
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර නීතියට අනුකූල ත්‍රස්ත විරෝධී පනතක් ඉදිරිපත් කළේ නැතොත් ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය අහිමි වීමේ අවදානමක් තිබෙන බව ජනතාවාදී ඒකාබද්ධත විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ මොහොතේ ජී.එස්.පී අහිමි වුණොත් එය ලංකා ආර්ථිකයට දරා ගැනීමට නොහැකි පාඩුවක් බවද පීරිස් මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දී ජී.එල්. පීරිස් මහතා මෙසේද කීය.
අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය භාරව සිටින නිලධාරීන් හමුවීමට ගියා.ඉන්ධන සම්බන්ධයෙන් අප රටේ ජනතාවට ලබා දී තිබෙන සහනාධාර කප්පාදු කිරීමට හෝ සම්පූර්ණයෙන් නතර කිරීමට රජයට උපදෙස් දෙන්නට එපා යැයි අප එහිදී ඉල්ලා සිටියා.එය කලොත් ජීවන වියදම දරා ගන්න බැරි මට්ටමකට ඉහළ යන බවද අප දැනුම් දුන්නා යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අසුභවාදියාගේ සාමාන්‍ය සමාජ හැසිරීම මෙහෙමනම්, පෞද්ගලික ජීවිතය කොච්චර අඳුරුද ?
මේ GL පප්පා හැමදාම පාරිලිමෙන්තු ගියේ ලිස්ටි එකෙන්…එහෙම ගිහිල්ල මුලු රටම හොරා කාපු රනිල්රාජපක්සලාගේ බැල මෙහෙකම් කර කර කලේම හොරැන්ව බලයේ තියාගෙන රටට කෙලවපු එකම තමය්.මෙයාගෙ උගත් කම බල්ලට හොදයි.
මුගේ වැඩේම පච කෙලින එක