යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැතිවරයාට බලතල හිමිවන්නේ ඊළඟ මැතිවරණයෙන් තේරිපත්වන ආණ්ඩුවෙන් නිසා ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලය පැහැරගැනීමට කටයුතු කරන බවට සමහරුන් ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යකියි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ සෙනසුරාදා (28) රාත්‍රි සිරස රූපවාහිනියෙන් විකාශනය වු ‘සටන‘වැඩසටහනට සහභාගී වෙමිනි.
අගමැති බලතල හිමිවන්නේ ඊළඟ මැතිවරණයෙන් පසුව බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්වා ඇති බවත් එතෙක් එම බලතල හිමිවන්නේ ජනාධිපතිවරයාට පමණක් බවත් දිසානායක මහතා ඉතා පැහැදිලිව කීවේය.
කිසි ලෙසකින්වත් එවැනි ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ බලතල පැහැරගැනීමට නොහැකි වන බවත් මෙය අමුලික බොරුවක් බවත් හේ සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි, ඔයත් ධම්මගේ බණට එකඟයිද අනේ? (නි)
ගමගේ, මටත් තිබෙන්නේ ඔයාට තිබෙන ප්‍රශ්නයම තමයි. (නි)
මෙයාලා කියන ඒව විස්වාස කරන්නේ කොහොමද? රට ආපස්සට හරවන සාම්ප්‍රදායික කල්ලියක් මේක. (ස)
අනුර කුමාර වික්‍රමසිංහ. (ස)
ජනතාවගේ ඇස පාදන්නේ ඔබයි ! (ම)
සිරස හැමදාම පලිගන්න බොරු කියද්දී අනුර දිසානායක මහතා කල අපුරු ප්‍රකාශයට අපෙන් මල් මිටක්. (ස)
සම්පත් එයාලා කියන ඒවා ව්ශ්වාස කරන්න එපා, ඒ වෙනුවට ඔයාලගේ සදාතනික නායකයා කියන ඒවා විතරක් විශ්වාස කරන්න හොදේ ! (ම)
කොහොමත් මේරටේ මිනිස්සු හැමදාම කෙදිරිගගා අගහිඟ කම් අවනීතියෙන් මැරකමින් ජීවත් වෙන්න කැමතියිනේ. 19 සම්මත කර ගැනිම පස්සට අදින්නේ අර කියමනක් තියෙනවනේ හොඳ වැඩක් නම් යම යක්ෂයාගෙන් හරි වැඩේ කර ගන්න ඕනෙ කියලා. මේ වෙලාවේ කොහොමහරි 19 සම්මත කරමු. (ස)
තිස්සමහරාම බේරගන්න බැරි වුන මේගොල්ලො කොහොමද රටක් බේරගන්නෙ, හික්. (ස)
අපි හිතුවේ වෙන දෙයක් (දිල්)
පළමුව අනුර කුමාර දිසානායක මහතා කි දෙයට ඇහුම්කන් දෙන්න. දෙවනුව 'ප්‍රතිචාර' ලියන්න අනුවණ කම් ප්‍රදර්ශනය නොකර. අනුර කුමාර දිසානායක මහතා යමක් කියන්නේ පදනමක් ඇතිව බව සිත්හි තබා ගන්න.(දිල්)
මට තියෙන ප්‍රශ්නය රනිල් ජ.වී.පෙ.ට කල රටට කල විනාශයට වඩා මහින්ද කළාද කියන එක. (ස)
19 ට විරුද්ධ වෙන්නේ කවුද කියලා හිතා ගන්න පුළුවන් (දිල්)
සත්‍යය ජය ගනී(දිල්)
අද නම් මමත් ධම්ම කියලා තියෙනදේට එකඟයි. (නි)