ගංවතුරෙන් විපතට පත් වූ ජන ජීවිත යළි නගාසිටුවීමේ අරමුණෙන් ජනතා විමුක්ති පෙරමුණේ ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බළකාය මනුෂ්‍යත්වයේ ශ්‍රම මෙහෙයුම මැයෙන් ශ්‍රමදාන වැඩසටහනක් අද පෙරවරුවේ කඩුවෙලින් ආරම්භ කළේය.
ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත් හා මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා ඇතුලු පිරිස බියගම අවට ප්‍රදේශයේත් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, දේශපාලන මණ්ඩල සභිකයන් වන සුනිල් හඳුන්නෙත්ති, කේ.ඩී ලාල්කාන්ත හා නිහාල් ගලප්පත්ති ඇතුලු පිරිස කඩුවෙල අවට ප්‍රදේශයේත් ශ්‍රම මෙහෙයුම් කටයුතුවලට සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙහෙමයි නායකයෝ ඉන්න ඕනේ.(හේ)
ලොක්කො ටික අත්මේස් දාගෙන. අහිංසක සොයුරන් නිකම්ම වැඩ කරනවා. ජවිපෙ කළත් යූඇන්පී හා නිදහස් පක්ෂය කළත් එකම දේ තමයි. (නි)
ජේවිපී එක ඉස්සර වැරදි ඇති, දැන් ඔවුන් හරි මාර්ගයට ඇවිත් තියෙන්නේ (හේ)
ධම්ම, බුදුදහම කොච්චර හොඳද? එ්ත් කී දෙනාද එ් මඟ යන්නේ? (නි)
ජනතාවගේ ගෙවල් පිරිසිඳු කරනවා වගේම ජනතාවගේ හිතත් පිරිසිඳු කරන්න. අපේ ගොඩක් අයගේ මොලේ පිරිසිදු නිසා හොඳට තේරෙනවා කරන්න ඕන මොකක්ද කියන එක. නමුත් ජවිපෙට තියෙන කැමැත්ත චන්දයක් බවට පත්වෙන්නේ නැත්තේ අවසාන මොහොතේදී හිතට වහල්වෙලා පරණ පුරුදු විදිහටම චන්දෙ දීල එන නිසා. මෙගොලන්ටත් අවස්ථාවක් ලැබෙනවානම් තමයි හොඳ.(බ)
යුද බිමකට සරිලන සෙනෙවියානෝ... රජෙකැයි අපට නොසිතෙන මහා රජානෝ... (නි)
දුම්රිය පාර සාදාදුන්නේ නුඹයි පුතේ... වැව් දස දහසක් අලුත් කළේ නුඹයි පුතේ... පාලම් බෝක්කු සැදුවේ නුඹයි පුතේ... පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ... (නි)
සුනාමි ඇවිත් විනාශ වෙච්ච බස්නැවතුම්, කෝච්චි පාරවල්, ගෙවල් දොරවල් පවා ජේවීපී එකෙන් ඉතා ඉක්මනින් යථා තත්වයට පත්කරලා දුන්නා. ඉතාම හොඳ කර්තව්‍යයක්. දේශපාලනික වශයෙන් ජේවීපී එකට අකමැති වුනත්, මෙයාලා හොඳ දේවල් කරල තියෙනවා රට විපතට පත්වුණු හැම වෙලාවෙම. (බ)
බලාගෙනයි! වටිනා කියන දේවල් පරිස්සම් කරගන්න. (නි)
මිනිසුන් රවටන්න එපා මහත්තයෝ. ඕවා හොඳ වැඩ. නමුත් රඟපාලා රවටන්න එපා (නි)
ඉතාම සද්භාවයෙන් මේ කාර්ය ඉටුකරන්නේ ඔබලා පමණයි. ඉහත සදහන්වුනා ඡන්දයකදී ඡන්ද නෑ කියලා සුනාමියෙන් විනාශවු දුම්රිය මාර්ගය හා ගාල්ල බස්නැවතුම්පොළ වැනි දෑ කළෙත් මොවුන්ම තමා (බ)
දම්ම,සුසන්ත, ඔබලා හරි. බණ්ඩාරලා තවමත් කඩේ යනවා (නි)
ලංකාවේ අයට ඕව හරියන් නෑ බොරුව තමා ඕනේ.. බොරුවට ඡන්ද වැඩිය (බ)
මේවා ඉතාම හොඳ වැඩ, අගය කරන්න ඕන.ඉස්සර අපේ සහෝදරවරුන් කාලේ මේවා තමයි. දැන් කරන්නේ මොනවද? (බ)
71 ට 89 ට යන්නේ නැතිව ඔහොම ඉදිරියට යනවානම් කොච්චර හොඳද. (බ)
මේ රට පාලනය කරන නායකයෝ මන් දැක්කා සෙල්පි ගහ ගහ ජපන් යනවා,එ්ත් අනුර කුමාර මහතා මුළු ලංකාවටම ආදර්ශයක් දුන්නා,,එය හරියටම සින්ගප්පූරුවේ ලී කුආන් යූ වගේ ආදර්ශමත් දෙයක්,,මෙය බලන හැමදෙනාටම ම කියන්නේ ලබන ජනාධිපතිවරණයේ අපි මොවුන්ට අවස්ථාවක් දී බලමු. (බ)
ජවිපෙ මහින්දට නිර්දය ලෙස පහර දෙනවිට හුරේ තිබ්බේ යූ එන් පී කාරයෝ. ජවිපෙ හිතුවේ එයාලටයි හුරේ තිබ්බේ කියලා. ඡන්ද ප්‍රතිපලය එය මනාව පෙන්නුම් කළා. ජවිපෙ කොච්චර හොඳ වුනත් ඡන්ද ගන්න දන්නේ නැහැ. (බ)
අපේ රටේ මිනිසුන්ගේ දේශපාලන චින්තනය තවම ජවිපෙ මට්ටමට පැමිණ නැත. දේශපාලන වහල්භාවය විසින් අපේ මිනිසුන්ගේ බුද්ධිය හීන කර ඇත. එය ජවිපෙ වරදක් නොවේ. (නි)
අනිත් අය වගේ බොරු නොකියන නිසා මොවුන්ට ඡන්දය දෙන්නේ නැහැ (නි)
ජේ.වී.පී. දේශපාලන මතවාදය ගැන එකඟවීම ප්‍රශ්නාර්ථයක් වුවද ඔවුනගේ මේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති තුළින් ඔවුන් සමාජයට දෙන උතුම් ආදර්ශය නොපැකිළවම අගය කරමි. පසුගිය මැයි පෙළපාලි උත්සවය අවසන් වී රැස්වීම් භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ ආදර්ශයත් මේ අවස්ථාවේදී නිතැතින්ම මගේ මතකයට එනවා. (නි)
අනේ ධම්ම, මේවා ඡන්ද ගන්න කරන වැඩ නොවේ. කතිර ඡන්දෙ නැතුවට ජනතාවගේ හදවතේ ඔවුන් ඉන්නේ ඉහළම තැන (නි)
ධම්ම, සිල්වා, ලංකාවේ මිනිසුන්ට ඕනෑ වහල්ලු වගේ ජීවත්වෙන්න. රටක සංවර්ධනයක් කරන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. එ්ත් අපිට දුක මිනිස්සු හිතාගෙන ඉන්නේ සමහර නායකයෝ ගෙදරින් ගෙනවිත් හැදුවා කියලා. (නි)
ජවිපෙ නායකයනි, මොනතරම් වේදිකාවල කැගහුවත් ඒවායින් වාසි ලබන්නේ ප්‍රධාන පක්ෂ දෙකේ අය. ඔවුන් කවදාවත් ජවිපෙට ඡන්දෙ දෙන්නේ නැහැ. හොඳම දෙය තමයි අලුතෙන් එකතුවෙන ඡන්ද ලබා ගැනීමට තාක්ෂණය යොදාගෙන උපායශීලී අලුත් වැඩපිළිවෙලක් සකසන්න. (නි)
අගය කළයුතු වැඩක්. (නි)
කවදත් ජ.වි.පෙ. ජනහිතකාමී පක්ෂයක් බව රටම දනී. කෝ බෙරිහන් දෙන අනික් උදවිය? කටින් බතල කොළ තමයි (නි)
මෙන්න වැඩ. කෝ කයිවාරුකාරයෝ? හොයාගන්නත් නැහැ (නි)
මහින්දලාගේ අර ඒකාබද්ධ විපක්ෂයක්ද මොකද්ද තිබුණනේ. එ්ක කෝ මේ වෙලාවේ? (නි)
ජේ.වී.පි.යට ජයවේවා! (නි)
ඔබට අපේ උපහාරය! (නි)
මේගොල්ලෝ මෑතකදී තම සාමාජිකයන්ට අමුඩ ගස්සලා මහා පාරේ අරන් ගියා. හැබැයි නායකයෝ ටික හොඳට කලිසම් ඇඳලා අහිංසක අමුඩකාරයින්ව ගෙනගියා. බොරු මාක්ස්වාදය කරේ තියාගෙන තරුණ පරපුර විනාශ කරන, කිසිම ප්‍රතිපත්තියක් නැති මොවුන්ට ජනතාව ඡන්දෙ දෙන්නේ නැහැ (නි)
මේවා මාධ්‍ය සංදර්ශනය නෙමෙයි නේද? (නි)
අනේ ටිකිරි ඔයා දන්නා ලී කුආන් යු? (නි)
බලන්න වැඩ කරන අයගේ අත් දිහා. මේ වගේ වෙලාවක වැදගත්ම වෙන්නේ සෞඛ්‍යාරක්ෂිත වීම. එ්ක ගැනත් මෙයාලා වැදගත් පණිවිඩයක් දීලා තියෙන්නේ. (නි)
හොඳ වැඩක්. ජවිපෙ ගැන මිනිස්සු හිතාගෙන ඉන්න විදිහ වෙනස්. දන්නෝ දනිති. මේගොල්ලන්ට අඩුම තරමේ එක පළාතක් දීලා බලන්න ඕනෑ. (නි)
ධම්ම, දේශපාලන පක්ෂයක හොඳ නරක නිර්ණය කරන්නේ ඒ පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුව නෙමෙයි. ජවිපෙ මෙච්චර අවුරුදු ගානක් බලයක් හම්බ නොවුණත් මේ ව්‍යාපාරයේ ඉන්න එකට ගෞරව කරන්න. (නි)
ජවිපෙ ඡන්ද ගන්න දන්නෙ නැහැ නොවෙයි, මිනිස්සු ඡන්දෙ දෙන්න දන්නෙ නැහැ (නි)
මේවට රැවටිලා මොවුන්ට ඡන්දෙ දෙන්න නම් එපා (නි)
කවදත් ඔබ සැම ජනතාව සමඟ ඉන්නවා. මට දුක අැයි ජනතාව ඔබ සමඟ නොඑන්නේ? හැබැයි මම අද තීරණය කළා මම වෙනස් වෙන්න. අනිවාර්යෙන්ම ඔබට සහය දෙන්න. මන්දයත් හොරකම, වංචාව, බොරුව, රැවටීම රජයන මේ රටේ දේශපාලනය වෙනස් කරන්න ඔබ දරන වෑයම වචනයෙන් කිව නොහැකි නිසා (නි)
මේ ලංකාවේ සුමුදු වගේ හැමදේටම කුහක විදියට බලන අයත් ඉන්නවා. (නි)
සුසන්ත, ඔවුන්ගේ මහින්ද විවේචනයේ රිද්මය/ස්වරය සුළු වෙනසක් කළා නම් අද ප්‍රධාන විරුද්ධ පක්ෂය ජවිපෙ වනවාට කිසිදු සැකයක් නැහැ. ජවිපෙට රතු අලි කියන තරමට ඔවුන් යූඑන්පියේ බළල් අතක් ලෙස මැදිහත් ජනතාවට පෙනුනා. (නි)
අගය කිරීමට වටිනා දෙයක් (නි)
අනේ අනේ සුමුදුගෙ කුහකකම! (නි)
අවවාදයට වඩා ආදර්ශය උතුම්. ඇත්තටම මේ කරන දේ ගොඩක් හොඳයි (නි)
මේ අය තමා මොනවාහරි දෙයක් කරන්නේ. අනික් අය එන්නේ සෝබනේට (නි)
එක පාරක් හොඳට මිනිස්සු ඡන්දය දීලා ගත්ත ඇමතිකම් හරියට කරලා පෙන්නුවේ නැති නිසා, නැවත වතාවක් මිනිස්සු මෝඩ වැඩ කරන්නේ නැහැ. මේ ගොල්ලන්ගේ නායකයෝ කතාව විතරයි. ලොක්කෝ කියන විදියට පහළ සාමාජිකයෝ පෝස්ටර් ගහනවා නැත්නම් වැඩ කරනවා. (නි)
සුමුදු, ඔබ ඉල්ලන්නේ රටේ මහජන ධනය හොරා කන පල් හොරුන්ද? ජවිපෙවත් නොතිබුනොත් හොරුන්ට ලංකාව නියම තෝතැන්නක් වෙයි හොරා කන්න (නි)
සුනාමියෙන් පසුවද දකුණු දුම්රිය මාර්ගය පිළිසකර කිරීමට අවුරුදු ගණන් යන බව පණ්ඩිතයන් ප්‍රකාශ කළද ජවීපෙ මාස තුන හතරකින් එම දුම්රිය මාර්ග පිළිසකර කර දුන් බව කෘතවේදීව සිහිකරමු (නි)
බලය ගන්න ඕනෑ ජරා වැඩක් කරන දේශපාලුවෝ අතරේ ඔබලා බලය ලබාගැනීමට යොදා ගන්න මෙම උපක්‍රම ඉහළින් අගය කරමි. නමුත් මැතිවරණයකදී ජනතාව ඔබලාගෙන් දුරස්වීමට හේතු සොයා බලා ඒවාට පිළියම් යොදා නව ප්‍රතිසංස්කරණ හරහා අඩුපාඩු හදාගෙන ඉදිරියට ආවොත් මීට වඩා ප්‍රතිපල ලබාගත හැකි වේවි. මගේ අදහස නම් පහුගිය කාලයේ ජවිපෙ තෝරාගත්ත දේශපාලන උපක්‍රම නිවැරදි නැහැ. (නි)
ගෙදර නම් කොස්සක්වත් අල්ලන්නේ නැතුව ඇති (නි)
ජවිපෙ ට ඡන්ද නොලැබෙන්නේ එයාලගේ වැරැද්දකට නොවෙයි. අපේ රටේ ජනතාවට පුරුදු කරලා තියෙන්නේ තාවකාලිකව ලැබෙන වාසි වලට සහ බඩගෝස්තරය වෙනුවෙන් ඡන්දෙ දෙන්න. ඉතින් එ්ක එයාලා කරනවා (නි)
අඩුම තරමේ ඊළඟ ප්‍රාදේශීය සභා ටික ජේවීපී එකට දෙන්නකෝ. එයාලා අවුරුදු 2න් ගම හදලා දෙයි. ඊටපස්සේවත් රටේ පාලනය දෙන්න. අඩුම තරමේ ඔයාලගේ දරුවන්ට රටක් ඉතිරිවේවි (නි)
ධම්ම, සුසන්ත දෙන්නම ඒකාබද්ධ විපක්ෂයේ බළල් අත් දෙකක් කියලයි හිතෙන්නේ (නි)
මේ ලංකාවේ සුමුදු වගේ හැමදේටම කුහක විදියට බලන අයත් ඉන්නවා. නමුත්, අගය කළයුතු වැඩක් (නි)
මගේ ඡන්දෙත් ඉදිරි මැතිවරණයේදී ඔබේ පක්ෂයට. (නි)
ඉතා විශිෂ්ටයි. කවදත් මෙයාලා මේ දේවල් කළා. නමුත් අපේ මිනිසුන්ට පක්ෂ බදාගෙන ඉන්නවා මිසක් හොඳදේකට කවදාවත් හොඳයි කියන්නේ නැහැ. (නි)
වැඩ කළාට වැඩක් නැහැ. මොකද මෙයාලා ප්‍රතිපත්තියක් නැති මිනිස්සු. කාලෙන් කාලෙට එක එක දේවල් කියනවා. (නි)
සුමුදු සුවඳක් වෙන්නේ කොහොමද... ලගින ඔය කුණු ගොඩේ සිට, එන්න මාවත විවර කරගෙන... ජීවයක අසිරිය විඳින්නට, මිනිස් හදවත් වෙත නුඹත්... (නි)
මේ වෙලාවේ ඡන්දයක් අහලකවත් නැහැ. ඡන්දෙ ගන්න නම් මේවා කරන්න උවමනා නැහැ. මේවා මනුස්සකම්. මනුස්සකම තියන නායකයින්ට කළයුතු දේ තේරෙනවා. මේ වැඩේ ඉහළින්ම අගය කළයුතුයි. (නි)
මම ධම්ම කී දේ ගොඩක් දුරකට පිළිගන්නවා. (නි)
සුමුදු වගේ අය ඉන්නකම් මේ රට හදන්න බෑ. ජ.වි.පේ කවදාවක් කාවවත් රවටපු පක්ෂයන් නොවෙයි. ඒ අයට බලය නොලැබෙන්නේ අපේ පවට.(බ)
නියමයි. ජයවේවා! (නි)
උගත් බුද්ධිමත් ජනතාවගෙ ප්‍රසාදයත් ඡන්දයත් ලැබෙන එක කිසිම කෙනෙකුට නවත්තන්න බැහැ. මාගේ හද පතුලෙන්ම ප්‍රණාමය! (නි)
හෙට රටට ඇවැසි ඔබයි (නි)
ඕවා හොඳ වැඩ සද්භාවයෙන් කරනවා නම්. කොහොම වුණත් ඡන්දෙ නම් ලැබෙන්නේ නැහැ (නි)
මොනවා වුණත් හොද දේට හොදයි කියමු. අපේ රට අපේ මිනිස්සු. (බ)
අපේ උපහාරය !(හේ)
මේ නවතම රඟදැක්මක්. කාලෙන් කාලෙට වෙනස් වේවි එනවා. කොහොම ආවත් මිනිසුන් හොඳට හඳුනන නිසා වටිනා ඡන්දෙ දෙන්න තරම් මෝඩ නැහැ (නි)
ඇත්තටම මේ කරන දේ ගොඩක් හොඳයි.(හේ)
අවවාදයට වඩා ආදර්ශය උතුම් (බ)
ජනතා පෙරමුණේ සහෝදරවරුන් ජනතාවගේ හිත දිනාගෙන මොනතරම් වැඩ කළත් ඡන්දයකදී ජනතාව දුරස් වෙන එක තමයි මට තිබෙන ප්‍රශ්නය? (බ)
මෙන්න නියම නායකයෝ. අපේ අචාරය ඔබලා සැමට (බ)
අපේ ආදාරය.(හේ)