ක්‍රීඩා ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනමින් දිනයක් සහ වේලාවක් ලබාදෙන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට ලිපියක් යොමු කර ඇත.
ආණ්ඩු බලය මාරුවීමත් සමඟ වංචා දූෂණවලට අදාළ ලිපි ලේඛන ආයතනවලින් හොර රහසේ ඉවත් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවත් ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ දූෂණ වංචා සම්බන්ධයෙන් තමන් සතුව ඇති ලිපි ලේඛන එම සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලිපියේ සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88-89 කාලවල වුණ ඒවත් හොයමු. මේවත් හොයමු. එහෙම හොඳයි නේද? ආයේ ඉතින් පහුගිය ආණ්ඩුවේ ඒවා විතරක් හොඳ නැහැනේ නේද? (නි)
ඔය එක්කම අපේ අසහාය ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් සමහරෙකුට සද්දය දැමූ අය කවුදැයි කියලාත් රටට හෙළිකරන්න. දඬුවම් දෙන්න නෙමෙයි, රටේ මිනිස්සු දැනගන්න ඕනෑ තරඟය ඔන්න මෙන්න තිබියදී අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වැට්ටූ කට්ටිය කවුද කියලා. ඒ මිනිස්සු විශ්‍රාම යනතුරු ඉන්න එපා. යන්න කලින් ඒ අයට අසාධාරණයක්, හිත්රිදීමක් වෙලා තිබේ නම් ඒකට සාධාරණයක් ඉටුකරන්න. (නි)
රටේ ජනතාවගේ මුදල් විනාස නැති කිරීමට දරන උත්සාහය අනෙක් පැත්තට දකින ලින් මැඩියෝ සමාජයේ ඉන්නවා (දිල්)
ඕක පත්තරේට කියන්න කළින් ඇමැතිතුමාට කිව්වා නම් හරිනේ. ඔක්කොම මධ්‍ය සංදර්ශන වගේ.(දිල්)
බණ්ඩාර ඔබ හරි.මේ 2005 පස්සේ වුණ දේවල් විතරද රටේ දුෂණය, නාස්තිය..ඊට කලින් එහෙම වෙලා නැද්ද ලංකාවේ. (දිල්)
මේක ඉතින් මාධ්‍ය වලට කියා කියා ඉන්න ඕනි නැහැනේ. ඔයාලා ගාව ෆයිල් තියනවා කියලා ඒ කාලේ ඇතිවෙනකල් කිව්වනේ.දැන් බලය තියන නිසා හරියට දෙයක් කරලා ඊට පස්සේ අපට කියන්න.දැන් මේවා අහලම ඇතිවෙලා (දිල්)
මාධ්‍ය තුල ඕවා කතා කරනවට වඩා හොඳ ක්‍රමවේද නැද්ද.? (ර)
ඔය කොයි කාලේකවත් පුතාලට සෙල්ලක්කාර විදියට වගකීමක් නැති ජිවිත ගත කරන්න ඉඩ දුන්න තාත්තලා හිටියේ නැහැ. (දිල්)
කලබල වෙන්න එපා මේ වගේ දේවල් කරද්දී (දිල්)
දැන් ඔය මාධ්‍ය සංදර්ශන මැතිවරණයට කලින් කාලයේ තිබුනේ නැද්ද ? (හේ)
පසුගිය සමයේ ක්‍රීඩා ක්ෂේත්‍රය බොහෝදුරට පිරිහුණා (නි)
නියමයි. ඒ පැත්ත ගැනත් හොයන්න (නි)
බොහොම හොඳ දෙයක්. ඒ උනාට බොරුව වැඩියි. මීට වඩා හොඳ නැද්ද කරලා ඉවර වෙලාම මාද්‍යට දම්මා නම්. බොරු සංදර්ශන තමා ඔයාලගේ ජනප්‍රියත්වය නැති වෙන්න හේතු වෙන්නේ. නිකන් අනුන්ගේ හාල් කිරනවද කියලත් හිතෙනවා. (නදී)
ඉක්මණින් වෙලාවක් ලැබෙයි. බයවෙන්න එපා (නි)
අර ලැම්බෝගිනි, සීප්ලේන් සහ හෙලිකොප්ටර් වගේ මාධ්‍ය සංදර්ශන නොතියා ඇත්ත හොර වැඩක් නම් කරුණාකරලා හොඳට හොයලා පැමිණිලි කරන්න. බොරු අපහාස එපා. (නි)
මේක මේ රට වෙනුවෙන් කරන දෙයක්ද, නැත්නම් වෙන දෙයක්ද? දූෂණ හොයන්න කොමිසමක් දැම්මා නම් ඉවරයිනේ. (නි)
ඔබට ස්තුතියි මේවා ගැන හොයනවට (නි)