ජනතා විමුක්ති පෙරමුණ හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පැමිණිල්ලක් අද (26) ආරක්ෂක ලේකම්ට ඉදිරිපත් කළේය.
නාවික හමුදාවට යෝෂිත රාජපක්ෂ බඳවා ගත් ආකාරය නීතිවිරෝධී බවත්, ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ මුලික කැඩෙට් පුහුණුව කාලයේ විශේෂ වරප්‍රසාද ලබාගෙන ඇති බවත්, ව්‍යාජ ප්‍රගති වාර්තා මත බ්‍රිතාන්‍යයේ නාවික පුහුණු ශිෂ්‍යත්වයක් ලබා ගත් බවත් එම පාඨමාලාව අසමත්වී නැවත ලංකාවට පැමිණ නාවික හමුදා නිලධරයකු ලෙස රජයේ විශේෂ වරප්‍රසාද ලබා ගත්තේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට කරුණු ඉදිරිපත් කළේය.
ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු යහපාල, රටක හොදක් වෙද්දී හොදයි කියන්න නරකයි නම් නරකයි කියන්න. හිතට එකගව කතා කරන්න. කඩේ යන්න එපා. බේබිට රේසින් කාර් ගන්නද අපි බදු ගෙවන්නේ. මෙච්චරටම කරපු හොරකම් අහු වෙද්දී තාමත් පොට්ටයෝ වගේ කතා කරන එකයි මට දුක. (අ)
පිස්සු හැදෙනවා මේවා අහලම.(හේ)
මේවා ඇත්ත නම් බොහොම ලජ්ජා වෙන්න ඕන කාරණා. (හේ)
හරි ලොකු වැඩක් කරන්න යනවා.(හේ)
බොහොම ලැජ්ජයි ඔක්කොටම වැඩිය මේ විභාග වංචා ගැන තිබෙන චෝදනා නම්. (හේ)
බලන් ඉමු මේ වෙන දේවල් ගැන.(හේ)
ඔය එක්කම අයියා පස්ස දොරෙන් සරසවියට ඇතුලත් කළ කෙනා ගැනත් තීරනයක් ගන්න. එහෙම නම් එම සුදුසු කම් ලකුණු ඇති අනිත් අයටත් ඒ අවස්ථාව ලබා දෙන්න. (හේ)
ඒ කියන්නේ හතර වරිගයේම අවංකව විභාගයක් සමත් වුන කෙනෙක් නැද්ද එතකොට ? (නදී)
ජනතා විමුක්ති පෙරමුණ රටට කල දේවල් මිනිසුන්ට හොඳට මතකයි .අවනීතිය අතට අරගෙන මෙයාල කලේ මොනවාද?මිනිස් ඝාතන කොච්චර කළා ද?රජයේ දේපල විනාශ කළේ කොහොමද?මෙයාලට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුමයි.(අ)
සමහර උදවිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් සහ ජ'පුර සරසවියෙන් පස්චාත් උපාධි වලට සුදුසුකම් ලැබුවේ කොහොමද කියලාත් , ඒවායේ නිබන්දන විභාග සමත් වන්නේ කොහොමද කියලාත් සොයලා බලන්න. නැති නම් මහන්සි වෙලා අවංකව උසස් අධ්‍යාපනය ලබන අනෙකුත් සුදුස්සන්ට කරන ලොකු අසාධාරණයක්. (අ)
මෙහෙම දේවල් වෙයි කියලා කවදාවත්ම හිතන්න නැතුව ඇති.(හේ)
නාවික හමුදාවේ කරපු වැඩ වලට ජන්දිපතිවරනේ තැපැල් ඡන්දේ දී උත්තර ලැබුනා.(හේ)
අවංකව විභාගයක් සමත් වුණ , සුදුසකම් හදා ගත්තු කෙනෙක් පවුලේ ඇත්තෙම නැද්ද ?(හේ)
ඔය රාජපක්ෂලාගේ පුතුන් තිදෙනාම ගත් අධ්‍යාපන සහතික වල සැකයක් පවතිනවා , රටේ මහජන සල්ලි කාබාසිනියා කරන්නට සහතික නම් ඔවුන්ට තිබිලා තියෙනවා.(හේ)
දෙන්නෙක් විශ්ව විද්‍යාලවල පශ්චාත් විභාග වලට ලියාපදිංචි වෙලා තිබෙන්නේ සහ එහි අධ්‍යයන කටයුතු වල යෙදෙන්නේ අදාළ විභාග පටිපාටියෙන් බැහැරව කියල විශ්වාස කටයුතු ආරංචි තිබෙනවා. මේවා සොයා බලන්න. (අ)
කරුණාකර , මේ පවුලේ ළමයින්ගේ උසස් විභාග ප්‍රශ්න පත්‍ර වල නිබන්දන ආදිය ලියන්නේ කවුද කියලා සොයලා බලන්න. අනෙක් මිනිස්සු පස්චාත් උපාධියක් ගන්න අවුරුදු ගණන් පර්යේෂණ කරමින් කට්ට කකා සරසවියේ තපිනවා. (හේ)
තුන් දෙනාගේම විභාග සහතික වල සාධාරණ සැකයක් තියනවා තමයි. මුළු දවසම , රගර් ක්‍රීඩා කර කර නැතිනම් දේශපාලනයේ දීලා ඉන්න අයෙකුට , ආචාර්ය විභාගයක නිබන්දන ආදිය කරන්න වෙලාවක් තියනවද ? (හේ)
මහත්වරුනේ ඔය අල්ලස් දූෂණ කොමිසමට යන්න පළමුව 88-89 කාලයේදී මංකොල්ල කෑ දුප්පත් අපගේ රත්තරන් බඩු සියල්ල දුන්නා නම් සාධාරණයි. අපි මැරිලා ඉපදුනේ නැහැ. මට පේන්නේ මෙයාල අපහු තුවක්කු ගන්න හදන්නේ.හමුදාවට අස් වෙන්න කිව්වෙත්, නැත්නම් මරනවා කිව්වෙත් මේ අය තමයි. මෙයාල කැමති ආයෙත් කැලේ නීතිය අතට ගන්නයි ,(හේ)
මේක රුපියල් ලක්ස තුන්සීයක් නාස්ති කරපු වැඩක් ඉතින් මේක පොඩිද ? මේ සල්ලි මේ රටේ මිනිසුන්ගේ සල්ලි.(හේ)
මෙයා හරිම චන්ඩියෙක් බවත් , අනෙකුත් මැති ඇමතිවරුන්ගේ පුතාලට සත්තම දාගත්ත ගමන් හිටිය බවත් ආරංචියි. (බ)
හොයන්න දෙයක් නැහැ තාත්තාගේ උදව්වෙන් තමයි. මගේ තාත්තා ජාති ජාතිත් මට වාසනාවන් කියලා. (බ)
තුන් දෙනාගේම බාලාංශ පන්තියේ සිට විභාග සහතික ඇදල අරගෙන ඒවායේ නිරවද්‍යතාව සහ විභාග වලට වාඩි වුනේ අදාළ නීති රීති වලට අනුව ද කියල සොයන්න. විශේෂයෙන්ම උසස් විභාග (බ)
හමුදාවේ වැඩ වලට ඇගිලි ගහන්න ඉඩ දුන්නොත් වෙන්නේ 71, 88/89 වෙච්ච එකේ අනික.(හේ)
පහුගිය කාලයේ මේ පුතාලගේ බලයෙන් මත් වුන වගකීමක් නැති ක්‍රියා කලාපය ඕන කෙනෙකුට පෙනුන දෙයක්. ඒ වුනාට ඒ ගැන කාටවත් කට අරින්නවත් ඉඩ ලැබුනේ නැහැ. (හේ)
අනේ රමණි ඔයා බන්දුල පෙරේරාගේ ගේ ගැහැණු අවතාරය කියල හොඳට පේනවා. (බ)
ඇසළ කියන්නේ මේ රටේ අයථා විදියට විභාග පාස් වුන කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන සොයන්න එපා කියලද ? මේක සමාන්‍ය පුරවැසියන්ට කරන ලොකු අසාධාරණයක්. (බ)
ජනතා විමුක්ති පෙරමුණ රටට කල දේවල් මිනිසුන්ට හොඳට මතකයි. අවනීතිය අතට අරගෙන මෙයාල කලේ මොනවාද? මිනිස් ඝාතන කොච්චර කළා ද? රජයේ දේපල විනාශ කළේ කොහොමද? මෙයාලට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුමයි. (නදී)
ඊරිසියාවට කියන බොරු කතා වෙන්න ඇති.(හේ)
රමණි අක්කේ ඔයා කට ඇරියාට පිට වෙන්නේ බන්දුල පෙරේරාගේ සද්දේ නේ! ඒ මොකද අනේ ? (බ)
අනේ මන්දා 88/89 කාලයේ බන්දුල පෙරේරා රත්තරන් බඩු ඔච්චරටම පැළඳුවේ ඒ කාලයේ ටීටර් එකක ගැහැණු චරිතයක් වත් කලාද ? (බ)
අනේ අපි නොදන්නා රමණි ! (බ)
ඊට කලින් බලන්න අර තුවාල වුන රගර් ක්‍රීඩා විනිසුරුට මොනවා වුනාද කියලා. (හේ)
රමණි ඔයාගේ රත්තරන් බඩු ටික අර ඔයාගේ පන් මල්ලේ ඇති . හොඳට අත ගාලා බලන්න. ඒකේ නැති නම් ඕක ඔයා බන්දුල පෙරේරා නමින් ලැසි ගමනින් කඩේ යනකොට හැලිලා ඇති. (බ)
ගුවන් හමුදාවේත් ඔය වගේ දෙයක් වෙලා තියෙනවා. (හේ)
නාවික හමුදාවට බැඳෙන්න උසස් පෙළ විද්‍යා විෂයන් හදාරා ඉන් සමත් විය යුතු යයි මම අසා තිබෙනවා. මේ ඇත්තද ? ආරංචි හැටියට යෝෂිත වෙනත් විෂය ධාරාවක් තමයි උසස් පෙලට ඉගෙන ගෙන තියෙන්නේ. ඒකත් කමක් නැහැ කියමුකෝ. ව්‍යාජ ලියකියවිලි සකස් කර පිටරට ශිෂ්‍යත්ව ගත්තා කියන චෝදනාව ඉතාම බරපතලයි නේද ? (හේ)
ඔය එක්කම ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාල වලට උඩින් සමහරු කඩන් පහත් වුනේ කොහොමද කියලා සොයලා බලන්න. (හේ)
රමණි හා ඇසළ - මේ ඉන්නේ මම හිතන්නේ. මේ කාරණය ගැන මොළේ තියෙන ඕනෑම මිනිහෙකුට තේරෙන දෙයක්. මොකද නාමල් උ.පෙළ පේල් වෙලා රගර් ගහ, දේශපාලනය කරකර ඉදල නීති ඇතුළත් විභාගේ වෙනම කාමරයක ඉදල ලියපු එකේ නෝන්ඩි නැතුව පාස්වෙයන්. ගොන්කමට ලකුණු 90 නුත් එහා. එතකොට උ:පෙ පාස් වෙන නීති විභාගේ නිදිමරලා පාඩම් කරලා ලියල යන්තන් පාස් වෙන්නේ උන් මෝඩයෝ නිසාද ? (බ)
සමහරු ඉන්නවා "මහින්ද" අවතාරය ආවේස උන. පත්තරයක් වත් බලන්නේ නැහැ. ඔහේ කියවනවා. (නදී)
අවතේව වලට තමන්ට වැඩිය නිලයෙන් ඉහල නිලධාරියෙක් තියාගෙන ඉඳල කියන්නේ . නඩු දාන්න ඕන අන්න ඒ කොන්ද පණ නැති නිලධාරියාට තනතුරේ ගරුත්වය නොරැක්කට. යෝශිතට නෙවෙයි. (අ)
මගේ අම්මේ රතු මල්ලිලා උඩ ගිහින් තියෙන තරම..හරියට ආණ්ඩුව ගත්තේ එයාල වගේ..බලාගෙන ..ඔහොම උඩ ගිය අය බිම වැටෙන්න අවුරුදු ගණන් යන්නේ නැහැ..මාස තුනත් ඇති...අටලෝ දහම කැරකෙනවා රිය සක වගේ..අද මේ පැත්තේ..හෙට අනෙක් පැත්තේ..ටිකක් පරිස්සමෙන්..ඔය එකතු වෙලා ඉන්නේ තමන්ගේ නායකයා පන පිටින් අල්ලලා පෝරකේට දාපු තමන් නිසා නොමග ගිය හැට හැත්තෑදාහක් ජිවිත වලට වග කියපු පක්ෂයක් එක්ක වගේම තමන්ට මර බිය ගෙන ආ ප්‍රා සංවිධානයේ නිර්මාතෘ වරු එක්ක කියල අමතක කරන්න එපා..ඔවුන්ගෙන් වුනු විනාශයෙන් අංශු මාත්‍රයක් රාජපක්ෂ වරුන්ගෙන් තමන්ට වෙලා නැහැ කියන එකත් එකත් එක්කම සිහි කර ගන්නවානම් ගොඩක් හොදයි...එෆ් බි පරම්පරාවට පිටින් ලෝකය දැකපු කට්ටිය තාම මේ රටේ ඉන්නවා මහත්තුරුනේ..(අ)