ගංවතුරින් අවතැන්වූ කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ‘රතු තරුව‘ නමින් සහන සේවා වැඩසටහනක් සිදු කළේය.
වෘත්තියෙන් වෛද්‍යවරයකු ද වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද එම වැඩසටහනේදී ජනතාවට ප්‍රතිකාර කිරීමට එක් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ දොස්තරලා ඉන්නේ වැඩ කරන්න පුලුවන් අය එක්කෙනයි. අනික් අය පින් පඩිකාරයෝ. අපේ රටට ගිය කලක්. එතුමාට පින් මේ කරන සේවයට. (බ)
හුසේන් මොහොමඩ්ගේ කතාව හරියටම හරි (නි)
ජවිපෙ ජනතාවගෙන් ඈතින් ඉන්නේ කියලා අපිට හිතෙනවා. ඒ කිව්වේ ජවිපෙ හඬ ජනතා හඬ නෙමෙයි කියලා නොයෙක්විට පෙනෙන නිසා. ජනතාවට ළංවෙන්න නම් මෙවැනි සමාජ සත්කාර වගේම සැබෑවටම ජනතාවගේ අදහස් ජවිපෙ හඬ බවට පත්කර ගතයුතුයි කියලයි හිතෙන්නේ. (නි)
චතුරි නිවැරදිදේට නිවැරදියි කීම/ වැරදිදේට වැරදියි කීම මනස විකෘතිවීමක්ද? (නි)
මෙයා චතුරිද කතුරිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. දොස්තරගේ ඇඟේ ජේවීපී කියලා ගහලා නැහැනේ. (නි)
ඇසළ, ඔයා ඉතිහාසය දන්නේ නැත්නම් 71,විජේවීර හෘද සාක්ෂිය පොත අරන් කියවන්න. ඔයාට ගොඩක් දේ තේරේවි එතකොට (නි)
මනස විකෘති චතුරි වගේ අයගෙන් ඡන්දය ගන්න පුළුවන් හොරුන්ට විතරයි (නි)
චතුරි හරියට හුළං ගිය බැලුම් බෝලයක් වගෙයි (නි)
චතුරිගේ මනස විකෘති කළෙත් දොස්තර කෙනෙක්ද? (නි)
ඔබගේ මනුස්සකමට පින්! (නි)
චතුරට මෙහෙම දෙයක්වත් හොඳ විදියට දකින්න බැරි ඇයි? (නි)
මෙයයි සැබෑ මිනිස්කම! (නි)
ඇසළ මහතා, අවුරුදු 68 ක අතීතය නොදන්නා අය කවදා ඉපදුනේද යන්න අපටත් සිතාගත නොහැකිය. ප්‍රශ්නවලට පිළිතුරු නොමැති තැන ප්‍රචණ්ඩත්වය ඇතිවීම සාමාන්‍ය දෙයකි. යුද්ධ,කැරලි ඇතිවී ඇත්තේ එවැනි අවස්ථාවලදීය. එයට වගකිවයුත්තන්ද අප හඳුනාගත යුතුව ඇත. කව්රු කවදා ඉපදුනත් යහපත් ක්‍රියාවක් අගය කිරීම මිනිස්කම විය යුතුය. (නි)
චතුරි, බුද්ධදාස රජතුමා ගැන අහලා තියෙනවද? පාට කණ්ණාඩිය ගලවන්න. අරනායක නායයද්දී, කැළණි ගඟ පිටාර ගලලා ගංවතුර දාද්දි, ලොකු පොඩි පක්ෂ පාට එකක්වත් බැලුවේ නැහැ, එතුමා වෛද්‍යවරයෙක්. ගිලනුන්ට උපස්ථාන කිරීම මහා ආනිසංස ගෙනදෙන පින්කමක් (නි)
චතුරිගේ මනස විකෘතිවෙලා වගේ තමයි පෙනෙන්නේ. කවුරු කළත් හොඳ දේ හොඳයි කියන්න. පාට කණ්ණාඩි ගලවලා බලන්න. ජනතාව විපතට පත්වුණ හැම වෙලාවකදීම ජවිපෙ උදව් කළා. ජනතාව කළගුණ නොසැළකුවා කියලා අහක බලා ගන්නේ නැහැ. (නි)
වාහන බලපත්‍රය උදුරගන්න වැඩ නතරකරන දොස්තරලාට හා දේශපාලකයන්ට සාපේක්ෂව නලින් සහෝදරයාගේ වැඩ හා ක්‍රියාවන් ඉතාම උසස්! (නි)
අපි කඩුවෙල. රතු තරුව හරහා කළ සත්කාර දුටුවෙමු. අගයන්නෙමු (නි)
ඇසල ඇතිතේ කල වැරදි පාඩමට අරගෙන වර්තමානයේ ඒ වැරදි නොකර අනාගතයට ඒ වැරදි නොවෙන්ඩ වග බලාගන්න එක තමයි මිනිස්සුන්ගේ යුතුකම බුදුන්වහන්සේ කිසාගෝතමියට කිව්ව නොමළ ගෙයකින් අබ මිටක් ඉල්ලන් එන්ඩ කියල ඇසල ඒක දන්නෑ (බ)
කෝ අර කෑගහන ගම්මන්පිලලා, විමල් වීරවංශලා, මහින්ද රාජපක්ෂලා? (නි)
අනේ චතුරි, හිතේ අමාරුවට, ඊර්ෂාවට නම් බෙහෙත් තවම සොයාගෙන නැහැ. (නි)
ඉතාම හොඳ වැඩක්. අපේ මෝඩ මිනිස්සු ජවිපෙට අඩුම තරමේ ආසන විස්සක්වත් දෙන්න ඕනෑ. අපේ රටේ ඉන්න හොර දොස්තරලා එක්ක සංසන්දනය කරනකොට නලින්ද විශිෂ්ටයි. (නි)
චතුරි කියනවා මිනිසුන්ගේ මනස විකෘති කරන්න එපා කියලා. මුළු රටම විකෘති වෙලා කියලා එයාට පෙනෙන්නේ නැහැ. (නි)
ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න පුළුවන් උගත් අය ඉන්නවා. ඒ වුණාට නූගත් අය වැඩිකම නිසා උගත් අයට වැඩ කරන්න බැහැ. (නි)
ජවිපෙට රට වසර 5 කට දෙන්න. එයාලා රට හදන හැටි ඔයාලට බලාගන්න පුළුවන්. මම එ්ක වටහාගත්තේ සුනාමියෙන් විනාශ වුණ දකුණු දුම්රිය පාර හදපු හැටි දැක්කහමයි. ඔයාලට සුබ පැතුම් ජවිපෙ! (නි)
අගය කලයුතුයි මෙවැනි ක්ෂණික ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම (ම)
කවුද චතුරිගේ මනස විකෘති කළේ? අනේ පව්! (නි)
ජවිපෙ පීඩිතයාගේ නියෝජනය. ජය වේවා!!! (ම)
අනෙක් වෛද්‍යවරුත් මේ අය සමඟ සම්බන්ධ වුණා නම් කොච්චර අගනේද ? එ්ක තමයි සංහිඳියාව කියන්නේ (නි)
චතුරි, හරි දේ හරියට දැකීම, වැරදි දේ වැරදියට දැකීම මනස විකෘතිවීමක්ද? ඔය වගේ අය නිසා තමයි පාර්ලිමේන්තුවට හොරු යවන්නේ (නි)
අපි පාර්ලිමේන්තුවට යැවියයුතු අය ගැන හැමදාමත් කතා කරනවා. එත් අන්තිමේ කිසිම බුද්ධියක් සුදුසුකමක් නැති හිස් මිනිස්සු ටිකක් යවනවා. ඒගොල්ලෝ ගිය දවසේ ඉඳලම තමුන්ගේ මඩිය තර කරගන්න විදිය ගැන හිතනවා. වරද අපේම නේද? (නි)
මේ වගේ රතු තරු 130ක් පාර්ලිමේන්තුවට යැවුවා නම් මුළු ලංකාවම සුවපත් කරන්න පුළුවන් වෙයි (නි)
71 න් පස්සේ ඉපදුන කට්ටිය අතීතය නොදන්නා නිසා ජවිපෙ ගැන දාන අදහස් වලින් හිතාගන්න පුළුවන් ඉපදුන කාලය. (නි)
කොච්චර හොඳද? මෙන්න මිනිස්සු! (නි)
චතුරි, මම කිවුවා කියලා හිතාගන්නකො .... (නි)
මෙවන් මිනිසුන් හැමදෙනාටම ආදර්ශයක් (නි)
අවශ්‍ය වෙලාවේදි උවමනා දේ කිරීම වැදගත්. ඔය මැතිසබේ තව දොස්තරලා ඉන්නවා නේද? (නි)
මෙන්න නියම මිනිස්සු! අපේ මිනිසුන්ට මේ ටික තේරෙන්නෙ නැහැනේ (නි)
රටේ ජනතාව ගැන සැබෑ ආදරයක් තිබෙනේ රටට සහ ජනතාවට සැබෑ කැක්කුමක් තිබෙන අයට පමණි. (ම)
චතුරි, හැම දෙයකම හොඳක් දකින්න පුරුදුවෙන්න. ඔයාට වැරදුනේ ඔයහින්දා (නි)
තමන්ගේ මනස විකෘති කරගෙන ඉන්න චතුරි අනුන්ගේ මනස විකෘති කරන්න එපා කියනවා. (නි)
අපේ රටේ තණකොල මිනිස්සුන්ට මේවා තේරුම්ගන්න තව කොපමණ කාලයක් යාවිද. අති විශිශ්ටයි.....(බ)
අපේ රටේ සෞඛ්‍ය ඇමත් වෛද්‍යවරයෙක් .මේ වගේ ෆිඑල්ඩ් එකට බැස්ස නම් නරකද ?.දත් ගලවන්න (බ)
මිනිසුනේ, පාට පක්ෂ ගැන කියලා මනුස්සකමට නිගා කරන්න එපා. අපි දැක්කා පහුගිය සුනාමියේදී දැන් බොහෝ කටමැත දොඩවන අපේ දේශපාලුවන්ගේ ක්‍රියාකලාපයන් ගැන. ලැජ්ජයි කියන්න මොවුනුත් පත්වුණේ ජනතාවගේ ඡන්දෙන් නේද කියලා. නලින්ද සහෝදරයා, ඔබට දීර්ඝායුෂ! (නි)
වසන්ජය, එයා අපේ දත් දැනටමත් ගළවලා ඉවරයි (නි)
මිනිසුන්ගේ. මනස විකෘති කරන්න එපා බෙහෙත් කෙරුවට කමක් නැහැ (බ)
අනේ චතුරි, ඔයාගේ මනස නම් විකෘතිවෙලා බව පේනවා. කරුණාකර මානසික වෛද්‍යවරයෙක් හමුවෙලා බෙහෙත් ගන්න. (නි)