දුර බැහැර රැකියාවල ගොස් සිටින අයට සිය ඥාතීන්ගේ සිරුරු හෝ දැක ගැනීම සඳහා මීරියබැද්දේ සිරුරු ගොඩ ගන්නැයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළේය.
ඇමැතිවරයා ඔහුට කීවේ පස් ඉවත් කිරීම අපහසු කරුණක් බවයි. එසේ කරන්නට ගියහොත් අනෙක් කඳු ද නාය යෑමේ අවදානමක් මතු විය හැකි බවත් ඇමැති ඔහුට කීවේය.බදුල්ල මහ දිසාපති රෝහණ කීර්ති දිසානායක මහතා කීවේ අවතැන් වු පිරිස් පුනාගල දෙමල මහා විද්‍යාලයයේ හා කොස්ලන්ද විද්‍යාලයයේ ආරක්ෂා සහිතව නවත්වා ඇති බවත් ඔවුන්ට සහන සැලසීමේ කටයුතු සහනසේවා කණ්ඩායම් හා එක්ව සිදු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම හරි කියපු එක ලොකු දෙයක්.(හේ)
ඕවා ගණන් ගන්න එපා.(හේ)
අනේ පවු මන්ත්‍රී තුමා නිකන් නෝන්ඩි වෙනවා.(හේ)
ඇයි බැරි. හිම කඳුත් හාරලා බේරලා ගන්න එකේ. අහිංසක මිනිස්සුන්ට තමන්ගේ ඥාතියාගේ මළ සිරුර බලන්නවත් අයිතියක් නැද්ද ? (නදී)
විද්‍යා එය ඩිමාන්ඩ් කලා නම් වැරදි යි. මෙම අවස්ථාවේ ජේ වී පී නාය යාම නිසා 1971 සහ 1989 දී එයට යටවී මැරුණ අය දහස් ගණනක් මතක් වෙනවා. (නදී)
මේකේ උත්තර දීල තියෙන අයට ජේ.වී.පී එකත් එක්ක හරි අමාරුවක් තියෙනවා වගෙයි. තමුන්ගේ පන්තිය දැන ගෙන කතා කලොත් හොඳයි (නදී)
මෙතනදී දේශපාලන බේද ඉස්මතු කරගන්න නෙවෙයි තියෙන්නේ. වැඩිය ඕන නැහැ. අර අවතැන් වුන මිනිසුන්ට වියලි ආහාර ද්‍රව්‍ය ළදරු කිරිපිටි, ඇඳුම් ටිකක් ගෙනිහින් දෙන්න පුළුවන් ඔය දේශපාලකයන් හැමෝටම. සාමාන්‍ය ජනයා කොහොමත් ඒ දේවල් අමාරුවෙන් හරි කරනවා. මේ වෙලාවේ බංගලාවල් වලට වෙලා ඉඳල හරියන්නේ නැහැ. මේ විපතට පත් වෙලා ඉන්නේ මහන්සියෙන් තේ දළු කඩලා රටේ ආර්ථිකයට උදව් කරන මිනිස්සු. (නදී)
සමන්ත මහතා සිරුරු ගැන කතා කරන්නේ ඒ දවස්වල සිරුරු දැකලාම නැහැ වගේ. 80 අග උසස් පෙළ කල අපි මැරිලා ඉපදුනේ නැහැ. පුළුවන් නම් ගිහින් පස් ටිකක් වත් ඇදලා දීල උදව් කරන්න සමන්ත තුමෝ. ආණ්ඩුවට ආඩපාලි කිය කියා ඉඳල හරියන්නේ නැහැ. මේක ජාතික ආපදා තත්වයක්. ලංකාවෙත් පිටරටත් ඉන්න සෑම ලාංකිකයෙක්ම මේ ගැන කනගාටු වෙද්දී තමුන්නැහේ මෙතනත් ඉල්ලීම් කර කර පිස්සු නටනවා. පක්ෂයේ කට්ටිය එකතු වෙලා මේ මිනිස්සුන්ට පිරිසිදු පානිය ජලය, වියලි ආහාර ද්‍රව්‍ය ආදී ආධාර ටිකක් එකතු කළා නම් මොකද වෙන්නේ ? (නදී)
අපිට හරි කනගාටුයි මේ ගැන ආරංචි වුන වෙලාවේ ඉඳලා. පක්ෂ බේද බල බල හරියන්නේ නැහැ. කරන්න පුළුවන් ආධාරයක් අවතැන් වුවන් වෙනුවෙන් අපි කරනවා. මේ මිනිස්සු රටට විදේශ විනිමය ලබා දෙන්න මහන්සි වෙන උදවිය නේද ? සමන්ත මහත්තය ප්‍රායෝගිකව හිතල මේ වෙලාවේ වැඩ කරන්න. මන්ත්‍රී කෙනෙක් වශයෙන් තමන් ගේ සහයෝගය රටට අවශ්‍ය වෙලාවේ මහින්ද අමරවීර මහතාගේ බෙල්ල මිරිකලා වැඩක් තියේද ? (නදී)
බැහැ කියලා දෙයක් මේ ලෝකයේ නැහැ (නි)
සමන්ත කියල තියෙන්නේ කරන්න බැරි වැඩක් නෙමෙයි. සුනාමි වෙලාවේ රේල් පාර හදපු, ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක හදපු ජේ.වී.පී එකට ඕක ලොකු වැඩක් නෙමෙයි. ආපදා කලමනාකරණ කරන්නේ කොහොමද කියා ජවිපෙ දන්නවා. (නදී)
මේ වෙලාවේ තමනුත් මේ කර්ත්ව්‍යයට උදව් කලා නම් නේද හොඳ ? එතනත් දේශපාලනය ගාවා ගන්න යනවා. මේක අපිට ඕන විදියට හදිස්සියට පස් කඳු හාර ගෙන හාරගෙන ගිහින් කරන්න පුළුවන් වැඩක්ද ? (නදී)
මේ වෙලාවේ තමන්ට කරන්න පුළුවන් දෙයක් කරන එක සමන්ත මන්ත්‍රී තුමාට හොඳයි නේද ? ගෙදර උදැල්ල අරගෙන හරි පස් ටිකක් අයින් කරන්න උදව් කරන්න යන්නකෝ. නිකන් අනිත් අයට ආඩපාලි කිය කියා ඉඳල වැඩක් නැහැනේ. (නදී)
සුනාමිය වෙලාවෙත් හැසිරුණ හැටි අපිට හොඳට මතකයි (නි)
මෙවැනි විපතකදී කවුරුත් රජයට සහය දෙන්න ඕනා. ඡන්ද රැස්වීම් වල වගේ නිකම් බෙරිහන් දිදී ඉඳල වැඩක් නැහැ. ලේසි වැඩක් ද නාය ගිය පස් කඳු අයින් කරන එක. මන්ත්‍රී වරු හැමෝම මේ වෙලාවේ ඉන්න ඕන මේ ප්‍රදේශයේ. බංගලාව ල නෙවෙයි. මේ මිනිස්සු රටට ආදායම් ගේන්න මුල් වෙන මිනිස්සු. (නදී)
සමන්ත මන්ත්‍රී තුමෝ ඔන්න ඔබතුමාට සමාජ සේවය කරන්න අවස්ථාවක් තිබෙනවා. මේ විපත නිසා පවුලේ අයත් හිටපු ගෙදරත් නැති වුන දරු පැටවුන් රැසක් ඉන්නවා. ඒ ළමයින් තවමත් පාසල් ඇඳුම් පිටින්. පුළුවන් නම් ගිහින් ඒ ළමයින් ගැන සොයා බලන්න. මෙලහකට ඒ දරුවන්ව ගෙවල් වල වැඩකාර කම් වලට උස්සාගෙන යන්න අයත් බලාගෙන ඇති. (නදී)
සමන්ත මන්ත්‍රී තුමා හරියට හරි.පස් කන්දට යටවුනු අය අතර අහම්බෙන් හරි ජිවත් වෙන අය ඉන්න පුළුවනි. පසුගිය කාලයේ චීනයේ ඇතිවූ භුමි කම්පාවෙන් පොළොවට යටවී දින ගණනකට පස්සෙත් නොමරුනු මිනිස්සු ගොඩ ගත්තා. මේ කන්දට යටවූ ගෙවල් යටත් නොමරුනු මිනිස්සු සිටිය හැකියි. කළ යුත්තේ කව්රුත් ආරක්ෂාවී මේ මිනිසුන් සොයා ගැනීමයි. සමන්ත මන්ත්‍රී තුමනි, ඔබේ මානුෂික හැඟීම ඉතා අගය කරනවා. (නදී)
කරන්න පුළුවන් නම් හොඳ වැඩක් රජෝ. ඒ උනාට නරකද ජීවත් වෙලා ඉන්න අසරණයන්ට පිහිට උනොත්. පත්තරේ නම දාලා දේවි පනේ. කකුල් දෙකෙන් හිටගෙන කටෙන් කතා කරමුද ආයුබෝවන්. (නදී)
කාට බැරි වුනත් ජවිපෙට ඕක මහා ලොකු දෙයක් නෙවි. සුනාමි ඛේදවාචකය වෙලාවත් මුලින්ම වැඩට බැස්සේ.ජවිපෙයි. ජවිපෙට ඕවා මොන වැඩද? සමන්ත මහත්තයෝ බහින්න වැඩට ඕන තරම් මිනිස්සු ඒවි ඔබේ සහයට. (නදී)
මේ වගේ අවස්ථාවල ප්‍රායෝගිකව කරන්න අපහසු දේවල් තිබෙනවා. එක පාරටම ගෙදර වත්තේ පස් පෙරලනවා වගේ නාය ගිය තැන පස් අයින් කරන්න බැහැනේ. අනෙක ඔය ප්‍රදේශයට ප්‍රවාහන අවහිරතාත් ඇති. මේ වෙලාවේ තමන්ට හැකි පමණින් උදව්වක් කරන එක තමා කල යුත්තේ. එතන සහන වැඩ කරන මිනිස්සුන්ට උදව් කරනවා මිසක් වැරදි සොයලා කෙරෙන කටයුතුත් අවුල් කරන එක හොඳ නැහැ. (නදී)
මේක පංගු බේරු බලන්න ඕන වෙලාවක් නෙවෙයි. පුළුවන් උදව්වක් කරනවා මිසක්. සමන්ත මන්ත්‍රී තුමා හදන්නේ නාය ගිය පස් කන්දෙත් වේදිකාවක් ගහගෙන කතාවක් පවත්තන්න වගේ. (නදී)
සමන්ත මන්ත්‍රීගේ කෙකර ගෑමේ කෙළවරක් නැහැනේ. පක්ෂ සාමාජිකයෝ එකතු කරන් මේ විපතට පත් මිනිස්සුන්ට මොනවා හරි කරන්නකෝ. අර විපක්ෂ නායකතුමා අඩු වශයෙන් කියල තිබුනා මේ විපතේදී භේද නැතිව උදව් කරමු කියලා. මේගොල්ල ඉස්සෙල්ලම මෙතන පස්චාත් මරණ පරික්ෂණ තියන්න හදන්නේ. (නදී)
මේක ආපදා කළමනාකරණ ඇමතිට විතරක් තනියම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මෙච්චර විනාශයක් වෙලා තියෙද්දී එතනත් ඉල්ලීම් විතරයි. උදව්වක් කලොත් නරකද ? අර ඉස්කෝලවල නවාතැන් ගත්තු මිනිස්සුන්ට කන්න කෑම පාර්සල් ටිකක් අරන් හරි බලන්න යන්නකෝ සමන්ත මන්ත්‍රී තුමෝ. (නදී)
සමන්ත මන්ත්‍රී තුමා දැන් මෙතන ඒ පාර කොරනෙල් රාළහාමිගේ වැඩේ භාර අරන්ද ? නරකද අර අවතැන් වුන මිනිස්සු ඉන්න පාසල් පැත්තේ රවුමක් ගහල, ඒ කට්ටිය වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කළා නම්. (නදී)
පිටරටවල ඉන්න ලාංකිකයන්ගෙන් උදව්වක් ඉල්ලුවොත් ඒ උදවිය අහක බලන එකක් නැහැ. මේ අවතැන් වුන මිනිස්සුන්ට සෑහෙන්න ආධාර අවශ්‍යයි. ඔක්කොටම කලින් මේ පැත්තක ඉඳන් කෑගහන කෑදැත්තා ව නතර කරන්න ඕනා. එතන වැඩක් කරන මිනිහෙකුටවත් ඒක කරගන්න ඉඩ දෙන්නේ නැහැ. (නදී)
එයාලා ඉතින් හැමදාම ඔහොමනේ! (නි)
මෙතන තියෙන්නේ පක්ෂ ප්‍රශ්නයක් නෙවෙයි. මෙහෙම වෙලාවකවත් තමන්ගේ කට නෙවෙයි වැඩ පෙන්නන්න ඕන බව දන්නේ නැති කම . ගිහින් බලන්න බැරිද අර පාසැල් වල ගාල් වෙලා ඉන්න අසරණ මිනිස්සුන්ට බොන්න පිරිසිදු වතුර ටිකක් වත් තියනවද කියලා. (නදී)
මේ ගොල්ලන් එදා ඉඳලම කලේ ඉල්ලීම් කරන එකයි උද්ඝෝෂණ කරන එකයි අනිත් මිනිස්සුන්ගේ වැඩවලට වැරදි කියන එකයි විතරයි. මේ වගේ වෙලාවකවත් රට වෙනුවෙන් මේ විපතේදී වැඩ කරන්න එකතු වෙන්න ඕනකමක් නැහැ. මල මිනී ගොඩ දාල දෙන්න කිය කියා කෑගහනවා. ඉතින් ඕක ආපදා ඇමතිම කරන්න ඕන කියල නියමයක් නැහැනේ. ඔබතුමාත් මන්ත්‍රී කෙනෙක් නේද ? ඇවිල්ල ඒ වැඩේ කරන්නකෝ පුළුවන් නම්. (නදී)
ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙකුගේ ජීවිතයට වටිනාකමක් නැහැ. මේකේ දේශපලුවෙක් එහෙම වැළලිලා හිටියා නම් කෝටි ගණනක් වියදම් කරයි. දැක්කේ නැද්ද එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ ගිහින් බැල්කනියෙන් වැටිලා අඩු කඩා ගත්තා (නදී)
ඕනෑම රටක මෙවෙනි ආපදාවක් වුනහම හැකිතාක් දුරට සිරුරු සොයාගන්න උපරිම උත්සාහයක් ගන්නවා. මන්ත්‍රී වරයා ඒ ගැන කතා කරහම ඒ කතාව කිව්වේ දේශපාලන වාසියකට කියල පෙන්වන්න පුළුවන් ඒක වාර්තා කරන ආකාරයෙන්. 88/89 දී නම් හන්දියක් හන්දියක් ගනනේ පුච්චලා ප්‍රදර්ශනය කරේ කව්ද කියල කව්රුත් දන්නවා. (නදී)
කවුරුහරි කමක් නැහැ මේ අසරණයන්ට පිහිට වෙනවා නම් (නි)
මේ වාගේ ජාතික ශෝක අවස්ථාවකදිත් , තමන්ගේ පටු අදහස් ඉදිරිපත් කර ප්‍රචාරයක් ගන්න බලනවා නම් ඒක වැරදියි (නි)
සමහරු හිතාගෙන ඉන්නේ තමන් කරන දේ විතරයි නිවැරදි කියලා (නි)
වෙන රටවල් වල දවස් 11 කට පස්සෙත් ජීවතුන් අතර හිටිය අය හම්බවෙලා තියෙනවා. ජීවත්වෙන්න උත්සාහයක් තියෙන ඒ අය වෙනුවෙන් අපි බැහැ කියල ඉදලා හරියන්නේ නැහැ (නදී)
මෙයාලා කවද්ද පුළුවන් වැඩක් කීවේ (නදී)
පුළුවන් නම් විතරක් ගොඩගන්න බලන්න (නි)
මන්ත්‍රී තුමාට කියන්න තිබුනේ මහා නිධානයකුත් වැළලිලා තිබෙන බව. එතකොට පස් ගොඩ එයි බැකෝ වලින් ඉබේටම.(නදී)
මැරුණ අය කොහොම උනත් තවමත් ජීවතුන් අතර ඉන්න අය සිටින්න පුලවන්. මතකද ජපානයේ ඔය වගේ ආපදාවක් සිදුවෙලා සතියකට පස්සේ මිනිසුන්ව සොයාගත්තා. ඒ නිසා මේකට දේශපාලනය ගාව ගන්නේ නැතිව තවමත් ජීවත් වෙලා ඉන්න අයව බේරගන්න කටයුතු කලොත් හොදයි (නදී)
මෙම අාපදා අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමාගේ නිවේදනය මුලුරටටම ආදර්ශයක්. එතුමා එමගින් අවධාරණය කර ඇත්තේ සියලු වාද භේද අමතක කර විපතට පත්වූවන්ට සහන සැලසීමට සියලුදෙනා එක්වන ලෙසයි. එතුමාගේ පරිනත, වගකීම් සහිත එම ප්‍රකාශය සියලු දෙනාට විශේෂයෙන් සියලු දේශපාලකයන්ට ඉතාම හොඳ ආදර්ශයක්. (නදී)
මිනිසුනේ, මෝඩ කතා නොකියා ඉන්න. කිසිම කෙනෙක් කැමති නැහැ කරන්න පුළුවන් දෙයක් නොකර ඉන්න. (නි)
ඕක දේශපාලනයේ ස්වභාවය. (නි)
සමන්ත වසන්ත එක්ක මම එකඟයි. මේ මනුස්සයා එතනට ගිහින් කළේ ඉල්ලීමක් විතරයි. නැතුව කරපිය කියලා කීවේ නැහැ (නදී)
ඔහොම පස් කඳු වලට යටවෙලා ජීවිතය බේරාගත් කට්ටිය ඕනෑතරම් ඉන්නවා. මෙය තමන්ගේ දේශපාලන ඇසින් නොබලන මෙන් ඉල්ලා සිටිමි. (නි)
ඔයා හිතන්නේ අක්කර 200ක පස් කන්දක් කියන්නේ ඔයාගේ ගෙදර පස් කණ්ඩියක් වගේ කියලද..?(හේ)
නොහැක්කක් නොමැත... (නි)
සිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ (නි)
මෙතන ඇමතියෙක්ගේ දරු පවුලක් යටවුණා නම් මේ තත්වය මීටවැඩිය වෙනස් වෙයි නේද? මෙතන තියෙන්නේ කළයුතු වැඩක්. ඒත් අපහසු වැඩක්. අනෙක් ජීවත්ව සිටින මිනිසුන්ගේ ජිවිත දේපල ගැන හිතන එක තමයි දැන් කරන්න ඕනෑ. ඔවුන්ව ආරක්ෂා සහිතව පිටත්කර මුදාගැනීමේ මෙහෙයුම් පටන්ගන්න එක හොඳයි. (නි)
කාවින්ද කියන දෙය හරියටම හරි. එක්කෙනෙක් හරි ජීවත්වෙලා හිටියොත් ඔයාලා මොනවද කියන්නේ? එහෙම වෙලා තියෙනවා නේද අතීතයේ. සියලු කාරණා සැළකිල්ලට අරගෙන මේ අයව හොයනවා නම් වඩා යහපත්. (නි)
හැකි පමණ කළයුතුයි. තව එක් ජීවිතයක්වත් බේරාගන්න පුලුවන් වෙයි. පිටරටවලත් එහෙම කරලා තියෙනවා. සුන්බුන් යට හිරවෙලා උන් අය බේරාගෙන තියෙනවා දවස් ගණනාවකට පස්සෙත්.සමන්ත විද්‍යාරත්න මහත්තයා කියන්න ඇත්තෙ ඒ ගැන හිතලා වෙන්න ඇති (නි)
ඒ දවස්වල අතුරුදන්කළ අය ගැන ජීවත්වෙලා ඉන්න ඔවුන්ගේ ඥාතීන්ට කියලා හිටියා නම් වඩා හොඳයි මම හිතන්නේ. (නි)
මතක තබාගන්න, මෙයටත් වැඩිය දරුණු භූමිකම්පා සහ නායයෑම් වල සුන්බුන් සහ එකට හේත්තු වූ බිත්ති අතරට මැදිවී ජිවිත බේරාගත් උදවිය ගැන අපි අහලා තියෙනවා. සුන්බුන් අවුස්සලා මඟක් පාදගත්තොත් සුනඛයින්ගේ උදවු ඇතුව සුන්බුන් අතරේ ජිවතුන් අතර සිටින අය සොයාගත හැකිවේවි. (නි)
තමන්ගේ අය වටින්නේ තමන්ට විතරයි. පව් අහිංසක මිනිස්සු. අඩුමගානේ ඇයි උත්සාහවත් නොකරන්නේ? (නි)
මෙයාල තමන්ගේ වාසියට නැති ප්‍රශ්ණ ඇති කරවා. (අ)
බන්දුල පෙරේරාගේ පක්ෂග්‍රාහී අදහස් ගැන දුකයි (නි)
ඕනෑම කෙනෙක් කැමතියි තමන්ගේ නෑදෑයන්ගේ මළසිරුරු බලන්න. ඒකට පුළුවන් උදවුවක් කරන එක රජයේ වගකීමක්. (නි)
ලේණිගෙ පැටියා මූදට වැටිල බේරගන්න ලේණි වලිගෙන් මූද ඉහින්න පටන් ගත්තලු. ඒ ලේණි උගෙ පැටියට තියන ආදරේ හින්දා. ඒ ලේණිට කතා කරන්න පුළුවන්කම තිබුනා නම් ඌ කියාවි මූදේ වතුර ටික ඉහල දෙන්න කියලා. පත්තරෙත් දායි කොරන්න බැරි දෙයක් කිව්වා කියලා. උඩ තියනව වාගෙ කමෙන්ටුත් දායි. ඒත් ඊටත් එහා ගිය මනුස්සකම කොහෙද? කව්රු හරි එකෙක් ඔය පස් යට වෙච්චි එකෙකුගේ හරි ජීවිතයක් බේර ගත්තොත් ඒ පව්ලට රත්තරන් කුට්ටියක් හම්බවුනාටත් වැඩිය වටී. මල්ලි මනුස්සකම බාල්දු කරන්න එපා පුද්ගලයො -පක්ෂ දිහා බලල. (නදී)
ජේ වී පී කාරයෝ කවදාද කරන්න පුළුවන් වැඩක් කීවේ. (නදී)
මේ මහත්තුරු මේ වගේ ඉල්ලීම් කරන්නෙ ලකුණු දාගන්න. සමහර වෙලාවට හවස් වෙනකොට නෑදෑයෝ අරගෙන පාරට බස්සන්න බලාවි. රටක මොන ආණ්ඩුවක් පැවතියත් මේ වගේ වෙලාවක ගොඩ ගන්න පුළුවන් කම තියාගෙන ගොඩ නොගෙන ඉන්නෙ නැහැ මල සිරුරු. (නදී)
මේ කවුරුත් දන්නේ නැහැ වගෙයි අතුරුදහන් වුණ මිනිසෙකුගෙයි මැරුන මිනිසෙකුගෙයි වෙනස. (නි)
මන්ත්‍රීවරයා කියන ලද අර්ථයෙන් නොව කාවින්ද ඉදිරිපත් කල අර්ථයෙන් සලකා බලා විපතට පත්වූවන් ගැන සෙවීම වැදගත් වෙනවා. ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම අමානුෂික වැඩකි. (නදී)
මැරෙන්න මැරෙන්න සමන්තලට වාසිය. එයාල හැමදාම කරේ මිනි මරණ එක හරි මැරෙන්න දීල විකුණන එක තමයි. (නදී)
සමන්ත අපේ ගෙදර නම් පස් කන්ඩි නැහැ,එකට තමයි නවීන තාක්ෂනය තියෙන්නේ ගල් යුගයේ ජිවත්වන අයට මේවා ලොකු දේවල් උනාට වර්තමානයේ නම් මේවගේ දේවල් බොහම පහසුවෙන් කරන්න පුළුවන්. (බ)
මේක බැරි වැඩක් නොවෙයි උවමනාවක් නැති කමයි තියෙන්නේ,කඩාවැටිච්ච පස් කන්ද ඉවත්කලා කියලා අනෙක් කඳු නයා යන්න තියෙන හැකියාව ගැන කියන්න අමරවීර ඇමතිතුමාට තියන තාක්ෂණික දැනුම ලැබුනේ කොහොමද කියලා පැහැදිලි කරන්න ඕනා,මේ පස් කදු වලට යට උනේ අවිහිංසක වතු කම්කරුවන් නිසා මේකට අදහස් දාන අය බොහොම නරුම විදියට කල්පනා කරන බවක් පෙනෙනවා සමන්ජය,රාජ් වගේ කඩේ යන කට්ටිය නිසා තමයි මෙරට මෙතරම් පිරිහුනේ. (අ)
ලංකාදීප, හොඳට කඩේ යනවා. (ර)
ඔච්චරම තේරුම් අරගෙන කතාකරන අයට තේරෙන්නේ නැද්ද මේ දේවල් කළාම මේකයි වෙන්නේ කියලා? (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ.ඕක දේශපාලනයේ ස්වභාවය. (නි)
සමන්ත මන්ත්‍රීතුමා, මේ මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේවත් බොරදියේ මාළු බාන්නේ නැතුව දැනට ජීවත්වෙලා ඉන්න මිනිස්සුන්ට යහපතක් වෙන විදිහේ වැඩපිලිවලකට රජය සමග සාකච්චා කරනවද .. (ර)
මේ වගේ වෙලාවක අනිත් අයට දොස් කිය කියා නිකම් බලා ඉඳලා හරියන්නේ නැහැ. වැඩේ පහසු නම් ජ.වි.පෙ පක්ෂ සාමාජිකයන් එක්ක ඇවිල්ලා කරන්නනේ තියෙන්නේ. (නි)
අනේ.! මේ වෙලාවේවත් බැරිද දේශපාලනේ නොකර එකතුවෙලා තීරණ ගන්න.. අනික දැන් වළලපු ජීවිත ගැන කතා කරනවා.1989 කීයක් වලලුනාද.? ඒ කාලේ නෑයන්ට පෙන්නුවද මරපු ඔක්කොම..? (ර)
මෙතන විපතට පත්වුණු කෙනෙක්ගේ පවුලේ කෙනෙක් මෙම ඉල්ලීම කිරීම අපිට හිතාගන්න පුළුවන්. එසේ ඉල්ලසිටීම ඉතාම මානුෂික හැගීමක්. එය අපට හොඳින් තේරෙනවා. නමුත් මන්ත්‍රීතුමා අපි දන්නා විදිහට උගත් කෙනෙක්. ඒක නිසා නායගිය තැනක කැණීම් කිරීම අවට ප්‍රදේශවාසීන්ටත් තර්ජනයක් බව එතුමාට තේරුම්ගත හැකිවිය යුතුය. (නි)
වියදම් අදිකයි. නමුත් පුළුවන්, අපි කව්රුවත් කැමති නැහැ අපේ නෑයෙක් නිකන්ම පස් කන්දකට යටවෙන්න අරින්න අඩුතරමේ මලගමක්වත් නොතියා. (අ)
බොරදියේ මාළු අල්ලන්න හදනවා නම් ඒක බොහොම වැරදියි (නි)
අහිංසක මිනිසුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන දේශපාළකයන් මෙහි වගකීම බාර ගත යුතුයි.මෙම අනාරක්ෂිත පරිසරයේ මොවුන් "ගාල්"කර තැබුවෙි ඇයි?තවත් කී දෙනෙකුගේ ජීවිත මෙි අයුරෙන් විනාශ වෙයිද?සමන්ත කියන්නා සේම මෙම සිරැර ගොඩ ගත යුතුයි.පස් ඉවත් කරන විට අනෙක් ප්‍රදේශ නාය යාවි යැයි කියන්නේ මෙම වගකීමෙන් ගැලවීමටයි.කපටි දේශපාළකයන්ගේ "සුදු හුණු"ගාන්නන් ඔවුන්ගේ කෙනෙක් යට වුණා නම් මෙම කතා නොකියනු ඇති. (අ)
වේලාවකට පිස්සුනේ.(හේ)
මෙහෙ ආවොත් බලන්න පුලුවන් ඒ මිනිස්සු කොච්චර අසරනද කියලා ඔයාල බොරුවට කෙනෙක් කියපු දෙයක් අල්ලගෙන වාද කරන්නේ නැතිව මේ මිනිස්සුන්ට කන්න අදින්න මොනවහරි දෙයක් බලන්න. අහිංසක මිනිස්සු.(අ)
රාජ් /සඳුනි, ඔයාලට මතකද 2004 සුනාමිය? ඒ වේලාවේ ජවිපෙ රතු තරුව සහන සේවා බලකාය දියත් කළේ ඔයාලා ඔය කියන පටු දේශපාලන වාසිගන්න නෙමෙයි. (නි)
පව් මේ අහිංසක දුප්පත් මිනිස්සු.අපිත් කැමතියි පුළුවන් විදියට ජීවත්වෙලා ඉන්න දරුවන්ටත් වැඩිහිටියන්ටත් පිහිටවෙන්න (නි)
මේ හෙඩ් ලයින් එක වැරැදියි. බැරි වැඩක් නෙවෙයි කියල තියෙන්නේ. කළ යුතු වැඩක්. නමුත් ඒක කරන්න අපහසුනම් ඒක පෙන්වා දෙන එක අදාළ ඇමතිගේ වැඩක්. නමුත් මේ නිව්ස්එක ද්වේශසහගතව යොදපු හෙඩ් ලයින් එකකින් දැමීය යුතු නැහැ නේ. හිතල බලන්න. (ර)
කාවින්ද, ඔයා හරි.සුනාමි වෙලාවෙත් දින හතරකට පස්සෙත් ජීවිත බේරුන කට්ටිය හිටියා. (නි)
උදිත, හෙඩ් ලයින් එක හරි. එක කරන්න බැරි වැඩක් කියල ටී.වී. එකේ බැලුවම තේරෙනවා. ඔයාල වගේ කට්ටියට නොතේරුනාට. (ර)
නොමැරුනු අය පස් අතර ඉන්න බැරිද? (නි)
ඔවු, හාරන එක හොඳයි තමයි. (නි)
ලංකාදීපයත් දේශපාලන කඩේ යාමට ලක් වෙලා වගේ... (ර)
මේ ගොල්ල හැමදාම කියන්නේ කරන්න බැරි වැඩ... (ර)
උදිත, ඔයාගේ සිත්ගත් මන්ත්‍රීතුමාට කියන්න මේ වගේ වෙලාවල්වල වත් දේශපාලන ඇසින් නොබලා ප්‍රායෝගික බුද්ධියෙන් කටයුතු කරන්න කියලා. රාජ් ගේ සහ සමන්ජයගේ අදහසුත් පොඩ්ඩක් බලන්න. (ර)
නොහැක්කක් නොමැත, මට නම්. (නි)
පොඩි පක්ෂයක කෙනෙක් යමක් කිව්වම ඒක ලොකුවට දානවා. ඇමතිවරු වේදිකා වල කුණුහරප කියනවා ඒවා ගැන දාන්නේ නෑ. මෙතුමාගේ ඉල්ලීම ලොකුවට දැම්මා වගේ ඒවත් උලුප්පලා දාන්න. (ර)
මැරුණ මිනිස්සුන්ගේ රන්, රිදී බඩු හොයන්න රෑ වෙනකොට මෙතන වලවල් හාරවී... (ර)
මල සිරුරු ගොඩ ගන්න ගිහින් අනිත් ඉතුරු ටිකත් නාය ගියොත් සමන්ත මන්ත්‍රීතුමා ඒකට වග කියනවද..? (ර)
මේ අයගේ මිනි ගොඩ ගැනීමට අවශ්‍යයි අඩුම ගානෙ මිනි ගොඩ ගැනීමට උත්සහකරන්න ජීවතුන් අතර එක් අයෙක් වත් සිටියොත් අැමතිගේ බැරිකම වහගන්ඩ ඔය කතා කියන්නේ නැවත කන්ද නාය ගියත් ඔය පළාතකවත් කෙනක් නෑ උදිතගේ අදහස අගය කරමි සදුනි සහ බන්දුල පෙරේරාට අපායේ ඉදිරි අසුන් ලැබෙනු ඇති සිතමි. (අ)
ඒ කාලේ යුද්දෙටත් කිව්වේ කරන්න බැරි වැඩක් කියල. (ර)
ඇත්තටම මිය ගිය අහිංසක මිනිස්සුන්ගේ ඥාතීන්ට තමන්ගේ හිතවතුන්ගේ ඥාතීන්ගේ දේහ වලට අවසන් ගෞරව දක්වන්න අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් තරම් හෝ සිරුරු ගොඩ ගන්න ක්‍රමවේදයක් සකස් කරන්න තිබුන. ලංකාවේ අදාල අැමතිවරයටම කියා මේ දේවල් කරගැනීමක් තියෙන නිසාවෙන් එසේ ඉල්ලීමක් කරන්න ඇති එ්ක කරන්න පුලුවන්ද? බැරිද? අවම මට්ටමකකට හෝ පුලුවන්ද ? බැරිද? කීප දෙනෙකුගේ හෝ පුලුවන්ද ? බැරිද ? තමා ප්‍රශ්නේ. අනික එක බැරි වැඩක්මයි යනුවෙන් අර්ථ කථනය කරන්න පුලුවන්ද? ඒ මිනිස්සු ලංකාවේ පුරවැසියන් නොවේද? (අ)
ඔන්න දැන් කරන්න බැරි වැඩේ කරනවා. ඔය අදහස් දාන අය ටිකක් කල්පනා කරලා අදහස් දාන්න.(අ)
ඔය කවුරු මොනවා කිව්වත් තමුන්ගේ කෙනෙක් එහෙම ඔය ආපදාවට මුහුණ දුන්නනම් ගොඩ ගන්නකන් විලාප තියයි. ඔය හුගක් දෙනෙක් දුප්පත් දුගී නිසා ඔහොම කියනවා. තව ඔතන ඇමති කෙනෙක්ගේ කවුරුවත් නැතිව ඇති. (ර)
පවු.! අහිංසක මිනිස්සු. කාටවත් අත නොපා කියක් හරි හොයාගත්ත මිනිස්සු. කබලෙන් ලිපට වැටුනා. තමන්ටයි කියල හිටිය එකම පවුලේ සාමාජිකයොත් නැති උනා. (ර)
ඊළගට කියයි මේකත් රජයේ ඡන්ද ගුන්ඩුවක් කියල. 71 සහ 89 මල සිරුරු තියා කටුවත් දකින්න හම්බ උනේ නැහැ. (ර)
දේශපාලනය ගාවගන්න එපා, කවුරුත් කැමතියි තමන්ගේ ඤාතීන් දකින්න, අඩුගානේ අතරුදහන්ද, මිය ගිහින්ද, කියලවත් තහවුරු කරගන්න. නමුත් කරන්න බැරිනම් ඉවසන්නත් වෙනවා. (ර)
මට හිතෙන්නේ මේ හෙඩ්ලයින් එක දාලා තියෙන්නේ ආර්ථික පැත්තෙන් හිතලයි. (ර)
මේ අයට තේරෙන්නේ නැද්ද එක කරන්න ගියොත් තව ජිවිත අනතුරේ කියල. දැන් හෙට කියයි රජය මේ මිනිස්සුන්ගේ මල මිනි ටිකවත් ගොඩ අරන් දුන්නේ නැහැ කියල.. (ර)
ඔය අය නිසා තමා කිසි දෙයක් හරියට කරන්න බැරි. මේ වෙලාවේ මිනිස්සුන්ට මැරුණු අය හොයල දෙන එක හොදයි නමුත් සමන්ත මහත්තය හොදටම දන්නවා එක කරන්න ගියත් තව ගොඩක් අය මැරෙයි කියල. හැමදාම වගේ ඔය වගේ කථා කියන්න එපා මේවගේ වෙලාවකවත්. (ර)
මේකෙනුත් දේශපාලන වාසියක් ගන්න හිතුනා වත්ද? කළයුතු උනත් කිරීමෙන් තවත් ඊට වඩා ලොකු කරදරයක් වෙනවා නම් එක නොකළ යුතු දෙයක් වෙනවා. එක හරි. (ර)
දැන් දාල තියන කන්ද හාරන්න බැකෝ පහක් කියන හෙඩ් ලයින් එක ගැන ඔය සන්දානෙට කඩේ ගිහින් කොමෙන්ට් කරපු කට්ටිය මොකද කියන්නේ (නදී)
එක්කෙනෙක් හරි ජීවත් වෙලා හිට්යොත් ඔයාලා මොනවද කියන්නේ? එහෙම වෙලා තියෙනවා නේද අතීතයේ. සියලු කාරණා සැලකිල්ලට අරගෙන මේ අයව හොයනව නම් වඩා යහපත්. (ර)
ඔව් ඉතින් මෙතැන අදහස් දාල තියෙන අයගේ කවුරුවත් නැති උනේ නැහැනේ. තමන්ගේ කෙනෙක් නැති උනානම් මිනියවත් බලන්න ඕනේ කියල ඔය අයට හිතෙන්නේ නැද්ද? කරන්න අපහසු නම් ඒක වෙනම වැඩක්. ඉල්ලීමක් කරන එකත් බොර දියේ මාළු බෑමක්ද? (ර)
නාරද , බැරි නම් දැන් හාරන්නේ මොනවාද? ඔයාගේ පුංචි මොළයට හිතාගන්න බැරි ගොඩක් දේවල් තියනවා කරන්න පුළුවන් (නි)
සමන්ත මහත්තයා මොනවා කියනවද මන්දා? (නි)
මෙහෙම දේවල් වලින් වාසි ගන්න බලන එක වැරදියි (නි)
මම හිතන්නේ සමන්ත මහතා කියපු දෙයි ලොකු හැඟීම් ගොඩක් තියෙනවා එතුමා බැලුවේ මානුෂික පැත්ත එතුමා තමයි හැම දේසපාලුවෙකුටම කලින් එතනට ගියේ එතුමාට බොරුවට බනිණ අය මොහොතක් හිතන්න අපේ ගෙවල් වල ඉන්න බල්ලෝ වගේ බුරන්න එපා අනික අතීතයක් ගැන මෙතැනදී මොනවට කතා කරනවද අපි මොනවා කිවත් බැරි වඩාත් අපේ කොල්ලෝ කරා නිකන් හිතන්න මැලේසියා ගුවන්යානය නැතිවුනාම ලෝකේ රටවල් ඔක්කොම එකතුවෙලා කොච්ච්ච්ර සල්ලි වියදම් කරාද නැතිවුනු අයගේ ශරීර හොයන්න (අ)
සමහර විට පස් යට පණපිටින් ඉන්න පුළුවන්. සමන්තගේ ඉල්ලීම හරි . නමුත් කාට කියන්නද ? (නදී)
ගොඩගන්න ඕනා. එ්ක එහෙම වෙන්න ඕනා. (නදී)
දැන් මේ යට උන අය වලදමා ඉවරද ? ලෝකේ මේ වගේ දේවල් වෙලා මිනිස්සු පණපිටින් ඉදල හොයා ගන්නවා. අපේ අය පැය 24 ක් ගත වෙන්නත් කලින් වලදමා ඉවර කරනවා. එක මනුස්සයෙක් හෝ පණපිටින් හිටියොත් (නදී)
විද්‍යා එය ඩිමාන්ඩ් කලා නම් හරිද? මෙම අවස්ථාවේ ජේ වී පී නාය යාම නිසා 1971 සහ 1989 දී එයට යටවී මැරුණ අය දහස් ගණනක් මතක් වෙනවා. (නදී)
දැන් එතන ගමක් නැහැ. එනිසා මන්ත්‍රී වරයා කියල තියෙන්නේ කලයුතු දේ නේ. 89 කුයි, 71 කුයි, මෙතෙන්ට ගාවන්න එපා. මේ දුප්පත් අහිංසක මිනිස්සු වෙනුවෙන් අවසන් ගෞරවය කරන්න ඕනා. ඒ ඇත්තෝ විහින් කර ගත්තු දෙයක් නෙවේනේ. (නදී)
මේකේ ඇත්ත කතාව රජය කියනවට වඩා මිනිසුන් විශාල ප්‍රමාණයක් මිය ගිය එකයි. ඒවා එලි උනොත් ජනාදිපති වරණයට එ්ක ලොකු බාදාවක්. නැත්නම් කරන්න බැරි වැඩක් නෙමෙයි. මෙතන අදහස් දක්වන අයගේ කෙනක්ට උනානම් මෙහෙම කියයිද? (නදී)
ලේන් අම්මා තමන්ගේ ලේන් පැටිය මුදට වැටුන වෙලේ උගේ වලිගෙන් මුදේ වතුර අයින්කරාලු නේද ? සමන්ත ගොබිලගේ වචන හැසිරවීම මමත් පිළිගන්නේ නැහැ. එ්ත් උත්සාහ අරගෙන එක මිනියක්වත් ගොඩගෙන පාන්සු කූලේ දීල අවසන් ගමන් ගෞරවාන්විතව යවමු. මියගිය සැමට නිවන්සුව අත්වේවා! (නදී)
වැරදීලාවත් පළාත් සභා මංත්‍රී කෙනෙක් ගේ වුනා නම් (නදී)
හරිම කණගාටු දායක සිදුවීමක්,අහිංසක මිනිස්සුන්ටම තමයි සේරම වෙන්නේ.විපත් වෙන්න කලින් පරීක්සන කරලා මිනිස්සුන්ව ඉවත් කරන්න කවුරුවත් කටයුතු කරේ නැහැ ,දැන් මියගිය අයව ගොඩ ගන්නවත් සැලසුමක් නැහැ.සුනාමි වෙලාවෙත් පිටරටවලින් එනතුරු පාලකයෝ කිසිදෙයක් කරන්න උත්සහ කලේ නැහැ.සුනාමි ආධාර ගන්න බලන් හිටිය මිසක කරපු දෙයක් නැහැ .දැන් මේකත් ලෝකෙට පෙන්නලා ආධාර ගනීවි අනාථ වූ මිනිස්සුන්ට මොකුත් ලැබෙන්නේ නැහැ.මේක වෙන්න කලින් මිනිස්සුන්ව ඉවත් නොකිරීම ගැන අදාල ඇමති කියයි එයාගේ අමත්‍යංශයේ වරදක් නැහැ කියල.(අ)
සමන්ත කියන්නෙ බොරැවට කෑගහන මනුස්සයෙක්. දැන්වත් ඔය මිනිස්සුන්ට පිහිටක් වෙනවා හොඳයි.(අ)
මන්ත්‍රී තුමා නින්දෙන් ඇහැරිලා. (නදී)