
මැදපෙරදිග යුදමය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජෝර්දානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
ජෝර්දානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් පවතින තත්ත්වය හමුවේ අනවශ්‍ය ගමන් බිමන්වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, සෑම විටම නිසි සැලකිල්ලෙන් සහ දැඩි සුපරීක්ෂාකාරීව පසුවන ලෙසත් තානාපති කාර්යාලය පවසා ඇත.
පිරිස් වශයෙන් සාමූහිකව ඒකරාශී වීම්වලින් වැළකී සිටීමට පියවර ගන්නා ලෙසත්, ජෝර්දාන බලධාරීන් සහ තානාපති කාර්යාලය විසින් වරින් වර නිකුත් කරනු ලබන ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ උපදෙස් සැමවිටම අනුගමනය කරන ලෙසත් එම නිවේදනයේ සඳහන් වෙයි.
යම් හදිසි අවස්ථාවක් මතු වුවහොත් පහත සඳහන් දුරකථන අංක හෝ ඊමේල් ලිපිනය හරහා ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසත් දන්වා ඇත.
වැඩ බලන දූත මණ්ඩල ප්‍රධානී: 00962 781365773
කොන්සියුලර් නිලධාරී: 00962 781548585
හදිසි ඇමතුම් අංකය: 00962 777313323
ඊමේල් ලිපිනය: [email protected]
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd