IMG-LOGO

"ජවිපෙන් විනයගරුක පුද්ගලයන් බිහිකරනවා"

ආණ්ඩුව රට අශිෂ්ටත්වය කරා රැගෙන යනවා අපි මේ ආණ්ඩුවෙන් යහපාලනය බලපොරොත්තු වෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදී කීවේය.

ජවිපෙ ශිෂ්ට සම්පන්න පක්‍ෂයක් බවත්, විනයගරුක පුද්ගලයින් ගොඩනගන්න තම පක්ෂය සමත්වී ඇති බව රිය අනතුරෙන් පසු විජිත හේරත් මහතා ක්‍රියා කළ අයුරින් රටට පෙන්වා දුන් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්

“වෙනත් පුද්ගලයෙක් මත වගකීම බාර නොදී තමන් ඒ වැරැද්ද බාරගන්න තරම් විනයගරුක සාමාජිකයන් අප පක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. පොලීසිය විසින් අනතුරක් වළක්වා නොගැනීම සහ රාජ්‍ය දේපොළවලට හානි කිරීම පිළිබඳව චෝදනා ඉදිරිපත්කර තිබෙනවා. දුරකථන කණුව සඳහා අලාභය අපි මේ වනවිටත් ගෙවලා තිබෙනවා. අනතුර වළක්වා නොගැනීම යන චෝදනාව සඳහා රු. 1500ක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව කිසිදු වැරැද්දක් සඳහා ඔහු වැරදිකරු වී නැහැ.”

යැයි ඔහු කීවේය.

13340605_10209801457179514_1915745858_o 13340729_10209801456899507_1780931546_o



අදහස් (0)

"ජවිපෙන් විනයගරුක පුද්ගලයන් බිහිකරනවා"

ගයාන් Thursday, 02 June 2016 06:54 AM

කල වරදට එරෙහිව නිදහසට කරුණු නැති නිසා දඬුවමකට යටත් වීම නීතිගරුක කම නොවේ, නීති ගරුක වන්නට නම් නීති නොකැඩිය යුතු වේ. (ර)

:       0       0

අරවින්ද Thursday, 02 June 2016 07:02 AM

අපේ රටේ බොහෝ දෙනෙක් අවංක නෑ. නිහතමානී නෑ. වගකීමක් නෑ. විජිත හේරත් මන්ත්‍රී වරයා තමන්ගේ වරද නිහතමානීව පිළිගත්තා. මම හිතන්නේ ජවිපෙ අපේ රටට ගැලපෙන පක්ෂයක් නෙවෙයි. මේ රටේ දියුණු දේශපාලන සස්කෘතියක් නෑ. නිම්මි, ලාල්, වසන්ජය වගේ අය ඉල්ලන දේශපාලනේ තමයි ප්‍රදාන පක්ෂ දෙක කරන්නේ. (ර)

:       0       0

නිම්මි Wednesday, 01 June 2016 02:58 PM

එහෙනම් ලොකුවට යහපාලනය ගෙනෙන්න දැඟලුවේ? තමනුත් මේවට වගකියන්න ඕනෑ (නි)

:       0       0

විජේ Thursday, 02 June 2016 07:30 AM

අනේද කියන්නේ. (ර)

:       0       0

රොමේෂ් Thursday, 02 June 2016 07:36 AM

ඇසළට සීයා කෙනෙක්ගේ වයසනේ. පාට කන්නාඩි ගලවල බලන්න සීයේ. එතකොට නොදැකපු ගොඩක් ඒවා පෙනෙයි. (බ)

:       0       0

දොන් Thursday, 02 June 2016 07:43 AM

විජිත හේරත් මහත්තයාගේ හැසිරීමට අපි ගරු කරනවා. අනුර මහත්තය කියන විදිහට එහෙමනම් විමල් වීරවංශ සහෝදරයත් එහම වෙන්න එපායැ.මොකද එතුමාව බිහි කළෙත් ඔබතුමාලගේ පක්ෂය නේද? (බ)

:       0       0

නන්ද Wednesday, 01 June 2016 03:47 PM

අපේ රටේ බොහෝ දේශපාලකයින් පමණක් නොවෙයි, ඔවුන්ගේ පවුල්වලට ගෑවුණ අය පවා කර තිබෙන නීතිවිරෝධී ක්‍රියා දෙසත්, ඒවා ඉතාම නින්දාසහගත ලෙස යටගැසූ ආකාරය දෙසත් බලනවිට ජවිපෙ ඉතා ආදර්ශමත් පක්ෂයක් කියලයි අපට පෙනෙන්නේ. (නි)

:       0       0

උපාලි Wednesday, 01 June 2016 04:31 PM

හේරත් සහෝදරයා කියන්නේ පදිකයෙකුගේ ජීවිතය බේරන්න ගිහින් අනතුර සිදුවුණ බවයි. ඇයි ඉතින් ඒකට රජයේ ගාස්තු ගෙවන්න කියලා දඬුවමක් දීලා තියෙන්නේ? පක්ෂයෙන් අභියාචනයක් කරලා යුක්තිය ඉටු කරන්න එපායැ හේරත් සහෝදරයට (නි)

:       0       0

ඉන්දු Thursday, 02 June 2016 08:27 AM

මිනිස්සුන්ගේ බැරි බර ගැන කතා කර කර බිස්නස් ක්ලාස් පිට රට යන මහත්තුරුනේ මේ...(බ)

:       0       0

වසන්ජය Wednesday, 01 June 2016 07:33 PM

මහා ලොකු දෙයක්නේ. 1500 ක් ගෙවලා කෝටි එක්දහස් පන්සියක් ගෙව්වා වගෙයිනේ කතාව (නි)

:       0       0

යසපාල Thursday, 02 June 2016 12:28 AM

කොහොමත් අනෙක් අයත් එක්ක සසඳා බලද්දී ජවිපෙ අය විනයගරුකයි තමයි (නි)

:       0       0

සත්‍යයා Thursday, 02 June 2016 12:30 AM

විනයගරුක හා සත්‍යගරුක වීම සාමාන්‍ය පුරවැසියෙකුට වඩා දේශපාලනය කරන අය තුළ තිබිය යුතුම දෙයක්. ඒ සමඟම ඔවුන් ප්‍රායෝගික බුද්ධිමතුන්ද විය යුතුයි. එතකොට බලය ඒ අයව සොයාගෙන ඒවි. (නි)

:       0       0

ලාල් Thursday, 02 June 2016 01:05 AM

කාර් එළවලා ලයිට් කණු කඩන එකද විනයගරුකකම කියන්නෙ, මහත්තයො? (නි)

:       0       0

උපාලි ජී. Thursday, 02 June 2016 01:44 AM

ලාල්, විනයගරුකකම කියන්නේ තමන්ගේ වරද තේරුම් අරගෙන, තමන්ම පොලිසියට කතා කරලා, අලාබයත් ගෙවලා නියම නීතිගරුක පුරවැසියෙක් හැටියට කටයුතුකර තිබීමයි. ඔබ වැනි අයට මේවා තේරුම් ගන්න අමාරුයි නේද? (නි)

:       0       0

ජගත් Friday, 03 June 2016 11:57 AM

ජ.වී.පෙ සමහර හොඳ පිළිවෙත් අගය කළ යුතුයි.ඔබ ක්‍රියාවෙන් මේවා ඔප්පු කළා .විජිත හේරත් ගේ වාහන අනතුරේ පිළිවෙල හොඳ පූර්වාදශයක් .(හේ)

:       0       0

ස්මිත් Thursday, 02 June 2016 10:53 AM

විනයට වැඩ කරන නායකයෝ ඉන්නකොට එහෙම තමයි. (ර)

:       0       0

චන්න දහනායක Thursday, 02 June 2016 11:13 AM

මෙතන අදහස් දාන සමහරු කියනවා 10% ක්වත් ඡන්දෙ ලැබෙන්නේ නැත්තේ නීති ගරුක නැති නිසයි කියල ජනතා විමුක්ති පෙරමුණට. මේකයි ඇත්ත ජනතා විමුක්ති පෙරමුණ තරම් නීති ගරුක පක්ෂයක් බලයට ගෙන්න තරම් ලංකාවේ ඉන්න වැඩිමනක් ඡන්ද දායකයෝ නීති ගරුක නොවන නිසයි. (ර)

:       0       0

බන්දුල Thursday, 02 June 2016 03:14 AM

විනයගරුක බවනම් දැන් හොදටෝම පැහැදිලි මිනිසුන්ට. ජන්දයක් තිබුණොත් බල ගන්න පුළුවනි ඒ පැහැදිලිකම? (ම)

:       0       0

සෙනරත් Thursday, 02 June 2016 03:18 AM

විනය ගරුක කම ගැන රටේ ජනතාව දන්නවා. ඒ නිසා තමයි මුළු රටෙන්ම සියයට 10% වත් ඡන්ද ගන්න බැරි. (ර)

:       0       0

චන්දි Thursday, 02 June 2016 03:23 AM

අපේ නීතිය අනතුරක් වලක්වා නොගැනීම වරදක් ලෙස පෙන්නා දෙන්නේ එසේ නොවුනහොත් සිතාමතා අනතුරක් කර බේරෙන්න ඉඩ නොතියන්න ඕන නිසා මිස මිනිසුන් අතින් අනතුරු සිදු නොවෙනවා යන පදනමේ සිට නොවේ. මෙතනදී වරදක් නැතත් වරද පිළිගෙන රු 1500 දඩය ගෙවා බේරෙන එක තමයි ඥාන්විත ක්‍රියාව .ඔය දොඩවන කවුරුත් මිනිසෙක් තියා සතෙක් තමා පදවන වාහනය ඉස්සරහට පැන්නොත් කරන්නේ ඔයටිකම තමයි. (ර)

:       0       0

සමන් ` Thursday, 02 June 2016 11:36 AM

ජවිපෙ සහෝදරවරු කවදත් නිතිගරුකයි. (ර)

:       0       0

ප්‍රියා Thursday, 02 June 2016 03:25 AM

උපාලි, ඔය ලංකාවේ නීතිය ක්‍රියාත්මක පිළිපදින ආකාරය දන්නෙම නැද්ද නැත්නම් නිකන් කියනවට කියනවද. මේක විජිත හේරත් ගේ පෞද්ගලික නඩුවක් මිස පක්ෂයට අදාළ නඩුවක් නෙවේ නිසා විනයානුකුල පක්ෂයක් විධිහට මෙයට මැදිහත් වෙන්න බැරි බව බවත් තේරුම් ගන්න. (ර)

:       0       0

ධම්මි Thursday, 02 June 2016 03:51 AM

මෙයාගේ විනය ගරුක බව දන්නෝ දනිති, (ම)

:       0       0

රුවන් Thursday, 02 June 2016 04:52 AM

අපොයි ඔවු අපි නම් දන්නේ ගිරවුන් බිහි කරන බව කියවන එක විතරනේ මෙලෝ රහක් නෑහෑ (ම)

:       0       0

සංජිව Thursday, 02 June 2016 04:58 AM

ලංකාවේ අනිත් මිනිස්සුත් කරන්නේ ඔය ක්‍රියා පටිපාටියම තමයි (ම)

:       0       0

ප්‍රියාන් Thursday, 02 June 2016 05:26 AM

විජිත හේරත් මහතාට ලංකාවේ නීතිය පසිදලන ක්‍රමවේදයට අනුව ක්‍රියා කරන්න ආකාර දෙකක් තිබුන, එකක් වරද පිළිනොගෙන පොදු දේපල වලට හානි කළ වරදට රිමාන්ඩ් වෙලා අවුරුදු ගණනක් යනකම් නඩු කියල නිදහස් වෙන්න. අනෙක බොරුවට වරද පිළිගෙන 1500 ක දඩයක් ගෙවල ගෙදර යන එක. මොලේ අංශු මාත්‍රයක් තියෙන හරි මිනිහෙක් කළ හැකියි සිතන දේ කුමක්ද? (බ)

:       0       0

ඇසළ Thursday, 02 June 2016 05:58 AM

1971 ඉදල අපි බලන් ඉන්නවා තාම දැක්කේ නැහැ එකම පුත්ගලයෙක් ඔය කියන විදිහේ බිහි උනා. (ර)

:       0       0

වසන්ති Thursday, 02 June 2016 06:25 AM

නියමයි විජිත මහතාණෙනි.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 141 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 429 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site