්න නොවේ, සිංහල බවුද්දයා නැගිටවීමටය.
අන දෙන අයගේ ලේ පරික්ෂා කරලා බලන්න
හාමුදුරුවන් නෙවෙයි, ඇයි මේ මෙවැනි දේවල් වෙන්නේ, (1965 පටන්ගත් නැගෙනහිර අන්තවාදය (එකල හිටි බ්‍රිගේඩිය පොන්සේකා "මේවනවිට ඔහු මියගොස් ඇත" කෙලින්ම ආ බෝට්ටු විනාස කලේ එතුමාගේ බුද්දිය නිසා එහි ගිනි අවි තිබුන ඒ එදා, 1977 කොටි පටන් ගැන්ම, (ගණන් ගත්තේ එතම සුළුවෙන් ) 1983දි පොට වැරදුනා, එදා සිට 2009 දක්වා උන විනාසය, එය නවතුවේ විසල වියදමක් දරා බිය නැති නයකටුමෙක් නිසා, මේ මේ දක්ස බිය නැති හාමුදුරුවන් ගැන පොලිසිය ඔහු සමග මිත්‍ර්සිලිව බුද්දීමත්ව කටයුතු කරනවානම්, එය සුබයි, මහජනත්වට අවහිරයක්, කාලය, මුදල් නාස්තියක්, කදුළු ගැස් අයුතු ජනරාසියක් කිසිම ප්‍රස්නයක් නැහැ. ඇයි ගින්දර ආව්ලගන්නේ ලංකාවේ කොතරම් ප්‍රශ්න තියනවද? අවරුදු 5ක බලය කන නොසිතා රටේ දිගු පැවැත්මට කරුත් අපි වේද කරනවා නම් එත් හොදයි අපි අවරුදු 28ක් තිස්සේ අරාබියේ දුක් විදින්නේ රටේ තියන උද්දමනය නිසා රට ඇතුලේ සිටින ප්‍රබු කියන අය සැප විදින්නේ, හොද වේතනයක් ගන්නේ අපි නිසා, අපි දන්නවා රටක් දියුණු කරනහැටි නමුත් ඔය ලංකාවේ අමුතු නිතිය නිසා අපි අක මැතියි...
එතකොට අර නැගෙනහිර බොදු සිද්ධස්ථාන වල නටබුන් ඩෝසර් කරන අය, විල්පත්තු කැලේ කපන අය අල්ලන්නේ කවද්ද?
අදහස් ප්‍රකාශ කරලා තියෙන විදිය දැක්කම ලොකු සතුටක් දැනෙනවා. මෙතන හැමෝම පක්ෂවල පාට කන්නාඩි ගලවල තම හිතට එකගව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. සිංහලයාගේ සහජීවනය නිසා තමා අදවනතුරු සියලු ජාතීන් මේ රටේ ජීවත් වෙන්නේ. එම සහජීවනය බියගුලුකමක් ලෙස සිතන අරාබි අන්තවාදීන්ට නියම පිළිතුරක් තමා දැන් දියයුත්තේ. අපේ සිංහල දේශපාලකයෝ තම බලය රැකගැනීමට අපේ ජාතීය ආගම පාවාදෙන තත්වයට පැමිණ ඇත.
අපේ හාමුදුරුවෝ ටිකක් සැරෙන් කතා කල තමා. ඉතින් මේක ප්‍රජාතන්ට්‍රවාදය නෙමෙයිද. සිංහල, බෞද්ධ හැමෝගෙම අදහස මම හිතන විදියට, නීතිය අර අවුරුදු 12කින් ගෑනු ළමඊ සහේට ගන්න පුළුවන් කියපු මරක්කල හාදයත් හිරේ යවන්න ඕනේ. පුරා වස්තු කඩන කට්ටියත් එහෙම්ම යවන්න ඕනේ.
උඩ පැනගෙන ගිහිලා ජන්දේ දුන්නට රටට වෙලා තියෙන සෙතේ මොකක්ද ? හැම අතින්ම සිංහලයට කුඩම්මාගේ සැලකිලි. අපි දැන්ම ප්‍රර්ථනා කරන්න වෙනවා නැවත කරුමෙට හරි මේ රටේ ඉපදෙනවා නම් දෙමළ හෝ මුස්ලිම් වෙලා ඉපදෙන්න කියල. තමන්ගේ ජාතිය වෙනුවෙන් හඩ නගන නායකයෝ ඉන්නේ දෙමළ හා මුස්ලිම් ජාතියට පමණයි
මමත් යහපලනෙට චන්දය දුන්න හැබැයි මේ වගේ අමන වැඩ බලාපොරොත්තු වුනේ නෑ ඊළඟ පාර ගෝටාබය මහත්තය ඉල්ලුවාම මේවා ඔක්කොටම විසදුම් ලැබෙයි.
බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා .............. මා සිත ගින්නෙහි ලූ ලුණු මෙන් පුපුරන්නේය කෝප විකාරෙන් ............. ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලෙකු අය්යෝ ............ දැන් උපදින්නේම නැද්ද උපුල්වන් දෙවි රජුනේ ලක රක්නා................'ටිබෙට් ජාතික එස් , මහින්ද හිමි '
මේ සියල්ල දේශපාලන සැලසුම්. දේශපාලන න්‍යාය පත්රය සඳහා සාප්පු සවාරි යනවා කෙනෙක් ඇප අවස්ථාවක් නැත
කවුරු කරත් වැරද්ද වැරද්දමයි. එයගේ කට හරි නැහැ. භික්ෂු නමකට ඔය ක්‍රියා කලාපය හරි නැහැ. භික්ෂු නමකට කුණුහරුප කීමට පුළුවන්ද ? එයාව අල්ලන්න ලේස්ති වෙන කොට නාඩගමක් නටනවා. මම නම් ඔහුව භික්ෂුවක් ලෙස සලකන්නේ නැහේ. ඔහු දාමරිකයෙක්
මේ හමුදුරුවොගේ ආරක්ෂාවට ජන වැටක් බදින්නට කාලය ඇවිල්ල.
විගන්ශ්වරන්ලට සිවාජිලිංගම්ලට එතකොට මුස්ලිම් ලොක්කෝ ටික පන්සල් කඩනකොට, අනිත් ආගම වල යට තර්ජනය කරනකොට, ජනදිපතිට තර්ජනය කරනකොට පූසෝ වගේ ඉන්න දූෂිත ආණ්ඩුව මේ අපේ කම රක ගන්න පොඩ්ඩක් හරි කෑ ගහන හාමුදුරුවන්ව අල්ලන්න තියෙන උනන්දුව. මේ ගොල්ල අායෙත් චන්දෙ ඉල්ලන්න එන්න ඕනෙනේ.
මේ අපේ ජාතිය, මේ මගේ රට, නෙවෙයි කියලයි කලක ඉදන් මමත් හිතෙන්නේ, තොපේ රටනේ... ඕනි විධියකට කාපල්ලා.
මෙහි අදහස් ප්‍රකාශ කරන බහුතරය ඇත්තවශයෙන්ම රටට ආදරය කරන පිරිසක් ලෙස නොපෙනේ. ඔබ සියලු දෙනා ප්‍රකාශ කරන දේවල් සාක්ෂි සමග තහවුරු කර ඇත්නම්, කිසිදිනෙක වගකිවයුතු රජයක් ඒවා මගනොහරිවී. කරුණාකර පහත ලිනක එකේ මගේ අදහස බලන්න. සියලු-අන්තවාදීන්ට-එරෙහිව-නීතිය-ක්‍රියාත්මක-කරන්නයි-ඉල්ලති/11-513078
රටකට හරි නායකයෙක් නැතිවුනාම වෙන්න පුළුවන් හානිය මෙච්චරයි කියල නිමකරන්න බැහැ. මේ ටික කරගන්න පුළුවන් බව දන්නා නිසයි සුළු ජාතික අන්තවාදීන් මෙවැනි නායකයන් බලයට ගන්න උදවු කලේ . මේවට උදවු කරපු මහාචාර්යවරුත් හිටිය.
ඥානසාර හිමි ව වීරයෙක් කියල කියන අය ටිකක් හොයල බලන්න මෙයාල යන්නේ කොයි කොයි රටවලටද? ඒ රටවලින් ඩොලර් දෙන්නේ කව්ද කියල( අන්‍ය ආගමික කිහිප දෙනෙකුටත් ). අධිරාජ්‍යවාදීන්ගේ කොන්ත්‍රාත් අරගෙන නැවතත් ත්‍රස්තවාදය ඇති කරන්න තමයි මෙයාල උත්සහ කරන්නේ. BBS ලගේ කාර්යාලය, පන්සල් තියන කොළඹ තමයි අපිත් ඉන්නේ. මෙයාල සිංහල බෞද්ධයන් වෙනුවෙන් නෙමේ පෙනිහිට්ටින්නේ. මෙයාලව සමාන කරන්න පුළුවන් දේවදත්ත සමග පමණයි.
නැති ප්‍රශ්න ඇති කරනවා. අවුරුදු 30 ක යුද්ධයකින් බැට කෑව ඇති. අවුරුදු 2500 ක බුදුදහමත් රැකගෙන සියලු ජාතින් අතර සාමය සමාදානය රැකගන්නට බුදුදහම වගේම අනෙකුත් ආගම් හා ජාතින් උදව්වුණා. නමුත් සුළුපිරිසකගේ අන්තවාදී අදහස් නිසා යුද්ධයකට රට තල්ලුවී ගියා. නැවත එවැන්නක් ඇති නොවිය යුතුයි. ප්‍රජාතන්තවාදී රටක අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතත් මේ වගේ හැසිරීමට නීතියෙන් ඉඩක් නැත.
අනේ අපි මුස්ලිම්, සිංහල හෝ දෙමළ මිනිස්සුන්ට කරපු වරද මොකක්ද? අපි කාගෙවත් ඉඩම් ගත්ත ද? මේ සියල්ල දේශපාලන සැලසුම්....
රටේ නායකයා කෙලින් ඉන්න ඕනේ... නැත්තම් එ්කට අපේ හාමුදුරුවෝ එදිරිපත් වෙන්න ඕනේ. එත් මහානායක හිමිවරුත් ඔහේ බලන් ඉන්නවා. මේ වෙලාවේ අපේ පිහිටට ඉන්නේ ගලබොඩ හාමුදුරුවෝ තමයි...
ඥානසාර හිමියෝ තමන්ගේ ජීවිතය ගෙන නොසලකා කතා කරනවා. සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් වලට.... අතීතයේත් සඟරුවන ඉස්සරහට ආවා....අපි සියලු දෙනාම පාරට බැහැල අපේ අයිතිවාසිකම් වලට කටයුතු කළේ නැති නම් ... අපිට රටක් නැති වෙනවා. එන්න එන්නම මහජාතියට එරෙහිව කටයුතු කරන්නේ. දැන් ඉන්න මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ.... රට හැරලා යනවා. සිංහලයිනි, නඅගිටින්න... නැති නම් නුඹලාගේ අනාගත පරපුරට රටක් ලෝකයේ කොහෙවත් නැති වේවි.. !!!
මුස්ලිම් මිනිසුන්ට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට බෑ. පොලිසියට මහ බැංකුව කොල්ල කාපු අය අල්ලන්න බෑ. පොඩි කෙනාට තමයි හැම නීතියම...
ජාතිය රන් විමනක් සේ, ආගම මිණි පහණක් සේ....එය රැක ගන්න අපේ හාමුදුරුවනේ... ඔබවහන්සේට ශක්තිය ලැබේවා... බුදුසරණයි !!!
ප්‍රමාද වී හෝ විසඳුමක් හොයමු. සිංහල ජාතිය නැවත ගොඩනඟමු. ඉවසීමෙන් ජාතිය අවදිකරන වැඩපිළිවෙළකට යමු.. අපි තවමත් ප්‍රමාද නැහැ.