ආණ්ඩුව රට අශිෂ්ටත්වය කරා රැගෙන යනවා අපි මේ ආණ්ඩුවෙන් යහපාලනය බලපොරොත්තු වෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) පැලවත්ත පක්ෂ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේදී කීවේය.

ජවිපෙ ශිෂ්ට සම්පන්න පක්‍ෂයක් බවත්, විනයගරුක පුද්ගලයින් ගොඩනගන්න තම පක්ෂය සමත්වී ඇති බව රිය අනතුරෙන් පසු විජිත හේරත් මහතා ක්‍රියා කළ අයුරින් රටට පෙන්වා දුන් බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්

“වෙනත් පුද්ගලයෙක් මත වගකීම බාර නොදී තමන් ඒ වැරැද්ද බාරගන්න තරම් විනයගරුක සාමාජිකයන් අප පක්‍ෂය නිර්මාණය කර තිබෙනවා. පොලීසිය විසින් අනතුරක් වළක්වා නොගැනීම සහ රාජ්‍ය දේපොළවලට හානි කිරීම පිළිබඳව චෝදනා ඉදිරිපත්කර තිබෙනවා. දුරකථන කණුව සඳහා අලාභය අපි මේ වනවිටත් ගෙවලා තිබෙනවා. අනතුර වළක්වා නොගැනීම යන චෝදනාව සඳහා රු. 1500ක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව කිසිදු වැරැද්දක් සඳහා ඔහු වැරදිකරු වී නැහැ.”

යැයි ඔහු කීවේය.

13340605_10209801457179514_1915745858_o 13340729_10209801456899507_1780931546_o