ආරච්චිකට්ටුව ආනවිලුන්දාව නිවාස 20 යෝජනාක ක්‍රමයේ ඡන්ද රැස්වීමකට අවසර දුන් පොලිසිය යළි එය අවලංගු කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ දිස්ත්‍රික් සභාපති ඩබ්ලිව්.අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා පවසනුයේ නිවාස සමිතියේ කැමැත්ත දැක්වෙන ලිපියක් ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිසිය ශබ්ද විකාශන බලපත්‍රද නිකුත් කර තිබියදී රැස්වීම අවලංගු කළ බවයි.
ඉඩමේ අයිතිය නිවාස සමිතියට හිමි නොවන බවත් එය ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවට හිමි බවත් ප්‍රාදේශිය සභාවේ අවසරයකින් තොරව රැස්වීමට ඉඩදිය නොහැකි බවත් ප්‍රාදේශිය සභා සභාපතිවරයා කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ කථිකයන්ගේ කතාවලට සමහරු බියක් දක්වනවා පමණක් නොව එයට පිළිතුරු දීමට නොහැකියාවක් තිබෙන බව මට හිතෙනවා (නි)
ප්‍රාදේශිය සභා සභාපතිවරු හරිම නීතිගරුක අය. ඒ නිසා එතුමා කියන දේ අහන්න. නැත්නම් ඉතින් ගුටි කන්නත් වෙයි. (නදී)
ඇත්ත නේන්නම්. වැයික්කියේ තියෙන ඕනෑම දෙයක අයිතිය තියෙන්නේ සබාපතිට නේ. ඒ ගොල්ල පුද්ගලික දෙයක් වගේ ආදරයෙන් ඒවා රැක බලා ගන්නවා. (නදී)
පිට්ටනිය දීලා සාධාරණ ගාණක් ගත්තා නම් ඉවරයිනේ. මෙහෙමත් වැඩ? (නි)
ප්‍රාදේශීය සභා ක්‍රමය රටට ඉතාමත්ම අහිත කරයි. දේශපාලු අපරාධ කාරයන්, හොරුන්, කොමිස් කාක්කන්, පිම්පියන් පගාකාරයන් මේවා තුලට රිංගා ගෙන ඇත. මොවුන්ගෙන් වැඩිදෙනා ප්‍රදේශයේ අපරාධ සංවර්ධනය කරති. ප්‍රාදේශීය සභා ක්‍රමයෙන් නිදහස් වී යලිත් ගම්සභා ක්‍රමය ඇති කරමු (නදී)
5% තියන ජවිපෙට මෙච්චර බය මොකද ප්‍රතිපත්තිය ගොඩක් වටිනවා නේද ? (නදී)
අජන්ත, ජ වී පෙ කියන ඒවා මේ අයට අහන් ඉන්න අමාරුයි. ඒකයි ඔච්චර බය. (නදී)