ශ්‍රී ලංකාව වෙත එල්ල වෙන අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පරාජය කළ හැකි සැබෑ අධිරාජ්‍ය විරෝධී පුළුල් පෙරමුණක් සකස් කිරීම සඳහා තම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ අවධානය යොමු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා පත් කළ කමිටුව මැයි මැද සිට වැඩ ඇරැඹන බව ද ඔහු කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
බුදු අම්මේ. දැන් කියක් නම් පෙරමුණු හැදුවද ? ජ වී පෙ කරන එකම වැඩේ පෙරමුණු හදන එක.
අදිරාජ්‍යවාදී බලවේග, ඕවා වචන විතරයි. ක්‍රියාවෙන් නෑ. රැස්වීම් වලට ඇවිල්ලා බෙරිහන් දුන්නා කියලා ඕවා විසදන්න බැහැ.
මොකක්ද රුසියාව සහ චීනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අවමංගල්‍ය සාදය පවත්වනවාද ?
ජේ වී පී මෙතෙක් කල් ලංකාවට කරපු දෙයක් දැන ගන්න මම හරිම ආසයි. හැමදාම කරන්නේ නිකන් පොර ටෝක් දිදී ඇවිදින එක විතරයි. මේ අයට එකපාරක් ඇතිකම් දීපු වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට හොදට වැඩ කරන්න තිබ්බ. ටික දවසකින් ඇමතිකම් එපා කියල අයින් උනා. එදා තමයි ඔය කට්ටියට ලොකු බලයක් ආපු මුල්ම වතාව. එදා වැඩ හොදට කරලා පෙන්නුවානම් අද ඔය ජේ වී පී ගොඩ. නිකන් ප්‍රතිපත්ති ගොඩක් තියාගෙන කැ ගගහ ඇවිදිනවා. ලංකාවේ මිනිස්සුන්ට දැනෙන්න කරපු දෙයක් නැහැ. බලය ආවාම එපා කියල ගියා. දැන් ඉතින් නැවත කවදාවත් එහෙම බලයක් එන්නේ නැහැ. දැන් තියෙන හොදම වැඩේ තමයි ඔය පෝස්ටර් අලවන මිනිස්සු ටික එකතු කරගෙන හොද මාර්කටින් කොම්පැනි එකක් දාන එක.
ජවිපෙ කවදත් සැබෑ ලෙසම සැබෑ දේ කළ පක්ෂයක්. ජවිපෙට අපේ සුභපැතුම්.
ඔය අනුරංග මහත්තයට මම මේ කියන්නෙ. හොදට අහගන්න. ඉතිහාසයේ සිටම ජවිපෙ පමණයි රට වෙනුවෙන් ඇත්තටම කථාකළේ. අපිට මතකයි ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු දහස් ගණනක් අවසාන මහා යුද්ධය ආරම්භයේදීම තර්ජනයට මුහුණදී සිටි ගම්මානවලට ගොස් ඒ ගම් වැසියන්ට ආරක්ෂාව දීපු හැටි. බන්කර් හදල දීපු හිටි. හමුදා සෙබලුන්ට යුද අගල් කපල දීපු හැටි. ඒ වගේ රනිල් ප්‍රභා ගිවිසුමට එරෙහිව රටම අවදිකරපු හැටි. ඒ මහත්තුරුනේ කණගාටුවට කරුණ මේ ආණ්ඩුවට අද ඒව අමතකවෙලා.
මේ නොකියා කියන්නේ ආණ්ඩුවට ලගදිම මුක්කු ගහලා ඇමතිකම් ගන්නවා කියන එක තමා.
අධිරාජ්‍ය විරෝධී කියල බෙරිහන් දුන්න අය සැමදාම කලේ රටේ ජනතාව රවටා ඒඒ රටවලට ගිහින් සැප විඳීම, ජවිපෙ කරන්න යන්නේ සැබැ අධිරාජ්‍ය විරෝධී සටනක්, අපේ සුබ පැතුම් ජවිපෙට.
එතකොට ධම්මික මහත්තයෝ, මුලු රටම තීරණාත්මක යුද්ධයක වෙලිලා තිබුන වෙලාවේදී මහා වැඩ වර්ජනයක් කැදෙවුවේ ජ.වි.පෙ නෙවේද ? එතකොට අය වැය පාරජය කරන්න හැදුවේ ජ.වි.පෙ නෙවේද ? එදා ආණ්ඩුව බිඳ වැටුණා නම් ධම්මික මහත්තයා අදත් මේ කමෙන්ට එක දන්නේ මර බයෙන් නෙවේද ? ඔබතුමා කියූ පරිදිම යුද්ධය ආරම්භයේදී හමුදාවට හා ජනතාවට යුද අගල් කපලා දුන්නත් යුද්ධය කර ගෙන යද්දී ජනතාව හා හමුදාව වට්ටන්නට අගල් කැපුවේ ජ.වි.පෙ නෙවේද ? ජනතාවට ඇත්තටම කතා කරනවා කියූ ජ.වි. පෙ නායකයා නොවේද පහුගිය කාලයේ පුවත්පත් සාකච්ඡාවකදී කුමාර් ගුණරත්නම් කියන්නේ කවුද, අපි නම් එහෙම කෙනෙක් ගැන දන්නේ නැතැයි කියුවේ. පසුව ඔහුම නෙවේද කුමාර් ගැන බෙරිහන් දුන්නේ ? (එතකොට ඒක ඇත්තක්ද ?) ධම්මික මහත්තයෝ , හොඳට අහගන්න. ජ.වි.පෙ ගැන කියන්න ඕනේ මෙන්න මෙහෙමයි. අතීතයේදී රට වෙනුවෙන් වැඩ කල පක්ෂයක් වූ ජ.වි.පෙ........ අන්න එතකොට හරි..
අතීතයේදී රට වෙනුවෙන්ද, වර්තමානයේදී පීඩාවට ලක්වුන ජනතාව වෙනුවෙන්ද, හෙට දිනයේ මුළු රටේම ජනතාව ඉල්ලා සිටින හොරකම් නොකරන, නීතිය රකින, දුෂණය නැති, ජාතික නිෂ්පාදන ආර්ථිකයකින් රට දියුණුකරන, ජනතාව ණයකාරයන් නොකරන, සියලුම ජනතාවට යුක්තිය සාධාරණය ඉටුවන සමාජයක් සාදා දෙන එකම දේශපාලන පක්ෂය ජවිපෙ බව සිතන ජනතාවගේ පක්ෂය වේවි.
සමහර දිරවන්නේ නැති වචන අහල අහල මට නිකන් ඔක්කාරෙට එනවා ළමයො.
ඔය chinthaka මහත්තයට අතීතෙ අමතකවෙලා. ජවිපෙ අයවැයට විරුද්ද වෙනකොට ජාතික ආරක්ෂක වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය පාවිච්චි කළා. අයවැයට විරුද්දවුනා නෙවෙයි නිහඩව හිටිය. ජවිපෙ මහා වැඩවර්ජනයක් කැදවූවේ නැහැ. සංකේත වැඩවර්ජනයක් කැදවූවා. ඒකෙන් රටේ ආර්ථිකයට හෝ යුද්ධයට කිසිදු හාන්යක් නැහැ. හරියට ඒක ඉරිදට නිවාඩු දැම්ම වගේ. අනික ඒ ජවිපෙ ආණ්ඩුව විවේචනයකළා තමයි. ඒත් යුද්ධෙ කරපු අයට උදවු කළා. හමුදාවට උදවු කළා. රේන් කෝට් නෑ කියනකොට ඉටි රෙදි ගිනිහින් දුන්න. ගෙවල් වලින් තොරතුරු ඉල්ලනකොට හමුදාවේ අයගෙ ගෙවල් ගානෙ ගිහිල්ල සමීක්ෂණය කරල විස්තර අරගෙන හමුදා සෙබළුන්ට යැවුව. ඒ ගොල්ලන්ට ගෙවල්වලට තොරතුරු එවන්න ඕන කියනකොට පාර්ලිමේන්තු කොලයි පෑන් පැන්සල් ගිනිහින් දුන්න. සෙබ්‍ළු මැරෙනකොට ඒ ගෙවල් වලවලට ලිහින් අඩුපාඩු හොයල උදවු උපකාර කළා. ඒව මේ රටේ සෙබළු දන්නව. එජාපය සටන් විරාම ගිවිසුම ගහනකොට අපි මැද්දට පැනල තමයි ඒවට විරුද්ධව රටම අවධිකළේ.
තමන්ගේ පක්ෂ කාර්යාලයෙනුත් හොරකම් කරපු අය රටේ හොරකම් නවත්වන්නේ කොහොමද ? පක්ෂෙ වෙනුවෙන් මැරුන සහෝදරවරුන්ගේ පවුල් දුක් විදින කොට කෝටි ගණන් වියදම් කරලා කාර්යාල හදන එක හරිද ? විජේවීර හිටියනම් මෙයාලා උලතියනවා. අධිරාජ්‍යවාදීන් ඇවිත් අධිරාජ්‍ය විරෝධීන් බේරගෙන රට යවන යුගයක් මේක.