හැත්තෑ පස් හැවිරිදි කාන්තාවකගේ හිස, කණ හා මුඛය වසා පැතිරෙමින් මොළය දක්වා වර්ධනය වෙමින් තිබූ ගෙඩියක් පැය හතරක සැත්කමකින් ඉවත් කිරීමට කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකය සමත්වූ බව එහි ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා කියයි.
මොලයට බරව තෙරපුමක් ඇතිකරමින් පැතිර තිබූ ගෙඩිය හේතුවෙන් එම මහළු කතගේ හිස් කටුව තුනීවීමේ අවදානමකටද ලක්ව තිබූ බව වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පවසයි.
කොළඹ ප්‍රදේශයේ කාන්තාවක් වන ඇය වසර 10ක් තිස්සේ එම ගෙඩිය හේතුවෙන් වින්දාය. මේ සැත්කම පිළිබඳ යම් අවදානමක් තිබූ බව ද වෛද්‍යවරු කියති. අවදානමක් මධ්‍යෙය් වුව ද සැත්කම සාර්ථක වූ බව වෛද්‍ය පෙරේරා මහතා කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹට කිට්ටුවත් ඉඳලා අවුරුදු දහයක් ඉසිපිරිතාලෙකට යන්නේ නැතිව හිටියනේ. (බ)
අධිෂ්ඨානය සහ නිර්ලෝභී බව සහිත සුමුදු සිනහව දේවත්වය කියා පානවා දැනේ. සැමදා සැමකල් යෙහින් වැජබේවා. (ම)
දෙවිවරු කියන්නේ ඔබලාටය. (ර)
ලොකුම පින්කමක්. ඔබලා වැනි වේදදුරුවරු සිටීම රටේම වාසනාවක්. ඔබතුමන්ලාට නිරෝගී සුවය සහ දිර්ගායුෂ ප්‍රාර්ථනය කරනවා. (ම)
මේවා අගේ කල යුතු හා ප්‍රචාරය කළ යුතු වැදගත් දේවල්. අපේ අනාගත පරපුරට මේවා වඩාත් සංනිවේදනය කළ යුතුයි. සල්ලි පස්සේ දුවන වෙෙද්‍ය වරුන්ටද පෙනෙන්න මේවා අගය කළ යුතුයි. (ස)
ඔබ සැමට දිර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා (බ)
මේ අය තමයි සැබෑ දෙවිවරු අසරණයන්ගේ.ඒ වගේම මේ අතර දෙව්දත්ලත් නැතුව නෙමෙයි.නමුත් අර ගැණු මනුස්සයට මේ ලබාදුන්නා සුවය එලොවෙදිවත් ඒ මනුස්සයට ලැබෙන එකක් නැහැ. (බ)
මුදල් මත පමණක් යැපෙන සමාජයක ඔබ තුමන්ලා කල මෙම සත් ක්‍රියාවට ඔබ තුමන්ලාට මින්, මතු භවයක බුදුන් දැක නිවන් දකින්නට මෙවන් පින් හේතු වාසනා වේවා...(ම)
දකිනකොටත් ප්‍රියමනාපයි ඔබව, බොහෝ කල් ජීවත් වන්නට ඔබ වැනි පුද්ගලයන්ට ලැබේවා (බ)
ඔබතුමාව දකිනකොටත් හරිම ප්‍රියමනාප කරුනාවන්ත සමීප ගතියක් දැනෙනවා. ඔබට දීර්ගායු පතමි. ලෙඩා ට ද සුව පතමි. (දී)
දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා!(දිල්)
මිහිපිට දෙවිවරු ඔබය! (නි)
මේ අපේ රටේ හපන්නු! (නි)
විශිෂ්ටයි , ආඩම්බරයි ! (නි)
ජාති,ජරා,මරණ දුක සිහිවන මොහොතක් (නි)
විශිෂ්ට ක්‍රියාවක්. (ර)