
ජුරාසික් පාර්ක් චිත්‍රපටයෙන් ලොව කාගේත් ආදරයට පාත්‍ර වූ සම්මානනීය නවසීලන්ත නළු සෑම් නීල් දිවි ගමන අවසන් කළේය.
සෑම් නීල්, දුර්ලභ ගණයේ ලේ පිළිකාවකින් වසර කීපයක් පීඩා විඳි අයෙකි. කෙසේ නමුත් සාර්ථක ප්‍රතිකාර හේතුවෙන් ඔහු පිළිකාවෙන් මිදුණු බව පවුලේ අය පවසයි. සෑම් නීල් පිළිකා රෝගියකු බව හදුනා ගැණුනේ 2023 දීය.
මියයනවිට සෑම් නීල් සිටියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඔහුගේ නිවසේ යැයි පවුලේ අය පවසයි. මියයනවිට සෑම් නීල්ගේ වයස අවුරුදු 78 කි.
සෑම් නීල් චිත්‍රපට රැසකටත්, රූපවාහිනී ටෙලි නිර්මාණ රැසකටත් දායක වී ඇත. එසේ වුවත්, ඔහු ලොව පුරා වඩාත් ජනප්‍රිය වූයේ ප්‍රවීණ සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග්ගේ ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඇලන් ග්‍රාන්ට්ගේ චරිතයට පණ පොවමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඒකාලේ රසවින්දා... ඔබට සුබ ගමන්...
ඔහොම තමයි ජීවිතේ... වයසට යනවා මැරෙනවා...
ඔව් අපිත් ඒ කාලේ ජුරාසික් පාර්ක් චිත්‍රපටිය බැලුවා... ඒ කාලේ හැටියට වඩාත් ප්‍රසිද්ධ චිත්‍රපටියක්... අපි ගොඩක් දේවල් ඒකෙන් ඉගෙන ගත්තා... හොද නිර්මාණයකට අතහිත දුන් ඔබට සුබ ගමන් ...
ඒ කාලෙට ආයෙමත් යන්න හිතෙනවා... අතීතය මතකයක් විතරයි දැන්...
ලේ පිළිකාවක් කියන්නේ ටිකක් දරුණු තත්වයක්... උපරිම ආයුෂ විදලා තියෙනවා... නිවන් සුව...